කලාපය තුළ යම් අයුරකින් න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ලවුවහොත් ඉන් ඇතිවන විකිරණශීලි තත්ත්වයන්ට මුහුණ දීමට ශ්‍රී ලංකාව සුදානම් බව පරමාණුක බලශක්ති නියාමන සභාවේ නිලධාරීන් පවසයි.
බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී එම නිලධාරීන් මේ බව දැනුම්දී තිබේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පරමාණුක බලශක්ති නියාමන සභාවේ නිලධාරීන් පවසා ඇත්තේ ඒ සඳහා අවශ්‍ය මානව සම්පත සහ අවශ්‍ය උපකරණ තමන් සතු බවය.
බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වී තිබුණි.