මහනුවර ඇසළ පෙරහර නැරඹීම සඳහා ආසන සොයා පැමිණෙන දෙස් විදෙස් පිරිස් දැඩි අපහසුතාවට පත් කරමින් අවසන් රන්දෝලි පෙරහර දින දෙකේ ආසන ඉතා වැඩි මිලකට අළෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට තොරතුරු වාර්තා වෙනවා.
මෙවර ඇසළ පෙරහර නැරඹීමට දෙස් විදෙස් ජනතාව වැඩි වශයෙන් උනන්දුවීම සැලකිල්ලට ගනිමින් පෙරහර ගමන් ගන්නා වීදි වල ඇති ව්‍යාපාරික ස්ථානයන්හි පෙර වසර වලට වඩා ආසන පැනවීම් සිදුකර තිබෙනවා.
ඇතැම් ස්ථාන වල පෙරහර ආසන තැරව්කරුවන් මගින් විදේශිකයින්ට මිලට ගැනීමට සිදුව තිබෙන්නේ රුපියල් 50,000 කටත් වඩා වැඩි මුදලකට වන අතර මෙම ගැටලුව සම්බන්ධව පෙරහර භාරය පෙරේදා (23) විශේෂ සාකච්ඡාවක්ද පවත්වා තිබෙන බව සඳහන්.
සිව්වන කුඹල් පෙරහර වීදී සංචාරය කළ ඊයේ (24) දිනයේ ස්ථාන ගණනාවක ආසන රුපියල් 12000- 20000 අතර මුදලකට අළෙවි කර තිබෙනවා.
රන්දෝලි පෙරහර වීදී සංචාරය කරන අවසන් දින දෙකේ පෙරහර ආසන රුපියල් 35,000-50, 000 අතර මිල ගණන් වලට අළෙවි කරන බවට වාර්තා වනවා.
පෙරහර ආසන ඉතා අධික මිල ගණන් වලට අළෙවි කිරීම සම්බන්ධව තමන්ටද තොරතුරු ලැබී තිබෙන බවත් මේ සම්බන්ධව සොයා බලා කඩිනමින් පියවර ගන්නා බවත් මධ්යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා පවසනවා.
එමෙන්ම පෙරහර ආසන පැනවීමේ ක්‍රියාවලිය ලබන වසරේ සිට නියාමනයකට ලක් කිරීමටද පෙරහර කමිටුව තීරණය කර තිබෙන බව සඳහන්.