Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home පුවත්

බෙලිඅත්තේ චිකාගෝ ගැහිල්ල මිලියන ගණනක කොන්ත්‍රාත්තුවක්!

CMBNEWS by CMBNEWS
February 2, 2024
in පුවත්
0
බෙලිඅත්තේ චිකාගෝ ගැහිල්ල මිලියන ගණනක කොන්ත්‍රාත්තුවක්!
0
SHARES
843
VIEWS
Share on FacebookShare on Twitter

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේදී ‘රෝයල් බීච් සමන්’ ඇතුළු පස්දෙනකු ඉලක්ක කොට එල්ල කළ ‘චිකාගෝ ගේමේ’ සුලමුල මේ වන විට හෙළිවී හමාරය. ඒ මෙම ප්‍රහාරය සැලසුම් කළ පුද්ගලයා පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමඟය. එලෙස අත්අඩංගුවට ගැනුණු ඔහු ප්‍රහාරයේ තොරතුරු හෙළි කරද්දී පොලිස් කණ්ඩායම් කිහිපයක් ප්‍රහාරයට පැමිණි තුවක්කුකරුවන් සහ රථයේ රියැදුරා සොයා බුද්ධි මෙහෙයුමක් දියත් කර ඇත.

ඉකුත් 22 වැනිදා සඳුදා පැජරෝ වර්ගයේ ජීප් රියකින් පැමිණි තුවක්කුකරුවන් ඩිෆෙන්ඩර් රථයක ගමන්ගත් පුද්ගලයන් ඉලක්ක කොට දැවැන්ත වෙඩි ප්‍රහාරයක් එල්ල කළේය. ඒ දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේ පවත්වාගෙන යන හෝටලයක් අසලදීය.

ඒ වන විට වේලාව උදෑසන අටයි හතළිහට පමණ විය. කොළඹ සිට දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ පැමිණි සුදු පැහැති ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රියක් බෙලිඅත්ත පිවිසුමෙන් පිටතට පැමිණ වලස්මුල්ල – බෙලිඅත්ත මාර්ගයේ කහවත්ත පාලම ආසන්නයේ පිහිටි වෙළෙඳසලක් අසල නතර වූයේ ජීප් රියේ සිටි පිරිසට ආහාර ලබා ගැනීම සඳහාය.

ඩිෆෙන්ඩර් රථය වෙළෙඳසල ආසන්නයේ නතර කිරීමත් සමඟ එහි සිටි දෙදෙනකු ඉන් පිටතට බැසීමට තැත් කළා පමණි, වේගයෙන් පැමිණි කොළ පැහැති පැජරෝ ජීප් රියක් ඩිෆෙන්ඩර් රථය ආසන්නයේම නතර විය. අනතුරුව එම රථයෙන් බැසගත්තේ ටී. පනස්හය ගිනි අවි අතට ගත් හැඩිදැඩි පුද්ගලයන් දෙදෙනෙකි. ඉන් එක් අයකු සිය අත තිබූ ගිනි අවිය ඩිෆෙන්ඩර් රථයෙන් බැසගත් පුද්ගලයන් දෙසට එල්ල කරමින් එක දිගට වෙඩි තබන්නට විය. ඩිෆෙන්ඩර් රථයෙන් පැමිණි පිරිස සිය ජීවිත බේරා ගැනීම සඳහා හිස්ලූ ලූ අත දිව යන්නට වූහ.

ඒ සමඟම බියට පත් ඩිෆෙන්ඩර් රථයේ රියැදුරා රථය වහා පණගන්වා පලායෑමට තැත් කළද ටී. පනස්හය අතින් ගත් අනෙක් වෙඩික්කරු රියැදුරු ඉලක්ක කොට තවත් උණ්ඩ කිහිපයක් මුදාහැරියේය. රියැදුරා රථය තුළම මැරී වැටුණේය. ඩිෆෙන්ඩර් රථයේ පැමිණි දෙදෙනකු සිය ජීවිත බේරා ගැනීම සඳහා එතැන තිබූ වෙළෙඳසල තුළටද දිව ගියහ. තුවක්කුකරුවකු ඒ බව හොඳින් දිටීය. ඔහු ගිනි අවිය අමෝරාගෙන කඩය තුළට පැමිණියේය. එවෙලේ කඩයේ කැෂියර් කූඩුවේ සිටියේ වයෝවෘද්ධ කාන්තාවකි. තුවක්කුකරු හිසෙන් අල්ලා ඇය කැෂියර් කූඩුව යටට එබුවේය. ඒ අසලම ඇගේ පුතාද විය. තුවක්කුකරු ඔහුටද බිම වාඩි වෙන ලෙස නියෝග කළේය. ඉන් පසුව කඩය තුළට පැමිණි පිටස්තරයන් දෙදෙනාටද වෙඩි තැබූ තුවක්කුකරු ඔවුන්ද බිම පතිත කර දැමීය.

