Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home පුවත්

මේ රට තුන්වන ලෝකයෙන් යම ලෝකයට ගෙනයන්න දෙන්න බෑ!

පන්ති පහටම ගිය දිලිත්ගේ මාතර කතාව...

CMBNEWS by CMBNEWS
March 11, 2024
in පුවත්
0
“වැඩියෙන්ම දරදිය ඇද්දේ අනුර කුමාරට” දිලිත්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්!
0
SHARES
97
VIEWS
Share on FacebookShare on Twitter

නිර්මාණශීලීත්වයක් නැති නායකයින් ඉන්න. රටේ දරුවොයි, ඉපදෙන්න ඉන්න දරුවොයි ඔක්කොම උකසට තබන නායකයින්ගෙන් අපිට වැඩක් නෑ.සහනාධාර මත යැපීමට පුරුදු කරන ආණ්ඩුවක් වෙනුවට මනා කළමනාකරණයක් තුලින් රට ගොඩනගන ආණ්ඩුවක් ගොඩ නගා ගත යුතු යැයි මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

‘ව්‍යවසායකත්ව රාජ්‍යයක් තුළින් සතුටු දැයක් උදෙසා“ යන අරමුණ පෙරදැරි කරගෙන මාතර ග්‍රෑන් නැව්රෝ හොටලයේ පැවති “ මව්බිම ජනතා පක්ෂයේ මාතර දිස්ත්‍රික් සමුළුම අමතමින් ඔහු මෙලස කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර මෙසේ ද පැවසීය.

” පුහු මිනිසුන් වටකරගෙන තනාගත් ආණ්ඩුව ඊලඟ IMF වාරිකය ගන්න පුංචි දරුවන්ගේ පුංචි කවකටු පෙට්ටියටත් අද වැට් එක ගහලා. රුපියල් දෙදහස් පන්සියයයෙන් පවුලක් නඩත්තු කරන්න පුළුවන් කියන ගොබ්බ ආණ්ඩුවක් මේක. ණය කළමනාකරණය කියන්නේ මගේ ජීවිතයේ එක කොටසක්. වසර තිහක් පුරා මගේ ව්‍යාපාර ක්ෂෙත්‍රයේ ඇඟේ තියෙන එකක්. ණය කළමනාකරණය කළයුත්තේ ඒ සඳහා නිපුත්වයක් ඇති පිරිස මිස කටමැට දොඩවන අය නොවෙයි. අපිට වැරදුන තැන් ගැන වැලපෙමින් ඉන්නේ නැතිව අපි සාම්ප්‍රදායික දේශපාලන මඩවලෙන් මිදී විධිමත් වැඩපිළිවෙළකට යායුතුව තිබෙනවා. සතුටු දැයක් ගොඩනැංවීම තුලින් අපි කරන්නට උත්සාහ කරන්නේ අන්න ඒ සාම්ප්‍රදායික ගමන් මගින් වෙනස්ව හරි ගමනක් තුලින් මේ රට ගොඩනැගීමයි. මේ රට ගොඩනැගීමටනම් සම්ප්‍රදායකව නොසිතා උපායමාර්ගික වැඩපිළිවෙළකට යායුතුව තිබෙනවා. එසේ නොමැතිව මේ රට ගොඩනගන්න බැහැ. අපි ඒ සඳහා සංවාදයකට යවා යුතුව තිබෙනවා. අද ලොකයේ සංචාරක කර් මාන්තය දියුණු වෙමින් තිබෙනවා. කලකට පෙර අපට අපට ලැබුණු සංචාරක ආදායම සියයට හතලිහකින් අඩුවී තිබෙනවා. එලෙස සිදුව ඇත්තේ අප රටට එන සංචාරකයින්ගෙ තත්වය මතයි. අපේ රටේ සංචාරක ව්‍යාපාරය සන්නාමයක් බවට පත්කළ යුතුව තිබෙනවා. එසේ නොමැතිව යන්න රටකත් නැතිම තැන ලංකාව තෝරාගන්නා තැනට නොවෙයි. සංචාරයට යන්න හිතෙන තැනක් ලෙස අපි සංචාරක ව්‍යාපාරය දියුණු කළ යුතුයි. ඒ රටට ඩොලර් ලැබෙන ශක්තිමත් කර්මාන්තයක් ලෙසයි. නිර් මාණශීලීත්වයක් නැති නායකයින් ඉන්න රටේ දරුවොයි, ඉපදෙන්න ඉන්න දරුවොයි ඔක්කොම උකසට තබන නායකයින් තවත් අපිට වැඩක් නෑ. මේ රටට අවශ්‍ය වන්නේ නිර්මාණශීලගී නායකයින්. අපි එකතුවිය යුත්තේ සාම්ප්‍රදායික වශයෙන් පරණ දේම කරන්නට නොව අලුත් දේ අරගෙන අලුත් විදියට හිතන නිර්මාණශීලී විදියට හිතය අයයි.නිර්මාණශීලීව මේ රට ගොඩනගන විට අනෙකුත් ජාතීන්, ආගම් අතර ගැටුම්, සිත්බිඳීම් ඇති කර නොගෙන ඒ දේ කරගත යුතුව තිබෙනවා. නමුත් මේ රටේ ඡන්දයක් එනවිට හැමදාම භාවිත කළේ මේ භේද ඇති කිරීමේ ක්‍රමයයි. ඉන් වාසි ගෙන දිනන්න ඒ අය උත්සාහ කළා. එම තත්වයට මින් ඉදිරියට ඉඩ නොදිය යුතුයි.

