ඉදිරියේ පිහිටුවන ජාතික ජන බලවේග ආණ්ඩුවක කැබිනට් අමාත්‍ය ධූර බෙදී යාම සම්බන්ධයෙන් එම පක්ෂය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා අදහස් පලකර තිබෙනවා.
තම ආණ්ඩුව විසින් අමාත්‍යංශය මෙහෙයවනු ලබන්නේ සාමූහික කණ්ඩායමක් විසින් බව පෙන්වා දෙන අනුර කුමාර දිසානායක මහතා ඉන් නිශ්චිත පුද්ගලයෙකු ඇමති ධුරය දරනු ඇති බව පෙන්වා දෙනවා.
හෙතෙම මේ අදහස් පළ කළේ බීබීසී සිංහල සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.
එහිදී මාධ්‍යවේදියා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක කැබිනට් මණ්ඩලය කෙසේ වේවිදැයි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේ මෙරට ඉතිහාසය ශක්තිමත්ම සහ ඊට සුදුසුම කැබිනට් මණ්ඩලය තම පාලනයක් යටතේ ස්ථාපිත කරන බවයි.
ඒහිදී අනුර කුමාර දිසානායක මහතා විසින් අමාත්‍යංශයන් කිහිපයක් සඳහා යෝජනා කරන ලද පුද්ගලයන් වන්නේ,
සෞඛ්‍ය අමාත්‍යාංශය – විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, නලින් ද ජයතිස්ස, මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන
අධ්‍යාපන අමාත්‍යංශය – උපාලි පන්නිල, හරිනි අමරසූරිය, අචාර්ය අරුණ කරුණාතිලක
මුදල් අමාත්‍යාංශය (ආර්ථික) – මහාචාර්ය අනිල් ජයන්ත, මහාචාර්ය හර්ෂණ, මහාචාර්ය සීතා බණ්ඩාර, සුනිල් හඳුන්නෙත්ති, වසන්ත සමරසිංහ
ප්‍රභූ තන්ත්රයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිනවා ද? නැතිනම් පොදු ජනතාවගේ වුවමනාවට පෙළ ගැසෙනවා ද? යන්න ගැන රටේ ජනතාව තීන්දුවක් ගත යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් කියා සිටියා.
”ප්‍රභූ තන්ත්රය රකිනවා ද? පොදු ජනතාවගේ උවමනාවට පෙළ ගැසෙනවා ද? කියන එක අතර ගැටුම තමයි අනාගත දේශපාලන ගැටුම. ඒ නිසා මම හිතන්නේ මේ නිමේෂයේ දී නම් අපේ රටේ කිසිදු පුරවැසියෙකුට තමන් ස්වාධීනයි, අපි පැත්තකට වෙලා ඉන්නවා කියන මතය නියෝජනය කරන්න බෑ. එක්කෝ මේ ආපු දූෂිත ප්‍රභූ තන්ත්රයේ ආරක්ෂාවට යන්න ඕනා. එක්කෝ පොදු ජනතාවගේ වුවමනාවට එන්න ඕනා.” යනුවෙන් අනුර කුමාර දිසානායක කියා සිටියා.