සිද්ධියට ගතවූයේ විනාඩි දෙකක් පමණ කාලයකි. ඩිෆෙන්ඩර් රථයේ පැමිණි කිසිදු පුද්ගලයකු පණපිටින් ඉතිරි නොකළ තුවක්කුකරුවෝ ඔවුන් පැමිණි පැජරෝ ජීප් රියටම නැඟී පලා ගියහ. වෙඩි හඬත් සමඟ ඒ අවට පිරිස් වෙළෙඳසල අසලට එක්රොක්වූ අතර තැන තැන මැරී වැටී සිටින්නේ කවුරුන්ද යන්න හඳුනා ගැනීමට ඔවුහු මහත් උනන්දුවක් ගත්හ. ඒ සමඟ සිද්ධිය පොලිසිය වෙත දැනුම් දෙනු ලැබීය. නිලධාරීන් වහා සිද්ධිය වූ ස්ථානයට පැමිණියේය. පුද්ගලයන් හතර දෙනකු බිම වැටී සිටි අතර ඉන් එක් අයකු පමණක් මියගොස් සිටියේ නැත. ඔහු වහා රෝහලට රැගෙන ගියද රෝහලට ඇතුළත් කරන මොහොතේ ඔහුද අවසන් හුස්ම හෙළීය.

“කාගේ හරි ගාඩ් එකේ කට්ටිය වෙන්න ඇති…”

එක්රොක්වූ බොහෝ පිරිස් සිතුවේ එවැන්නක්ය. ඒ මියගිය වූවන් හැඩිදැඩි අය මෙන්ම ඔවුන් ඇමැති ආරක්‍ෂකයන් සේ සුදු පැහැති කමිසවලින් සැරසී සිටීම නිසාය.

වෙඩි ප්‍රහාරයෙන් දකුණු පාතාලය සලිත වී ගියේය. උදෑසන කාලයේ බියක්, සැකක් නැතිව මෙවන් ප්‍රහාරයක් එල්ල කිරීමට සමත් වූයේ කවුද යන්න කිසිවකුටත් සිතාගත නොහැකි විය. සමහරුන් මෙම ප්‍රහාරය පොලිසියේ හෝ සෙසු ආරක්‍ෂක ඒකකයන් විසින් සිදු කරන ලද්දක් බවට සැක කළහ.

කෙසේ වෙතත් විමර්ශන ඇරැඹූ පොලිසිය විනාඩි ගණනක් යන්නටද මත්තෙන් වෙඩි ප්‍රහාරයෙන් මියගිය වූවන් හඳුනා ගත්තේය. ඉන් ප්‍රධානියා වූයේ ‘අපේ ජන බල පක්‍ෂයේ නායක සමන් පෙරේරා’ය. ඔහු බොහෝ දෙනකු හඳුන්වනුයේ ‘රෝයල් බීච් සමන්’ ලෙසය. ඊට හේතුව වන්නේ ඔහු සතුව ඉඳුරුව ප්‍රදේශයේ ‘රෝයල් බීච්’ නමින් හෝටලයක් පැවැතීම නිසාය.

බෙන්තොට, වරාහේන පදිංචි 33 හැවිරිදි සමීර මධුසංඛ, ඉඳුරුව, ගල්බඩ පදිංචි 40 හැවිරිදි හසිත විත්සුක, කුරුණෑගල, ගැට්ටුවාන පදිංචි 36 හැවිරිදි බුද්ධික රාජපක්‍ෂ සහ දෙමටගොඩ පදිංචි 43 හැවිරිදි නලින් චම්පික ජයතිලක මියගිය සෙසු සිවුදෙනාය.

