අමාත්‍යවරුන් වුණ මහින්ද අමරවීර, ලසන්ත අලගිවන්න හා දුමින්ද දිසානයක යන මහත්වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දරන ලද තනතුරැවලින් ඉවත් කර ඇත.
මහින්ද අමරවීර මහතා පක්ෂයේ ජේෂ්ඨ උප සභාපති ධූරය දැරූ අතර දුමින්ද දිසානායක මහතා පක්ෂයේ ජාතික සංවිධායක ලෙස කටයුතු කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිතපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අද පක්ෂ මූලස්ථානයේ පැවැති හමුවකදී මේ බව දැනුම් දී ඇත.
කෙසේ වෙතත් මෙම නෙරපීම් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහින්ද අමරවීර, ලසන්ත අලගිවන්න හා දුමින්ද දිසානයක යන මහත්වරැන් සඳහන් කරති