නිර්මාණශීලීත්වයක් නැති නායකයින් ඉන්න. රටේ දරුවොයි, ඉපදෙන්න ඉන්න දරුවොයි ඔක්කොම උකසට තබන නායකයින්ගෙන් අපිට වැඩක් නෑ.සහනාධාර මත යැපීමට පුරුදු කරන ආණ්ඩුවක් වෙනුවට මනා කළමනාකරණයක් තුලින් රට ගොඩනගන ආණ්ඩුවක් ගොඩ නගා ගත යුතු යැයි මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.
‘ව්‍යවසායකත්ව රාජ්‍යයක් තුළින් සතුටු දැයක් උදෙසා“ යන අරමුණ පෙරදැරි කරගෙන මාතර ග්‍රෑන් නැව්රෝ හොටලයේ පැවති “ මව්බිම ජනතා පක්ෂයේ මාතර දිස්ත්‍රික් සමුළුම අමතමින් ඔහු මෙලස කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර මෙසේ ද පැවසීය.
” පුහු මිනිසුන් වටකරගෙන තනාගත් ආණ්ඩුව ඊලඟ IMF වාරිකය ගන්න පුංචි දරුවන්ගේ පුංචි කවකටු පෙට්ටියටත් අද වැට් එක ගහලා. රුපියල් දෙදහස් පන්සියයයෙන් පවුලක් නඩත්තු කරන්න පුළුවන් කියන ගොබ්බ ආණ්ඩුවක් මේක. ණය කළමනාකරණය කියන්නේ මගේ ජීවිතයේ එක කොටසක්. වසර තිහක් පුරා මගේ ව්‍යාපාර ක්ෂෙත්‍රයේ ඇඟේ තියෙන එකක්. ණය කළමනාකරණය කළයුත්තේ ඒ සඳහා නිපුත්වයක් ඇති පිරිස මිස කටමැට දොඩවන අය නොවෙයි. අපිට වැරදුන තැන් ගැන වැලපෙමින් ඉන්නේ නැතිව අපි සාම්ප්‍රදායික දේශපාලන මඩවලෙන් මිදී විධිමත් වැඩපිළිවෙළකට යායුතුව තිබෙනවා. සතුටු දැයක් ගොඩනැංවීම තුලින් අපි කරන්නට උත්සාහ කරන්නේ අන්න ඒ සාම්ප්‍රදායික ගමන් මගින් වෙනස්ව හරි ගමනක් තුලින් මේ රට ගොඩනැගීමයි. මේ රට ගොඩනැගීමටනම් සම්ප්‍රදායකව නොසිතා උපායමාර්ගික වැඩපිළිවෙළකට යායුතුව තිබෙනවා. එසේ නොමැතිව මේ රට ගොඩනගන්න බැහැ. අපි ඒ සඳහා සංවාදයකට යවා යුතුව තිබෙනවා. අද ලොකයේ සංචාරක කර් මාන්තය දියුණු වෙමින් තිබෙනවා. කලකට පෙර අපට අපට ලැබුණු සංචාරක ආදායම සියයට හතලිහකින් අඩුවී තිබෙනවා. එලෙස සිදුව ඇත්තේ අප රටට එන සංචාරකයින්ගෙ තත්වය මතයි. අපේ රටේ සංචාරක ව්‍යාපාරය සන්නාමයක් බවට පත්කළ යුතුව තිබෙනවා. එසේ නොමැතිව යන්න රටකත් නැතිම තැන ලංකාව තෝරාගන්නා තැනට නොවෙයි. සංචාරයට යන්න හිතෙන තැනක් ලෙස අපි සංචාරක ව්‍යාපාරය දියුණු කළ යුතුයි. ඒ රටට ඩොලර් ලැබෙන ශක්තිමත් කර්මාන්තයක් ලෙසයි. නිර් මාණශීලීත්වයක් නැති නායකයින් ඉන්න රටේ දරුවොයි, ඉපදෙන්න ඉන්න දරුවොයි ඔක්කොම උකසට තබන නායකයින් තවත් අපිට වැඩක් නෑ. මේ රටට අවශ්‍ය වන්නේ නිර්මාණශීලගී නායකයින්. අපි එකතුවිය යුත්තේ සාම්ප්‍රදායික වශයෙන් පරණ දේම කරන්නට නොව අලුත් දේ අරගෙන අලුත් විදියට හිතන නිර්මාණශීලී විදියට හිතය අයයි.නිර්මාණශීලීව මේ රට ගොඩනගන විට අනෙකුත් ජාතීන්, ආගම් අතර ගැටුම්, සිත්බිඳීම් ඇති කර නොගෙන ඒ දේ කරගත යුතුව තිබෙනවා. නමුත් මේ රටේ ඡන්දයක් එනවිට හැමදාම භාවිත කළේ මේ භේද ඇති කිරීමේ ක්‍රමයයි. ඉන් වාසි ගෙන දිනන්න ඒ අය උත්සාහ කළා. එම තත්වයට මින් ඉදිරියට ඉඩ නොදිය යුතුයි.