සිද්ධිය සැලවීමත් සමඟ වැඩබලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් විසින් දකුණු පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර, තංගල්ල කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී. කීර්තිරත්න සහ මාතර කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහ මහත්වරුන්ට ලබාදුන් උපදෙස් මත පොලිස් කණ්ඩායම් කිහිපයක් මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන ඇරැඹූහ.

එම විමර්ශනයේදී අනාවරණය වූයේ මැරුම් කෑ “රෝයල් බීච් සමන්” සිය සගයන් සමඟ එලෙස පැමිණ ඇත්තේ තංගල්ල අධිකරණයේ විභාග වෙමින් තිබූ නඩුවකට පෙනී සිටීම සඳහා බවය.

රෝයල් බීච් සමන්, සමීර මධුසංඛ සහ චම්පික යන තිදෙනාම එම නඩුවේ විත්තිකරුවෝය.

2022 වසරේ ජුනි මස 5 වැනිදා තංගල්ල, මොරකැටියආරේදී සිදුකළ වෙඩි තැබීමකින් කුඩාවැල්ලේ අසේල සම්පත් නමැති ධීවරයෙක් ඝාතනය විය. ඒ තවත් මිතුරන් දෙදෙනකු සමඟ කැබ් රියකින් ගමන් කරමින් සිටියදීය. යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් කැබ්රියේ සිටි අසේල සම්පත් ඉලක්ක කොට වෙඩි වරුසාවක් එල්ල කළේය. වෙඩි ප්‍රහාරයෙන් අසේල සම්පත් මරු වැලඳ ගත් අතර මිතුරන් දෙදෙනාද තුවාල ලැබීය. ඝාතනය වූ අසේල සම්පත් සංවිධානාත්මක අපරාධකරුවකු වූ හරක් කටාගේ මත්කුඩු ජාවාරමේ නිරත වූවෙකි.

තංගල්ල පොලිසිය සිදුකළ විමර්ශනයේදී අසේල ඝාතනයට ආධාර අනුබල දීමේ වරදට සමීර මධුසංඛ හෙවත් සුරතලාද, රෝයල් බීච් සමන් සහ චම්පික යන තිදෙනාද අත්අඩංගුවට ගනු ලැබීය. සමන් පොලිස් අත්අඩංගුවට පත්වූයේ අසේල සම්පත් ඝාතනයේ ප්‍රධාන සැකකරුට සිය කුරුණෑගල නිවෙසේ නවාතැන් දීම නිසාය. පසුව ඔවුන් රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි.

සමන් කරළියට ආවේ මෙම සිදුවීමත් සමඟය. කලකට පසු ඇප මත මුදාහැරුණු සමන් ඉඳුරුව ප්‍රදේශයේ හෝටලයද පවත්වාගෙන යමින් පාතාල අපරාධකරුවන්, දේශපාලනඥයන් සහ විවිධ තරාතිරම්වල පොලිස් නිලධාරීන්ද සමීපව ඇසුරු කළේය.

මේ නිසා පසුකාලීනව දකුණේ සිදුවූ ඝාතන කිහිපයකටම සමන්ගේ නමද අෑඳිණි. බළපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු වූ ස්ටැන්ලි තාබෘෘ සහ ඔහුගේ පුතකු වන ටෙරි තාබෘෘ ඝාතනවලටද සමන්ගේ සබඳකම් තිබූ බව හෙළිවී තිබිණි. ටෙරි තාබෘෘ කොස්ගොඩ සුජීගේ සමීපතමයෙක් විය. ටෙරීගේ ඝාතනය සුජීට ඉහිලුම් නොදෙන්නක් විය. මේ නිසා දෙතුන් වතාවක්ම සිය ගෝලයන් යොදා රෝයල් බීච් සමන් ඝාතනය කරන්නට සුජී දැඩි උත්සාහයක් ගත්තේය. වරෙක තුවක්කුකරුවන් යොදා ඉඳුරුව හෝටලය ඉදිරිපිටදී සමන් ගමන් ගත් ජීප් රියටද වෙඩි වරුසාවක් එල්ල කළේය. වෙඩි වරුසාව මැද සමන් රථයෙන් බැස දිව ගොස් ජීවිතය බේරාගත් අතර සමන් සමඟ සිටි විදේශිකයකු වෙඩි ප්‍රහාරයෙන් මියගියේය.

