පොහොර සහනාධාරය කප්පාදුව හේතුවෙන් ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් ගෙදර ඇරිය බවත් අද වන විට අසරණ ගොවීන්ට වගා කටයුතු සිදුකිරීමට ජලය නොදෙන වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුවට ද ගෙදර යවන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.
සමනලවැව විදුලි බලාගාරයට ජලය නොමැතිවීම හේතුවෙන් තව දින කීපයකින් සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වන බවත් නමුත් විදුලිය ලබාදීමට විකල්ප බලශක්ති ක්‍රම ඇති මොහොතක විදුලි කප්පාදුවක් සිදු වන බවට සදහන් කරමින් කංචන විජේසේකර ඇමතිවරයා ජනතාව බිය වද්දමින් සිටින බවට ඒ මහතා චෝදනා කරයි.
අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කර තිබේ.