මේ දවස්වල කාගෙත් කතාබහට ලක්වන ජනප්‍රිය නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි සම්බන්ධයෙන් ඊයේත් කතාවක් ඇදිලා ආවා.
ඒ ඇය විකුණන ලද වාහනයක් සම්බන්ධව. කොහොම නමුත් මේ අලුත් කතාවත් එක්ක තමන්ට එල්ල වන චෝදනා ගැනත් පියුමි පැහැදිලි කිරීමක් කරලා.
ඒ, සිය සමාජ මාධ්‍ය වේදිකාවන් ඔස්සේ.
”මම වාහනෙ විකුණලා ඉවරයි අප්පා
මාව අල්ලන් කන්නම හදනවා මට තේරෙන්නෙ නෑ. ඕක විකුණලා දැන් අවුරුදක් වෙනවා.
එයාලා සල්ලි බාගයයි දුන්නෙ. ඉතිං තාම මගෙ නමට තියෙන්නෙ. ඔය වාහනෙ කුඩු ඇදලත් නෑ.
ඔය වාහනෙ කුඩුත් එක්ක අහුවෙලත් නෑ. මම කුඩු විකුණලත් නෑ. මෙ දැනුත් කියනවා 100/1000 ක් මම නිවැරදියි.
මාර වැඩක් වුණානෙ දෙයියනෙ වාහනෙ විකුණන කොට උගෙ මුලු ජාතකෙම හොයලා වාහනෙ දෙන්න වුණා.
ගෝඨාභය සර් පැද්ද එකක් අරන් මට තාම කරදර.
මට මේ CID එකෙන් නම් ඉන්න දෙන්නෙම නෑනෙ. මොන කරුමක් උනානෙ මානසික නිදහසක් නැතුව ගියානෙ අප්පා මට.
අත්අඩංගුවට ගත්ත පුද්ගලයාගේ බිරිඳගෙ නමට ගත්තෙ. බිරිඳ මගෙ පරණම මිතුරියක්.
ඉතිං පස්සෙ හෙමිට සල්ලි දෙන්න කියලා මම දුන්නා.
ඒ මගෙ හැටි දන්න අය දන්නවා. ඉතිං එයාලා දෙපාරකට මට ලක්ෂ 50 ගාණෙ සල්ලි දුන්නා.
ඕක තමයි ඇත්තම ඇත්ත දෙවියනෙ. දැන් මාව හිතා මාතාම නොකරපු කුඩු මගුලකට සම්බන්ධ කරන්න මේ ගහන ගේම් එකක්.
හැබැයි සාප වෙනවා මේ කරන පවුකාර වැඩේට. මම නම් සාප ඉල්ලනවා. මාර කරුමයක් වුණානෙ”

.jpg?format=webp&w=1000&q=80)