Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home පුවත්

“නම් ගම් එලියට” තරග පාවාදීමේ පැටිකිරිය මෙන්න!

CMBNEWS by CMBNEWS
September 18, 2023
in පුවත්
0
“නම් ගම් එලියට” තරග පාවාදීමේ පැටිකිරිය මෙන්න!
0
SHARES
837
VIEWS
Share on FacebookShare on Twitter

මුදලට තරග පාවා දීමේ සිද්ධි පසුපස ක්‍රිකට් ආයතනයේ දූෂණ මර්දන ඒකකයේ පුද්ගලයන් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රවීණ ක්‍රීඩකයන්ද සිටින බවට හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද් සමඟ කළ සංවාදයෙන් කරුණු අනාවරණය වූයේයැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා වෙත දැනුම් දුන්නේය.

2020 වසරේ පැවති ප්‍රිමියර් ලීග් පළමු අදියරට සහභාගි වූ ක්‍රීඩකයන් දෙදනකු මුදලට තරග පාවා දීම සඳහා පෙලඹවීමට හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක බලපෑම් කිරීමේ සිද්ධිය  නැවත කැඳවූ අවස්ථාවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මේ බව දැනුම් දුන්නේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා:

ස්වාමීනි, සැකකරු ඉකුත් 6 වැනි දින අධිකරණයට ඉදිරිපත් කළා. එදින අධිකරණය ඇප නියෝග විශ්ලේෂණ වාර්තාවක් සිදු කරමින් දින නවයකට සැකකරු රක්ෂිත බන්ධනාගාර කළා. 13 වැනි දින රජයේ රස පරීක්ෂකවරයා වෙත සැකකරු ඉදිරිපත් කරන්න නියෝග කළා. රජයේ රස පරීක්ෂකවරයා එම කාර්යාලයේ යම් උපකරණයක දෝෂ සහිත බැවින් මේ කටහඬ පරීක්ෂාව එදින සිදු නොකර, වෙනත් දිනක සැකකරු රැගෙන ඒමට දින දී තිබෙනවා. සිද්ධියට සම්බන්ධ තරිඳු රත්නායක යන අයට ශැංග්‍රිල්ලා හෝටලයේදී විස්කි බෝතලය දුන් තැනැත්තා ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන එකකයට ඉදිරිපත් කරන බවට සැකකරු පසුගිය නඩු දිනයේ අධිකරණයට පොරොන්දු වුණා. ඒ අනුව පසුගිය 13 වැනි දින දොන් මුදිත නිරංග යන අය නීතිඥවරියක මාර්ගයෙන් විමර්ශනය ඒකකයට ආවා.

ඩුබායි සිට නිරෝධානයට ලක්ව 2023 ජනවාරි 29 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණි සැකකාර සචිත්‍රගෙන් ප්‍රකාශයක් ගන්න විමර්ශන ඒකකය ඔහුගේ නිවෙසට ගිය අවස්ථාවේ සැකකරු විමර්ශන නිලධාරීන් නිවෙසේ පිටත රඳවා පිරිසක් ඇති බව පවසා නිවස තුළට ගොස් පැය දෙකකට පසු නැවත පැමිණ ජංගම දුරකතන විමර්ශන නිලධාරීන්ට භාර දී තිබෙනවා.

විමර්ශනය සඳහා අවශ්‍ය වන දුරකතනය වෙනුවට ඔහු වෙනත් දුරකතනයක් දී, තමා වරින් වර සිම්පත් මාරු කරන බව විමර්ශන නිලධාරීන්ට ප්‍රකාශ දී තිබුණා.

2023 පෙබරවාරි මාසයේ අපේක්ෂිත ඇප අයදුම්පතක් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර, එය අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. පසුව අධිකරණ නියෝග මත සැකකරුගෙන් ප්‍රකාශ තුනක් පොලිසිය ගෙන තිබෙනවා. මොහු ස්වෙච්ඡාවෙන් විමර්ශනවලට සහාය දුන්නේ නෑ. අධිකරණ නියෝග මත පොලිසියට ගෙන්වාගත්තා. සැකකරු ඒ අවස්ථාවේදී තම පදිංචිය ලෙස 71/1, ග්‍රාමෝදය මාවත, පන්නිපිටිය ලිපිනය 171/1 ලෙස පොලිසියට දී තිබෙනවා.