වැඩි කලක් යන්නට මත්තෙන් සමන්ගේ ප්‍රබල ප්‍රතිවාදියා වූයේ කොස්ගොඩ සුජීය.

සුජී ඩුබායි රට පැනගියද සමන් ගැන තිබූ වෛරය කිසිදා පහව ගියේ නැත. ඊට තවත් හේතු රැසක් තිබිණි. විමර්ශන නිලධාරීන් පවසන අන්දමට මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන්ද සුජී සහ සමන් අතර පවතින ගැටුමක්ද මෙම වෙඩි තැබීමට ඉවහල්ව ඇත. එමෙන්ම 2014දී සුජීගේ මාමා සහ සහෝදරයකු ඝාතනය කිරීමත්, 2016දී ගාල්ල පොලිස් වසමේදී සුජීගේ ඥාතියකු ඝාතනය කිරීමත් නිසා සුජී නිතරම සිට ඇත්තේ සමන්ගෙන් පළිගැනීමේ අදහසිනි.

ඒ අනුව විමර්ශන නිලධාරීන් සැක කළේ සමන් ඇතුළු පස්දෙනා ඝාතනය මෙහෙයවා ඇත්තේ කොස්ගොඩ සුජී බවය. ඝාතකයන්ගේ ඉලක්කය වූයේ රෝයල් බීච් සමන්ය. ඒ අනුව ඝාතන සැලසුම දියත් කර තිබිණි.

ඉකුත් 22 වැනිදා තංගල්ල අධිකරණයේ පැවැති නඩුවට සමන් ඇතුළු ගෝලබාලයන් පැමිණෙන බව සුජී දැන සිටියේය. අධිකරණ කටයුත්තකට නිසා ඔවුන් පැමිණෙන්නේ නිරායුධව බවද සුජී සිතුවේය. ඒ අනුව ප්‍රහාරය ලකලෑස්ති වී ඇති අතර සමන් ඇතුළු පිරිස රැගත් ඩිෆෙන්ඩර් රථය බෙලිඅත්ත පිවිසුමෙන් පිටතට එන තුරු තුවක්කුකරුවන් රැගත් පෙජරෝ රථය මාර්ගයේ නතරව තිබිණි.

සැලැස්ම වූයේ තංගල්ල නගරයේදී හෝ අධිකරණය අසලදී සමන් ඇතුළු කණ්ඩායමට ප්‍රහාරය එල්ල කිරීමටය. එහෙත් නොසිතූ පරිදි සමන් රැගත් ඩිෆෙන්ඩරය බෙලිඅත්ත පිවිසුම අසල හෝටලයක නතර කිරීමත් සමඟ තුවක්කුකරුවන්ගේ සැලසුම වෙනස් විය. ඒ මොහොතේ ප්‍රදේශයේ ඇති ජනශූන්‍ය බව නිසා සමන් ඇතුළු පිරිස ඉලක්ක කර ගැනීමට තුවක්කුකරුවන්ට හැකි විය.

විමර්ශන ඇරැඹුණේ මෙවන් තොරතුරු රැසක්ද සමඟය. ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත කණ්ඩායම් කිහිපයක් හා විශේෂ කාර්ය බළකායද විමර්ශන සඳහා යොදා ගන්නා ලද අතර හක්මන පොලිස් ස්ථානාධිපති සනත් කුමාර ඇතුළු කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයේ සිට සී.සී.ටී.වී. කැමරා නිරීක්‍ෂණය කිරීමට යොදා තිබිණි.

සී.සී.ටී.වී. කැමරා නිරීක්‍ෂණය කිරීමෙන් පසු ඝාතකයන් පැමිණි කොළ පැහැති 65-2615 දරන පැජරෝ ජීප් රිය හඳුනා ගැනීමට නිලධාරීන්ට හැකිවිය. ප්‍රහාරයෙන් පසු ජීප් රථය ගමන්ගත් මාර්ගය ඔස්සේ දිගින් දිගටම කැමරා නිරීක්‍ෂණය කිරීම සිදුවිය.