මමත් ඔය රතුපාට දම්පාට වෙන්න කලින් රතුපාට හොඳට තිබුණු කාලෙ පන්ති පහට ගිය කෙනෙක්. තවපාරක් මේ රට තුන්වැනි ලෝකයෙන් යම ලෝකයට ගෙනයන්න දෙන්න බැහැ. හොරු අල්ලන දූෂණයෙන් තේර සංකල්පය වෙනුවට හරි දේ දකින හරි දේ කරන හරි ගමනකට අපි එක්විය යුතුව තිබෙනවා. මේ අපි ගනිමින් ඉන්නේ එම උත්සාහයයි. මේ රටෙන් දූෂිතයින් ගෙන ගිය සම්පත් ටික නැවත රටට ගෙන ආ යුතුයි. ඒක වෙනම වැඩපිළිවෙළක්. අල්ලපු ගෙදර කෙනාත් හොරා කියා බලන එක නවත්වා ගොං කතා කියා රටේ ජනතාව ගොනාට අන්දවන ක්‍රමය මේ රටට තවත් අවශ්‍ය නැහැ.මේ රටේ ජනතාව රවටන දේශපාලනයක නිරත නායකයින් සුඛෝපභොගී ජීවිත ගතකරමින් අනුගාමිකයින් දුකසේ තබන දේශපාලන ප්‍රවාහය තමයි දම්පාට ප්‍රවාහය. මෙම ක්‍රමයට මම කැමති නෑ. ඒ නිසයි මම හරි දේ දැක හරි දේ වෙනුවෙන් එදා ඉන් ඉවත්වුනේ. දූෂණ වලේ ලැග අනෙකුත් දූෂිතයින්ටත් වඩා දූෂණ වැඩ කරමින් ඉන්වාට වඩා විධිමත් වැඩපිළිවෙළකට අපි යායුතුව තිබෙනවා. ඒ සඳහා එක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.රට ගොඩනැගීමටනම් මේ රටේ සභ්‍යත්වය ගොඩනැගිය යුතුයි. අපිට තිබූ අහිමිව ගිය සභ්‍යත්වය නැවත් මතුකර ගත යුතුයි. සිංහල බෞද්ධ සභ්‍යත්වය යනු ජාතික එකාබද්ධතාව මත මතුවූ සභ්‍යත්වයයි. අපි කල්පනා කලේ සියළු දෙනා නිදුක් වෙත්වා, නීරෝගි වෙත්වා සුවපත්වෙත්වා, දුකින් මිදෙත්වානම් අපි අතර ජාති භේද ආගම් භේද බෑ. අපි ව්‍යවසායකත්ව රාජ්‍ය ගොඩනැගිය යුත්තේ අන්න ඒ නිසයි. ”

මව්බිම ජනතා පක්ෂයේ සභාපති ආචාර්ය සරත් අමුණුගම මහතා ද මෙහිදී මෙලස කියා සිටියේය
” රට අගාධයෙන් ගොඩගන්න ශක්තිමත් සංවිධානයක අවශ්‍යතාව දැඩිව තිබෙනවා. එසේවීම රටට ශක්තියක්. මේ වෙනුවෙන් නැගීසිටින, පෙනීසිටින පක්ෂයක් තමයි මව්බිම ජනතා පක්ෂය. ඒ ජනතාවගේ පක්ෂයයි.මෙරට දරුවන්ගේ දැනුම ලෝකයේ ඕනෑම රටක ඕනෑම කෙනෙකු හා තරග කිරීමේ මට්ටමක තිබෙනවා. අන්න ඒ ශක්තිය අපි පෙරට ගත යුතුයි. අන්න ඒ සඳහා පිරිසිදු, දැන උගත් රටේ සල්ලි පිටරට වල බැංකුවල හංගන්නේ නැති, හොරකම, වංචාව නැති අවංක, රටට ආදරය ඇති නායකයකු පත් කර ගත යුතුයි. ඒ සියල්ල දිලිත් ජයවීර තුල තිබෙනවා.අපි මාතර ආවේ ව්‍යවසායකත්වයේ හදවත තියෙන්නේ මතර. ඉතාම දක්ෂ ව්‍යවසායකයින් ඉන්නේ මාතර. රටේ හැමතනම මාතර බත් කඩ තිබෙනවා. ඒකෙන්ම පේනවා ව්‍යවසායකත්වයට මාතර කෙතරම් කැපවීක් තියෙනවාද කියා. එය අපි හරි විදියට හරි දෙසට යොමුකළ යුතුව තිබෙනවා.