තරිඳු රත්නායකට ෂැංග්‍රිල්ලා හෝටලයේදී විස්කි බෝතලය දුන් මුදිත තැනැත්තාගේ දුරකතන අංකයේ අවසන් අංක වෙනස් කර දී තිබෙනවා. මේ මුදිත කියන පුද්ගලයා සම්බන්ධ දුරකතන විශ්ලේෂණ වාර්තා කැඳවීමෙන් පසු ඔහු වාරියපොළ උසස් පෙළ සඳහා පෙනී සිටින මුස්ලිම් සිසුවකු බවට කරුණු අනාවරණය වී තිබෙනවා. සැකකරුගේ මෙවැනි ක්‍රියා මගින් මොහු තෙම්පරාදු වුණු පළපුරුදු අපරාධකරුවකු ලෙස හැසිරී තිබෙනවා. සැකකරු විමර්ශනකරුවන් මුළා කරමින් නොමඟ යවා විමර්ශනවලට වැරදි දත්ත දී තිබෙනවා. සැකකරු මුරුසියේ බෝට්ටු පැදලා ජංගම දුරකතනය ගඟට වැටුණු බවට ප්‍රකාශ දී තිබුණා. මේ බෝට්ටු සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රීඩකයන් තුන් දෙනකු වූ අජන්ත මෙන්ඩිස්, චාමර කපුගෙදර, රජීව් වීරසිංහ පොලිසිය වෙත ප්‍රකාශ දී තිබෙනවා. සචිත්‍ර සේනානායක තමන් සමඟ එකම හෝටලයක සිටි බවත් කිසිම අවස්ථාවක සිය ජංගම දුරකතනය ගඟට වැටුණු බව තමන් හමුවේ ප්‍රකාශ නොකළ බවත් ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

සැකකරු ධම්මික ප්‍රසාද් සමඟ විනාඩි 49ක දුරකතන සංවාදයක යෙදී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ධම්මික ප්‍රසාද් විසින් කණ්ඩායම් කළමනාකරු දැනුවත් කිරීමෙන් අනතුරුව කණ්ඩායම් කළමනාකරු විසින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කර තිබෙනවා. පසුව ක්‍රීඩකයන් විසින් බුකීකරුවන්ගෙන් ආ ජාත්‍යන්තර ඇමතුම බ්ලොක් කර තිබෙනවා. ඉන් අනතුරුව ක්‍රීඩකයන් වෙත ඇමතුම් ලබා ගන්නවා සැකකාර සචිත්‍ර සේනානායක: -මෙසේජ් අවුල මොකක්ද? -නම්බර් බ්ලොක් කළාද? -ඇන්ජලෝ අයියට කියලා මැනේජර්ට කිව්වද? -ඇන්ටි කරප්ෂන් දීලද? -මම වර්ඩ් එකක් දැම්මා. කාටවත් කියන්න එපා. මෙහි වර්ඩ් එක කියන්නේ ස්වාමීනි, විස්කි බෝතලය ගෙනත් දෙන්නම් කියන එකයි. ධම්මික ප්‍රසාද්: මෙහෙම දේවල් කළොත් අපේ ළමයින්ටත් සහගහනවා. -සැකකාර සචිත්‍ර සේනානායක: (හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනකුගේ නම් සඳහන් කරමින්) ඒ අය වගේම ක්‍රිකට් බෝර්ඩ් එකේ දූෂණ මර්දන ඒකකයේ අයත් මේ ගේම් එකේ ඉන්නවා. සැකකරු (දිලීප පීරිස් මහතා හිටපු ජනාධිපතිවරයකුගේ නමක් සඳහන් කරමින්) ජනාධිපතිගේ ළමයිත් ඔය හොඳට ඉන්නේයැයි පවසමින් මේ වරදට උත්තේජනයක් සපයා තිබෙනවා. ස්වාමීනි, මොහු වීරත්වයෙන් චණ්ඩිකමින් ලියුම් ලියලා ජනාධිපති නීතිඥ සහාය ගෙන විමර්ශකයන් නොමඟ යවන පුද්ගලයෙක්. කොළඹ හා දඹුල්ල කළමනාකරුවන් හා ක්‍රීඩකයන් පහළොස් දෙනකු ක්ලබ් එකකට ගෙන ගොස් මාස් පතා සාද පවත්වමින් ඔවුන්ට වියදම් කරන බවට මුදිතගේ ප්‍රකාශවලින් කරුණු අනාවරණය වූ බව සඳහන් කළ දිලීප පීරිස් මහතා මේ ක්‍රීඩකයන් කවුරුන්ද? මොවුන් මෙහෙයවූ අය කවුරුද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පැවැත්විය යුතු බැවින් සැකකරුට ඇප ලබා දීමට විරුද්ධත්වය පළ කරන බව සඳහන් කළේය.