ඒ අනුව බෙලිඅත්ත – හක්මන ඔස්සේ රථය කඹුරුපිටිය දක්වා ගමන් ගන්නා අයුරු නිලධාරීන්ට පෙනිණි.

එම මාර්ග ඔස්සේ සී.සී.ටී.වී. කැමරා නිරීක්‍ෂණය කරද්දී කොළ පැහැති ජීප් රිය කඹුරුපිටිය නගරයට පැමිණෙන අයුරුත් නගරයේදී ඉදිරිපස අසුනේ සිටි පුද්ගලයකු රථයෙන් බසින අයුරුත් නිලධාරීන්ට දැකගත හැකිවිය. මෙම පුද්ගලයා වෙඩි ප්‍රහාරය එල්ල කළ තුවක්කුකරුවකු බව සැක කළ නිලධාරීන් ඔහු හඳුනා ගැනීම සඳහා කඹුරුපිටිය නගරයේ ඇති සී.සී.ටී.වී. කැමරා සියල්ල සෝදිසි කරද්දී එම පුද්ගලයා මාතර බලා ගමන් කරන පෞද්ගලික බසයකට ගොඩවන අයුරු නිරීක්‍ෂණය කරගත හැකි විය. ඒ සමඟම පොලිස් කණ්ඩායමක් වහා මාතර බස් නැවතුම්පොළ වෙත යැවිණි. ඒ සැකකාර පුද්ගලයා මාතරින් බසයෙන් බසින විටම කොටුකර ගැනීමේ අදහසිනි. එහෙත් එම උත්සාහය සාර්ථක වූයේ නැත. ඊට හේතුව වූයේ සැකකරු මාතර බස්නැවතුමෙන් බැස නැති බව හෙළිවීමත් සමඟය. ඒ බව මාතර බස් නැවතුමේ ඇති සී.සී.ටී.වී. කැමරාද සාක්‍ෂි දැරීය.

කෙසේ වෙතත් හක්මන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් කඹුරුපිටියද පසුකරමින් ඉදිරියට ඇති සී.සී.ටී.වී. කැමරා නිරීක්‍ෂණය කරමින් කොළ පැහැති පෙජරෝ රථය ගමන් ගන්නා සියලුම මාර්ග හොඳින් නිරීක්‍ෂණය කරන්නට වූහ. ඒ අනුව රථය අකුරැස්ස දෙසට ධාවනය වී ඇති බව හෙළිකර ගත් නිලධාරීන්ට එතැනින් එහාට රථයේ ගමන් මාර්ගයක් පැහැදිලිව දකින්නට ලැබී නැත. ඒ අනුව නිලධාරින් සැක කළේ ජීප් රිය අකුරැස්ස පොලිස් වසමේ කිසියම් ස්ථානයක නතර කරන්නට ඇති බවය. හක්මන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායම මුළු අකුරැස්සම පීරමින් පෞද්ගලික ඔත්තුකරුවන් සහ බුද්ධි නිලධාරීන්ගේ සහාය ලබාගනිමින් ජීප් රථය සොයන්නට වූ අතර එය සාර්ථක කරගනිමින් ඔවුනට තොරතුරක් ලැබුණේ එම ජීප් රිය බංගම ප්‍රදේශයේ නිවෙසක් ඉදිරිපිට නතර කර තිබූ බව කියමින්ය. නිලධාරීන් එම තොරතුර ඔස්සේ බංගම පිහිටි එම නිවෙසට ගියේය. එහෙත් කොළ පැහැති ජීප් රියක් පෙනෙන තෙක් මානයක නොවීය. නිවෙස සහ ඒ අවට පරික්‍ෂා කර බැලූ නිලධාරීන්ට පැය කිහිපයකට පෙර කිසියම් වාහනයක් එම නිවෙස අසල සෝදා ඇති බව වැටහිණි. ඒ අසලම වීදුරු කටු ස්වල්පයක්ද විය. එම සැකය මත නිලධාරීන් එම නිවෙස සෝදිසි කළේ එහි සිටි පුද්ගලයකුද සිය භාරයට ගනිමින්ය. ඔහු සමන් කුමාර නමැත්තාය.

