මීළඟ පාසල් වාරය ආරම්භ කර පසු දෙමාපියන් සමඟ එක්ව දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.
එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරන්නේ ගුරු විදුහල්පතින්ගේ වැටුප රුපියල් විසිදහසකින් වැඩි කිරීම, පාසල් දරැදැරියන්ගේ දෙමාපියන්ට අනවශ්‍ය ලෙස අධ්‍යාපන වියදම් බර පැටවීම ඇතුළු ගැටළුවලට විසඳුම් ලබා නොදීම හේතුවෙන් මෙම පියවර ගන්නා බවයි.
මෙවන විට පාසල්වල විදුලි බිල ගෙවීමේ බරද වක්‍රාකාරයෙන් සංවර්ධන සමිති හරහා වත්මන් රජය විසින් දෙමාපියන් පිට පටවා ඇතැයි ද හෙතෙම පැවසීය.