සැකකාර සචිත්‍ර සේනානායක මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා පෙනී සිටිමින්:

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සමයේ සිදු වූ පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශන ඒකකය අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබෙනවා. ඇලෙක්ස් මාෂල්ගේ පැමිණිල්ල අනුව මෙහි විමර්ශනය සිදු කර තිබෙනවා. මොහුගේ වටපිටාව සොයා බැලුවොත් ඔහු සම්බන්ධයෙනුත් වංචාවන් සඳහන් වෙනවා. වැරදි ලිපිනයක් දුන්නා නම් නිවෙස සොයාගත්තේ කොහොමද? ඒ සම්බන්ධයෙන් සටහන් යොදලා තිබෙනවාද? කටහඬ පරීක්ෂාවට සැකකරු ඉදිරිපත් කිරීමට දින පහකට පෙර නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂක වෙත යොමු කළ යුතුයි. එහෙත් පොලිසිය එය සිදු නොකර, සැකකරු නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ අරමුණින් ක්‍රියා කර තිබෙනවා. මම දන්න මුදිත ගැන තමයි කිවුවේ. වෙන මුදිතලා ගැන මම දන්නේ නෑ එක්තරා ප්‍රමාණයකට විමර්ශන අවසන් වෙලා තියෙනවා. මගේ දුරකතන තුනක් දීලා තියෙනවා. ක්‍රීඩකයන් පස් දෙනකුගේ ප්‍රකාශ ලබාගෙන තිබෙනවා. මීට අමතරව හය වතාවක් විදේශගතව නැවත මම ලංකාවට පැමිණ තිබෙනවා. ස්වාමීනි, අධිකරණය මඟ හරින්න විමර්ශනවලට සහාය නොදක්වන හේතුවක් නැහැ අපි දිගටම සහාය දී තිබෙනවා. ඒ අනුව ඕනෑම කොන්දේසියක් මත ඇප ඉල්ලා සිටිනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා: අධිකරණයට ගොනු කළ දිවුරුම් ප්‍රකාශ ඊයේ බන්ධනාගාරයේදී අත්සන් කර තිබෙනවා. වැරදි ලිපිනයක් දීලා තිබුණා. ඉබියතුරු දමා වසා තිබූ නිවෙසේ වීඩියෝ පට තිබෙනවා (යැයි පවසමින් වීඩියෝ පට අධිකරණ භාරයට පත් කළේය). මුදිත යන අයගේ දුරකතන අංකයත් වරදවා දීලා තිබුණා. මෙලෙස ක්‍රියා කළ අයට ඇප දීමට මා තදින් විරුද්ධයි.

මහේස්ත්‍රාත්:

ඇප පනතේ 14(1)අ වගන්ති අනුව සැකකරු සාක්ෂිකරුවන්ට බලපෑම් කළ බවට අධිකරණයට කරුණු ඉදිරිපත් නොවුණු බව පෙනේ. එහෙත් සැකකරු ඉදිරිපත් කළ පුද්ගලයා වෙනත් පුද්ගලයකු බවට කරුණු අනාවරණය වන බැවින් එම පුද්ගලයා කවුරුන්ද යන්න විමර්ශන කිරීමට අවශ්‍ය බවට පැමිණිල්ල අධිකරණයට කරුණු දක්වයි. ඔහුගෙන් අනාවරණය වූ කරුණු අනුව සැකකරුගෙන් නැවත ප්‍රකාශයක් ලබාගෙන විමර්ශනය සිදු කිරීමට අවශ්‍ය බවට විමර්ශන ඒකකය දැක්වූ කරුණු අනුව සැකකරුට ඇප දීම ප්‍රතික්ෂේප කරමි.

යුක්තිය ඉෂ්ට කිරීමට බාධා ඇති වේයැයි හැඟෙන බැවින් ඇප දීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා මේ මස 19 වැනි දින බන්ධනාගාරය තුළදී සැකකරුගෙන් ප්‍රකාශකයක් ගැනීමට ක්‍රීඩා වැරදි විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට අවසර දෙන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කරමින් සැකකරු මේ මස 25 වැනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

සිරන්ජනී කුමාරි
– Dinamina

Previous Post

බංකොලොත් රජයේ ක්‍රමය වෙනස් වෙයි?

Next Post

“තිලීපන් සැමරුම” සෙන්දිල්ගෙන් ප්‍රකාශයක්!

CMBNEWS

CMBNEWS

Next Post
“තිලීපන් සැමරුම” සෙන්දිල්ගෙන් ප්‍රකාශයක්!

"තිලීපන් සැමරුම" සෙන්දිල්ගෙන් ප්‍රකාශයක්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

March 2, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (752)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.