ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවත් ඔහු කිසිදු පක්ෂයකට කොටු නොවී පොදු අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වනු ඇතැයි තමා සිතන බවත් සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.
එමෙන්ම ඔහු පවසන්නේ නැවත එක්සත් ජාතික පක්ෂය ප්‍රති නිර්මාණය කරන බවත් සජබය යනුත් එක්සත් ජාතික පක්ෂය වනු ඇති බවයි.
මේ අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සජිත් ප්‍රේමදාසගේ ක්‍රියාපිලිවෙත හේතුවෙන් කලකිරීමට පත්ව ඇති අතර ඔවුන් නැවතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක් වෙන බවත් පැවසෙනවා.
මේ සම්බන්ධව අදහස් දක්වමින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසන්නේ මැයි පළමුවැනි දින විශේෂිත දවසක් වනු ඇති බවයි
“සජබය කියන්නෙත් එක්සත් ජාතික පක්ෂයම තමයි, අපි දෙගොල්ලෝ එක වෙලාවකදි එකතු වෙයි. පොඩ්ඩක් බලන්නකෝ මැයි පලවෙනිදා මම දාන සෙල්ලම පොඩ්ඩක්” යැයි ඔහු ඊයේ (13) පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදින් හමුවේ නැගූ ප්‍රශ්ණ වලට පිලිතුරු දෙමින් පවසනු ලැබුවා.