ඒ මොහොතේ නිවෙස අසල තවත් මෝටර් රියක්ද නතර කර තිබූ අතර නිලධාරීන්ට එය මහත් කුතුහලයක් ගෙන දුන්නේය. නිවෙස තවදුරටත් දැඩි ලෙස සෝදිසි කිරීමේදී නිවෙස තුළ තිබූ හිස්වැසුම් හතරක් සහ කළු පැහැති ජැකට් තුනක් සොයා ගැනීමට නිලධාරීන්ට හැකිවිය. නිලධාරීන්ගේ සැකය සමන් කුමාර වෙත එල්ල වූයේ ඒත් සමඟය. හෙල්මට් සහ ජැකට් සම්බන්ධයෙන් නිලධාරීන් සමන් කුමාරගෙන් ප්‍රශ්න කරන්නට විය. ඒ සමඟම නිවෙසේ තිබූ ජංගම දුරකථන 3ක්ද සිය භාරයට ගැනීමට නිලධාරීන්ට හැකිවිය. කළු පැහැති යතුරුපැදියක්ද ඒ අසලම විය. එයද නිලධාරීන්ට ගෙනදුන්නේ සැකයකිය. ස්ථානාධිපතිවරයා වහා මේ බව සිය උසස් නිලධාරීන්ට දැනුම් දුන්නේය. ජීප් රියක යතුරක් නිවෙස තුළින් සොයා ගැනීමට නිලධාරීන්ට හැකි වන්නේ ඔය අතරය.

“මොකක්ද මේ යතුර. කාගේද? කෝ මේකේ වාහනේ, වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සමන් කුමාර නිරුත්තර විය. සොයා ගත් යතුර වෙඩි ප්‍රහාරයට උපයෝගී කරගත් කොළ පැහැති පෙජරෝ ජීප්රියේ යතුර වන්නට ඇති බව නිලධාරීන් සැක පළ කළේය.

“කෝ දැන් ඒ ජීප් එක”

ස්ථානාධිපතිවරයා සමන් කුමාරගෙන් විමසුවේය.

“මම ඒක ගාල්ලේ පන්සලේ කාර් පාක් එකේ දාලයි ආවේ”

ඔහුගේ ප්‍රකාශය මත නිලධාරීහු ඔහුවද කුදලාගෙන ගාල්ල විද්‍යාලෝක පිරිවෙන් භූමියේ පිහිටි පොදු රථගාලට ගියහ. කොළ පැහැති රථය රථගාලේ ගාල් කර තිබිණි. රථගාලේ භාරකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ පුද්ගලයකු පැමිණ රෝගියකු බැලීමට සමුපකාර රෝහලට යන බව කියමින් රථය නතර කර ගිය බවත්ය.

පංච පුද්ගල ඝාතනයේ සැලසුම ටිකෙන් ටික හෙළිවන්නට විය. නිලධාරීන් සමන් කුමාරගේ නිවෙසේ නතර කර තිබූ යතුරුපැදියත් නිවෙස ආසන්නයේ නතර කර තිබූ මොටෝරියත් සිය භාරයට ගත්තේය. ප්‍රශ්න කිරීමේදී හෙළි වූයේ ජීප් රිය රථගාලේ දැමීමෙන් අනතුරුව කුලියට ගත් රථයෙන් සමන් කුමාර නිවෙසට පැමිණ ඇති බවය. පොලිස් නිලධාරීන් තවත් විනාඩි ගණනක් ප්‍රමාද වූයේ නම් සමන් එම කුලී රථයෙන්ම නිවෙසින් පිටව යන්නට සැලසුම් කර සිටි බවද ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් යතුරුපැදිය යොදාගෙන ඇත්තේ වෙඩි ප්‍රහාරයට උපයෝගී කරගත් ටී- පනස්හය ගිනිඅවි ප්‍රහාරයෙන් පසුව බැහැර කිරීමටය. කෙසේ වෙතත් ඒ වනවිටත් ඔහු ඩුබායි රාජ්‍යයේ සිට ලැබුණු උපදෙස් මත ටී-පනස්හය ගිනිඅවි දෙක වෙනත් පුද්ගලයකු වෙත භාරදී තිබිණි.

