පොරොන්දු වූ පරිදි මෙවර අයවැයෙන් රජයේ වැටුප් වැඩි නොකළහොත් වෘත්තීය සමිතිවලට යළි සංවිධානයවීමට සිදුවෙනවා යැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලිං මහතා ‘දිවයින ඉරිදා සංග්රහය’ට පැවසීය. ඒ මහතා මෙසේ ද පැවසීය.
මෙම වැටුප් වැඩිකරන විට එය ලබන ජනවාරි මාසයේ සිට ලබාදිය යුතුයි.
තවද පසුගිය වසරේ රජයේ සේවකයන්ට වැඩි කළ රුපියල් දසදහසක මුදලින් ජනවාරි, පෙබරවාරි, මාර්තු කාලයේ ලැබුණේ රුපියල් පන්දහස බැගින් බවත්, ඒ නිසා එම කාලයට අදාළව අහිමි වූ රුපියල් පහළොස්දහසක මුදල ලබන ජනවාරියේදී ලබාදිය යුතු බවත් ස්ටාලිං මහතා කීවේය.
නෝමන් පලිහවඩන | www.divaina.lk