එංගලන්ත කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ජිමී ඇන්ඩර්සන් ටෙස්ට් ක්‍රිකට්වලට සමුදීම සූදානම් වන බවට තොරතුරු වාර්තා වනවා.
මේ සම්බන්ධයෙන් කණ්ඩායමේ පුහුණුකරු බ්‍රෙන්ඩන් මැකලම් සමඟ සාකච්ඡා කර ඇති බවයි ද ගාඩියන් වාර්තා වෙබ් අඩවිය සඳහන් කළේ.
2025-26 වසරේ අළු බඳුන තරගාවලිය සඳහා නවකයින් සොයාගැනීමට කණ්ඩායම් කළමනාකාරීත්වය කටයුතු කරන බව සඳහන්.
මේ බව ජිමී ඇන්ඩර්සන් හට පෞද්ගලිකව දැනුම් දී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ඔහු තවදුරටත් අඛණ්ඩ දක්ෂතා අතර පසුවනවා.
නිමාවට පත් වූ ඉන්දීය සංචාරයේ දී ඔහු සිය 700 වැනි කඩුල්ල දවාගත්තේ, එවැනි දස්කමක් සිදු කළ ලොව තෙවැනිය බවට පත් වෙමින්.
කෙසේ වෙතත් ඔහු එහි දී පන්දුවාර 110ක් පමණ යවා ඇති බවයි, ක්‍රීඩා මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.
මේ අතර ලබන ජූලි මාසයේ දී බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ තරග තුනකින් සමන්විතව තරගාවලියක් පැවැත්වීමට නියමිතයි.
එමෙන් ම අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකා එංගලන්තයේ ටෙස්ට් තරගාවලියක් සඳහා සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
එහි පළමු තරග ඕල්ඩ් ට්‍රැෆර්ඩ්හි දී ආරම්භ වන අතර එය ජීමි ඇන්ඩර්සන්ගේ ක්‍රීඩා පිටිය ද වනවා.
එය ඔහුට ගෞරවනීය සමු ගැනීමක් ලබා ගත හැකි තරගාවලියක් වනු ඇති බවටයි ද ගාඩියන් හි දැක්වෙන්නේ.
2003 වසරේ දී ටෙස්ට් වරම් ලැබූ ඔහු මේ වනවිට 42 හැවිරිදි වියේ පසුවනවා.
වැඩිම ටෙස්ට් කඩුලු දවාගත් ලොව දෙවැන්නා වීමට ඇන්ඩර්සන් හට තවත් කඩුලු 09ක් අවශ්‍යයි.
ලොව වැඩිම කඩුලුලාභීයා වන මුත්තයියා මුරලිදරන් කඩුලු 800ක් දවාගෙන ඇති අතර කඩුලු 708ක් දවාගෙන ඇති ශේන් වෝන් එහි දෙවන ස්ථානයේ පසුවනවා.