ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ශකත්වය කාටද යන්න තවමත් නොවිසඳුණු ගැටලුවක්. කෙසේ නමුත් ඊයේ රාත්‍රියේදී (25) මාතලේ සියසෙත හෝටලයේදි සම්මත වූ යෝජනාවක් සම්බන්ධයෙන් දේශපාලන කරලියේ අවධානය යොමුව තිබෙනවා.
අප දේශපාලන වාර්තාකරු හෙලි කරන අකාරයට මාතලේ දිස්ත්‍රික් හිටපු පලාත් පාලන නියෝජිතයින් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති හමුවකදී මෙම සුවිශේෂී යෝජනාවක් සම්මත වී ඇති බවයි කියැවෙන්නේ.
හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මුලසුන දැරූ මෙම හමුවට පොදුජන පෙරමුණු මහලේකම් සාගර කාරියවසම් හා තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා මෙන්ම රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක හා නාලක කෝට්ටේගොඩ ඇතුලු පිරිසක් සහභාගී වී ඇති අතර පලාත් පාලන නියෝජිතයින් 25ක් පමණද සහභාගී වී ඇති අතර පොදුජන පෙරමුණේ මීලග ජනාධිපති අපේක්ශකත්වය නාමල් රාජපක්ෂ මහතාට ලබා දිය යුතු බවට පක්ශ මහලේකම් සාගර කාරියවසම් ඉදිරිපත් කල යෝජනාව ඒකමතිකව සම්මත වී තිබෙනවා.
රැස්ව සිටි පිරිස අමතමින් නාමල් රාජපක්ශ මහතා පවසා ඇත්තේ තමන් ජනාධිපතිවරනයට ඉදිරිපත් වන බවත් යම් හෙයකින් පරාජයට පත් වුවහොත් අග්‍රාමාත්‍ය ධූරය ලබා ගැනීම සදහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග දැනටමත් සාකච්ඡා කොට අවසන් බවයි.
තම අරමුණ 2024 ජනාධිපති ධූරය නොව 2030 ජනාධිපතිවරනය බවත් ඒ සදහා අවශ්‍ය ඉදිරි පියවරක් ලෙස මෙවර ජනාධිපති අපේක්ශකත්වයට ඉදිරිපත් වන බව වැඩි දුරටත් සදහන් කොට ඇත.
කෙසේ වෙතත් මේ වනවිට පක්ශය තුල ජනාධිපති අපේක්ශකත්වය වෙනුවෙන් තීරනාත්මක මත ගැටුම් රැසක් ඇති වෙමින් තිබෙන අතර පක්ශයේ ජ්‍යෙෂ්ඨයන් නාමල්ගේ මෙම තීරණය සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් දක්වමින් සිටිනවා.
උපුටා ගැනීම : news2020.net