රට අස්ථාවර විමට බලපෑ සැම කරුණක්ම මේවනවිට නිවැරදි ගමන් මගකට යොමු වී ඇති බැවින් රටේ ආර්ථිකය ස්ථාවර වෙමින් ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.
මේවනවිට මෙරට සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 4 යි දශම 5 ක් දක්වා වැඩි වී ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.
මේ අතර විදෙස් ණය ප්‍රතිව්‍යුවහගත කිරීමේ ක්‍රියාවලියේදී මෙරට සියලු දේශපාලන පක්ෂ, පක්ෂ භේදයකින් තොරව ජනරජය වෙනුවෙන් පෙනී සිටිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.
එම ක්‍රියාවලියේදී එකගතා සඳහා එළඹෙන්නේ දේශපාලන පක්ෂ හෝ ආණ්ඩුවක් සමග නොව ජනරජයක් සමග බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.