මමත් ඔය රතුපාට දම්පාට වෙන්න කලින් රතුපාට හොඳට තිබුණු කාලෙ පන්ති පහට ගිය කෙනෙක්. තවපාරක් මේ රට තුන්වැනි ලෝකයෙන් යම ලෝකයට ගෙනයන්න දෙන්න බැහැ. හොරු අල්ලන දූෂණයෙන් තේර සංකල්පය වෙනුවට හරි දේ දකින හරි දේ කරන හරි ගමනකට අපි එක්විය යුතුව තිබෙනවා. මේ අපි ගනිමින් ඉන්නේ එම උත්සාහයයි. මේ රටෙන් දූෂිතයින් ගෙන ගිය සම්පත් ටික නැවත රටට ගෙන ආ යුතුයි. ඒක වෙනම වැඩපිළිවෙළක්. අල්ලපු ගෙදර කෙනාත් හොරා කියා බලන එක නවත්වා ගොං කතා කියා රටේ ජනතාව ගොනාට අන්දවන ක්‍රමය මේ රටට තවත් අවශ්‍ය නැහැ.මේ රටේ ජනතාව රවටන දේශපාලනයක නිරත නායකයින් සුඛෝපභොගී ජීවිත ගතකරමින් අනුගාමිකයින් දුකසේ තබන දේශපාලන ප්‍රවාහය තමයි දම්පාට ප්‍රවාහය. මෙම ක්‍රමයට මම කැමති නෑ. ඒ නිසයි මම හරි දේ දැක හරි දේ වෙනුවෙන් එදා ඉන් ඉවත්වුනේ. දූෂණ වලේ ලැග අනෙකුත් දූෂිතයින්ටත් වඩා දූෂණ වැඩ කරමින් ඉන්වාට වඩා විධිමත් වැඩපිළිවෙළකට අපි යායුතුව තිබෙනවා. ඒ සඳහා එක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.රට ගොඩනැගීමටනම් මේ රටේ සභ්‍යත්වය ගොඩනැගිය යුතුයි. අපිට තිබූ අහිමිව ගිය සභ්‍යත්වය නැවත් මතුකර ගත යුතුයි. සිංහල බෞද්ධ සභ්‍යත්වය යනු ජාතික එකාබද්ධතාව මත මතුවූ සභ්‍යත්වයයි. අපි කල්පනා කලේ සියළු දෙනා නිදුක් වෙත්වා, නීරෝගි වෙත්වා සුවපත්වෙත්වා, දුකින් මිදෙත්වානම් අපි අතර ජාති භේද ආගම් භේද බෑ. අපි ව්‍යවසායකත්ව රාජ්‍ය ගොඩනැගිය යුත්තේ අන්න ඒ නිසයි. ”
මව්බිම ජනතා පක්ෂයේ සභාපති ආචාර්ය සරත් අමුණුගම මහතා ද මෙහිදී මෙලස කියා සිටියේය
” රට අගාධයෙන් ගොඩගන්න ශක්තිමත් සංවිධානයක අවශ්‍යතාව දැඩිව තිබෙනවා. එසේවීම රටට ශක්තියක්. මේ වෙනුවෙන් නැගීසිටින, පෙනීසිටින පක්ෂයක් තමයි මව්බිම ජනතා පක්ෂය. ඒ ජනතාවගේ පක්ෂයයි.මෙරට දරුවන්ගේ දැනුම ලෝකයේ ඕනෑම රටක ඕනෑම කෙනෙකු හා තරග කිරීමේ මට්ටමක තිබෙනවා. අන්න ඒ ශක්තිය අපි පෙරට ගත යුතුයි. අන්න ඒ සඳහා පිරිසිදු, දැන උගත් රටේ සල්ලි පිටරට වල බැංකුවල හංගන්නේ නැති, හොරකම, වංචාව නැති අවංක, රටට ආදරය ඇති නායකයකු පත් කර ගත යුතුයි. ඒ සියල්ල දිලිත් ජයවීර තුල තිබෙනවා.අපි මාතර ආවේ ව්‍යවසායකත්වයේ හදවත තියෙන්නේ මතර. ඉතාම දක්ෂ ව්‍යවසායකයින් ඉන්නේ මාතර. රටේ හැමතනම මාතර බත් කඩ තිබෙනවා. ඒකෙන්ම පේනවා ව්‍යවසායකත්වයට මාතර කෙතරම් කැපවීක් තියෙනවාද කියා. එය අපි හරි විදියට හරි දෙසට යොමුකළ යුතුව තිබෙනවා.
