පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ තලතා අතුකෝරාල එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහය පළ කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව ඇය මේ වන විට වැලිමඩ නගරයේ පැවැත්වෙන ජනපති රනිල් වික්‍රමසිංහ ගේ ජන රැලියට එක් වී ඇති බව වාර්තා වෙයි.