මීළඟට රටේ නියත ජනාධිපතිවරයා වන්නේ සජිත් ප්‍රේමදාස මහතා බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා සඳහන් කරයි.
රණසිංහ ප්‍රේමදාස මහතා 93 දී සංවර්ධනය කල හැකි වූවානම් ඔහුගේ පුතාට එවන් 10 ගුණයක් සංවර්ධනය කළ හැකි බවද හෙතෙම පැවසීය.
රණසිංහ ප්‍රේමදාස මහතා නැවතූ තැනින් ආරම්භ කර රට දහගුණයක් සංවර්ධනය කර පෙන්වීමට සූදානම් බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
සමගි ජන බලවේග ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.