බුදු දහමට නිගාවන ආකාරයේ දේශන පැවැත්වූ බව කියන අත්අඩංගුවට ගත් ‘අවලෝකිතේශ්වර’ යන නාමයෙන් පෙනී සිටින මහින්ද කොඩිතුවක්කු නමැත්තා එළඹෙන 24 වන දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.
ඒ, සැකකරු අද (ජන. 16) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.
එහිදී සැකකරු අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය වෙත ඉදිරිපත් කර, මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
සැකකරු පන්නිපිටියේදී ඊයේ (ජන. 15) අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකරු නේවාසිකව රැඳී සිටි කැස්බෑව, මාකන්දන සර්වෝදය පාරේ පිහිටි දෙමහල් නිවස වෙත රැගෙන ගොස් එම නිවස පරික්ෂා කිරීම ටද විමර්ශන නිලධාරින් කටයුතු කර ඇත.
අනතුරුව ප්‍රශ්න කිරීම් සඳහා සැකකාර ‘අවලෝකිතේශ්වර’ නාමයෙන් පෙනී සිටි තැනැත්තා පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන එනු ලැබිණි.