සමන් කුමාර පවසන්නේ කොස්ගොඩ සුජීගේ සමීපතමයකු වන ඩුබායිහි රැඳී සිටින බූස්සේ හර්ෂ නමැත්තාගේ උපදෙස් මත තමා මෙම ප්‍රහාරය සැලසුම් කළ බවත් හර්ෂ ඩුබායි සිට දුරකථන ඔස්සේ සම්බන්ධ වෙමින් මෙම ප්‍රහාරය මෙහෙයවා ඇති බවත් ඒ අනුව නිලධාරින්ට අනාවරණය විය.

හර්ෂ මෙරටින් පලායන්නේ කොස්ගොඩ සුජීගේ ගෝලයන් ඉලක්ක කරගෙන සිදුකරන වෙඩි තැබීම නිසාය. සමන් සහ හර්ෂ දැන හඳුනාගන්නේ බන්ධනාගාරයේදී බව කියයි. සමන් අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයකු වන අතර ඔහු වසර ගණනාවක්ම සිට ඇත්තේ හිරගෙදරය. එහිදී හර්ෂ දැන හඳුනා ගන්නා සමන් කුමාර දිගින් දිගටම ඔහු සමඟ මිතුරුදම් පවත්වාගෙන ඇති අතර ඒ අනුව මෙම ප්‍රහාරයට සමන් එකඟතාව පළකර ඇත. රුපියල් මිලියන ගණනක කොන්ත්‍රාත්තුවකට මෙම ප්‍රහාරය සමන් විසින් සැලසුම් කර ඇති බව විමර්ශන නිලධාරීහු සැකපළකරති.

සමන් කුමාර පවසන පරිදි වෙඩි ප්‍රහාරයට සිවුදෙනකු පැමිණ ඇති අතර සිද්ධිය වන අවස්ථාවේ සමන්ද පිස්තෝලයක් අතැතිව පැජරෝ රථයේ සිටි බවද කියැවේ. ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ රථය පදවා ඇත්තේ ඩුබායි සිටි හර්ෂ විසින් එවනු ලැබූ පුද්ගලයකු විසිනි. ඔහු අලුත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඊට අමතරව රථයේ සිට ඇත්තේ පුහුණු තුවක්කුකරුවන් දෙදෙනාය.

සමන් කුමාර පවසන්නේ පෙජරෝ ජීප්රිය 21 වැනිදා රාත්‍රි කාලයේදී කිසියම් පුද්ගලයකු විසින් ඔහුට ලබාදුන් බවකි. එම රථය සමන් කුමාරට ලැබෙන්නේ හර්ෂගේ උපදෙස් මතය. ඉන් අනතුරුව ප්‍රහාරය එල්ල කරන මොහොත තෙක් රථය ගාල් කර ඇත්තේ සමන්ගේ බංගම නිවෙස පිහිටි ගෙවත්ත ආසන්නයේය.

දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව ඝාතනයට පැමිණි තුවක්කුකරුවකු 21දා රාත්‍රිය ගත කර ඇත්තේ අකුරැස්ස ප්‍රදේශයේ හෝටලයකය. රාත්‍රිය එම හෝටලයේ ගත කළ ඔහු 22 වැනිදා උදේ 6ට පමණ හෝටලයෙන් බැහැරව ගොස් ඇත. ඒ සමන් විසින් ගෙනෙන ලද කොළ පැහැති ජීප් රියෙන්ය.

ඒ අවස්ථාවේ ජීප් රිය පදවාගෙන ගොස් ඇත්තේ සමන්ය. පසුව රථය තවකෙකුට බාරවිය. ඒ ඩුබායි සිට ලැබුණු උපදෙස් මතය.

වෙඩි ප්‍රහාරයට උපයෝගී කරගත් ටී. පනස්හයේ ගිනිඅවි දෙක රථය වෙත ලැබෙන්නේ ඉන් පසුවය. දුරකථන මාර්ග ඔස්සේ ඩුබායි සිට සමන්ට ලැබෙන ඇමැතුම් හරහා මේ සිවුදෙනා බෙලිඅත්ත පිවිසුම ආසන්නයේ ජීප් රිය නතර කරගෙන සිටින්නේ රෝයල් බීච් සමන් ඇතුළු කණ්ඩායම එනතුරු ඇඟිලි ගණිමින්ය.

