නිතිය හා සාමය ආරක්ෂා කළ යුතුයි!
නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන්
ආණ්ඩුකාරවරයෙකු ලෙස රටේ සහජීවනය ආරක්ෂා කිරීමේ වගකීමක් තමා සතු වන බවත් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා පවසයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පවසා සිටියේ
දිලීපන්ගේ අනුස්මරණ පෙළපාළිය පාර්ලිමේන්තු මන්ත්රීවරයකු විසින් පොලිස් අවසරයකින් තොරව සිංහලයන් වෙසෙන ප්රදේශයකට ගෙන ගිය බවත්, එය ජාතීන් අතර සමගිය විනාශ කරන බවත්ය.
මේ වන විට රටේ පවතින ආර්ථික අර්බුදය තුළ පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ලෙස ඉතාමත් කල්පනාකාරීව කටයුතු කිරීමේ වගකීමක් තිබෙන බවත්, නොසැලකිලිමත් වීමෙන් රටේ සංහිඳියාව කඩාකප්පල් වන බවත්, එය රටේ නීතිය හා සාමයට තදින් බලපාන බවත් ප්රකාශ කර සිටියේය.
මින් ඉදිරියට රටේ සහජීවනයට බාධා වන ආකාරයේ කිසිදු ක්රියාවක් සිදු නොවීමට පියවර ගන්නා ලෙස ආණ්ඩුකාරවරයා විසින් පොලිසියට උපදෙස් දුන්නේය.