මව්බිම ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක අචාර්ය හේමකුමර නානායක්කාර මහතා ද මෙසේ පැවසුවේය

” රට වැටීතිබෙන අගාධයෙන් ගොඩගැනීම තමයි මව්බිම ජනතා පක්ෂයේ අරමුණ. එදා නායකයින් රටේ සමාජ බලවේගයේ පෙරගමන්කරුවන්ව සිටියත් පසුව ආ පිරිස් රටේ සම්පත් තම කුස පුරවා ගැනීම ට මඩි තරකර ගැනීමට ක්‍රියාකළා. අපි දැන් එක්ව එම තත්වය වෙනස් කර රටේ හෙට දවස ගැන හරිවිදියට හිතන හා සැලසුමක් ඇති පිරිසකට මෙය භාරදිය යුතුව තිබෙනවා. රටේ සම්පත් කොතරම් තිබුනත් පිටරටින් යැපෙන මානසිකත්වයකයි අපි සිටින්නේ. ඊට කදිම උදාහරණය තමයි රටේ හොඳට තෘණ හා කිරිගොවීන් කෙතරම් සිටියත් නවසීලන්තයෙන් කිරි ගෙන්වන රටක් මේක. අපේ අරමුණ රටේ කර්මාන්තවලට අතදී ඉහලට ගෙන රට ගොඩනගන වැඩපිළිවෙලට ශක්තිය ලබාගැනීම.ජාතික ජන බලවේගය මේ රටේ ආණ්ඩුකරන්න කෙකර ගානවා. එදා වමේ නයකයින් මරාදාපු අයයි මේ ආණ්ඩුකරන්න ඉල්ලන්නේ. ත්‍රස්තවාදී යන නාමය මේ රටට ආවේ 1971 දී එය රටට හඳුන්වා දුන්නේ ජනතා විමුක්ති පෙරමුණ. එදා තිබූ රතුපාට වෙනුවට අද දම්පාටට මාරුවුනත් කැලේ මාරුවුනාට කොටියාගේ පුල්ලි මාරු නොවන බව ජනතාව මතකයේ තබාගත යුතුයි.

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ ද මෙහිදී වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය

” රට අද වැටී තිබෙන අගාධයෙන් ගොඩගැනීමට නම් හරි අරමුණු වෙනුවෙන් පෙනී සිටින පිරිස් තනිව නොගොස් ශක්තිමත් කණ්ඩායමක් ලෙස සංවිධාන වීමේ දැඩි අවශ්‍යතාව දැන් තිබෙනවා. එය නිවැරදි අරමුණක් වෙනුවෙන් සිදුකළ යුත්තක්. අපි පෙනී සිටිනේ උත්සාහගන්නේ ඒ වෙනුවෙන්. මේ සුබපැතුම් එක් කිරීමත් රට ගැන සිතා කරනා යහපත් උත්සාහයක්. එදා කොරෝනා සමයේ රටේ ආර්ථික අර්බුදයක් ගොඩනැගෙමින් තිබියදී අපේ පක්ෂයේ ඩිව් ගුණසේකර සහෝදරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවී කීවේ අපේ රටේ දක්ෂ වෛද්‍යවරුන් ට කොරෝනා ප්‍රශ්නයට සාර්ථක විසඳුම් සෙවිය හැකි බවත් ජනාධිපතිවරයා ඉදිරියේදී රටේ ඇතිවෙන්නට යන ආර්ථික අර්බූදයට මුහුණදීමට වැඩපිළිවෙලක් විද්වතුන් හා සාකච්ඡා කර සැකසිය යුතු බවත් කියා සිටියා. එහිදී කට කොනකින් සිනාසී සමච්චලයෙන් එය බැහැර කළ ඒ උද්දච්චකම පසුව රටම අමාරුවේ දැමූවා.”

මේ අවස්ථාව සදහා මහා සංඝරත්නය අන්‍යාගමික පූජා ප්‍රසාදීන්වහන්සේලා, මලල ක්‍රීඩක ෂෙහාන් අඹේපිටිය ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ..

Previous Post

ගෝඨාගේ පොතේ දෙවැනි මුද්‍රණයත් එලියට!

Next Post

අලි මිනිස් ගැටුමට විසදුම මා සතුයි!

CMBNEWS

CMBNEWS

Next Post
අලි මිනිස් ගැටුමට විසදුම මා සතුයි!

අලි මිනිස් ගැටුමට විසදුම මා සතුයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

July 7, 2025
විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (753)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

July 7, 2025
විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.