ඒ අතරතුර සමන් සමඟ ඩුබායි සිට හුවමාරු වන දුරකථන ඇමැතුම් ගණනාවකි. පසුව බෙලිඅත්ත පිවිසුමෙන් පිටතට පැමිණ ඒ ආසන්නයේ ඇති හෝටලයක් අසල බසින රෝයල් බීච් සමන් ඇතුළු කණ්ඩායමට ප්‍රහාර එල්ල කරන තුවක්කුකරුවන් ඉන්පසු කඹුරුපිටිය හරහා අකුරැස්සට ගොස් ඇත. ඒ අතරතුර වෙඩික්කරුවන් සහ රථය පැදවූ පුද්ගලයා ඉන් බැස ගොස් ඇතැයි කියති. ඒ ඩුබායි හර්ෂගෙන් ලැබුණු උපදෙස්වලට අනුවය. එතැන් සිට ජීප් රිය සිය භාරයට ගන්නා සමන් කුමාරට ඩුබායිවලින් ලැබුණු උපදෙස වූයේ රථය සෝදා ගාල්ල විද්‍යාලෝක පිරිවෙන් රථගාලේ නතර කර පිටව යන ලෙසය.

සමන් කුමාර ලැබුණු උපදෙස් සියල්ල නිසි අයුරින් ඉටුකළද අපරාධයක් සිදුකළ පුද්ගලයන්ට කිසිදා සැඟව සිටිය නොහැකි බව යළි යළිත් පසක් කරමින් නවීන තාක්ෂණ ක්‍රමවේද ඔස්සේ සිදුකළ පොලිස් විමර්ශනයෙන් පසු බෙලිඅත්ත චිකාගෝ ගැහිල්ලේ සුලමුල පැය කිහිපයක් යන්නටද මත්තෙන් අනාවරණය කරගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකිවිය.

විමර්ශන නිලධාරීන් පවසන්නේ වෙඩි ප්‍රහාරයට පැමිණි තුවක්කුකරුවන්ද මේ වනවිට හඳුනාගෙන ඇති බවත්, ඉදිරි දිනවලදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකි වන බවත්ය. එමෙන්ම අත්අඩංගුවට ගත් ප්‍රහාරයේ සැලසුම්කරු වූ සමන් කුමාර 27 දින දක්වා රඳවාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් ප්‍රහාරයේ හෙළිනොවුණු තවත් රහස් ඔහුගෙන් ලබාගැනීමට කටයුතු කරන බව විමර්ශන නිලධාරීහු පවසති.

එමෙන්ම මෙම ප්‍රහාරය සඳහා සැලසුම්කරුට, තුවක්කුකරුවන්ට සහ රියැදුරාට රුපියල් මිලියන ගණනක මුදලක් ගෙවීමට ඩුබායි සිට ප්‍රහාරය මෙහෙයවූ පුද්ගලයන් පොරොන්දු වී ඇති බවත් විමර්ශන නිලධාරීහු පවසති. මේ වනවිට සමන් කුමාරගේ ගිණුමකට රුපියල් ලක්ෂයක මුදලක් බැර වී ඇති බවද කියයි.

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය මත දකුණු පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, තංගල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර, තංගල්ල කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී. කීර්තිරත්න, මාතර කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් සහ මෙහෙය වීම මත හක්මන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර මෙහෙයවීම මත සැරයන්වරුන් වන ජයසේකර (40804), සම්පත් (75363), මෙන්ඩිස් (67794), කොස්තාපල්වරුන් වන වික්‍රමරාච්චි (77700), රත්නප්‍රිය (80387), සම්පත් (89414), මධුසංඛ (29538), දර්ශන (96510), ප්‍රනාන්දු (97648) සහ සංජීව (15409) යන නිලධාරිහු මහ සැලසුම්කරු අත්අඩංගුවට ගෙන පස් පුද්ගල ඝාතනයේ සුලමුල අනාවරණය කරගන්නා ලදී.

Previous Post

රනිල් ජනාධිපති වුනේ රටේ වාසනාවට!

Next Post

සනත්ගේ බිරිඳ පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවට!

CMBNEWS

CMBNEWS

Next Post
සනත්ගේ බිරිඳ පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවට!

සනත්ගේ බිරිඳ පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවට!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

July 7, 2025
විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (753)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

July 7, 2025
විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.