සමගි ජන බලවේග රජයක් යටතේ අලි මිනිස් ගැටුම නිරාකරණය කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකසා අවසන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
ගොවි ජනතාව මුහුණ දෙන මෙම ගැටුම නිසා නිරාකරණයට මෙතෙක් පැවති කිසිදු රජයකට වැඩපිළිවෙළක් නොතිබූ බවද හෙතෙම පවසයි.
තම රජයක් යටතේ පළමු වසර පහක කාලය තුළ අලි මිනිස් ගැටුමට ස්ථිර විසඳුමක් ලබා දීමට කටයුතු කරන බවත් ඒ හරහා ගොවි ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් විසඳන බවත් හෙතෙම කියා සිටියේය.
ජාතික ඉඩම් පරිහරණ සැලසුමක් ඇති කර අලි මිනිස් ගැටුම අවසන් කිරීමේ පළමු පියවර දියත් කරන බවත් පවසන ඔහු වර්තමාන රජයට මෙම ගැටලුව ගෙන අවබෝධයක් හෝ දර්ශනයක් නැති බවද සදහන් කලේය.