මව්බිම ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක අචාර්ය හේමකුමර නානායක්කාර මහතා ද මෙසේ පැවසුවේය
” රට වැටීතිබෙන අගාධයෙන් ගොඩගැනීම තමයි මව්බිම ජනතා පක්ෂයේ අරමුණ. එදා නායකයින් රටේ සමාජ බලවේගයේ පෙරගමන්කරුවන්ව සිටියත් පසුව ආ පිරිස් රටේ සම්පත් තම කුස පුරවා ගැනීම ට මඩි තරකර ගැනීමට ක්‍රියාකළා. අපි දැන් එක්ව එම තත්වය වෙනස් කර රටේ හෙට දවස ගැන හරිවිදියට හිතන හා සැලසුමක් ඇති පිරිසකට මෙය භාරදිය යුතුව තිබෙනවා. රටේ සම්පත් කොතරම් තිබුනත් පිටරටින් යැපෙන මානසිකත්වයකයි අපි සිටින්නේ. ඊට කදිම උදාහරණය තමයි රටේ හොඳට තෘණ හා කිරිගොවීන් කෙතරම් සිටියත් නවසීලන්තයෙන් කිරි ගෙන්වන රටක් මේක. අපේ අරමුණ රටේ කර්මාන්තවලට අතදී ඉහලට ගෙන රට ගොඩනගන වැඩපිළිවෙලට ශක්තිය ලබාගැනීම.ජාතික ජන බලවේගය මේ රටේ ආණ්ඩුකරන්න කෙකර ගානවා. එදා වමේ නයකයින් මරාදාපු අයයි මේ ආණ්ඩුකරන්න ඉල්ලන්නේ. ත්‍රස්තවාදී යන නාමය මේ රටට ආවේ 1971 දී එය රටට හඳුන්වා දුන්නේ ජනතා විමුක්ති පෙරමුණ. එදා තිබූ රතුපාට වෙනුවට අද දම්පාටට මාරුවුනත් කැලේ මාරුවුනාට කොටියාගේ පුල්ලි මාරු නොවන බව ජනතාව මතකයේ තබාගත යුතුයි.
මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ ද මෙහිදී වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය
” රට අද වැටී තිබෙන අගාධයෙන් ගොඩගැනීමට නම් හරි අරමුණු වෙනුවෙන් පෙනී සිටින පිරිස් තනිව නොගොස් ශක්තිමත් කණ්ඩායමක් ලෙස සංවිධාන වීමේ දැඩි අවශ්‍යතාව දැන් තිබෙනවා. එය නිවැරදි අරමුණක් වෙනුවෙන් සිදුකළ යුත්තක්. අපි පෙනී සිටිනේ උත්සාහගන්නේ ඒ වෙනුවෙන්. මේ සුබපැතුම් එක් කිරීමත් රට ගැන සිතා කරනා යහපත් උත්සාහයක්. එදා කොරෝනා සමයේ රටේ ආර්ථික අර්බුදයක් ගොඩනැගෙමින් තිබියදී අපේ පක්ෂයේ ඩිව් ගුණසේකර සහෝදරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවී කීවේ අපේ රටේ දක්ෂ වෛද්‍යවරුන් ට කොරෝනා ප්‍රශ්නයට සාර්ථක විසඳුම් සෙවිය හැකි බවත් ජනාධිපතිවරයා ඉදිරියේදී රටේ ඇතිවෙන්නට යන ආර්ථික අර්බූදයට මුහුණදීමට වැඩපිළිවෙලක් විද්වතුන් හා සාකච්ඡා කර සැකසිය යුතු බවත් කියා සිටියා. එහිදී කට කොනකින් සිනාසී සමච්චලයෙන් එය බැහැර කළ ඒ උද්දච්චකම පසුව රටම අමාරුවේ දැමූවා.”
මේ අවස්ථාව සදහා මහා සංඝරත්නය අන්‍යාගමික පූජා ප්‍රසාදීන්වහන්සේලා, මලල ක්‍රීඩක ෂෙහාන් අඹේපිටිය ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ..