විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට තීරණය කර තිබෙනවා.
දෙරට අතර තරගය ආරම්භ වීමට නියමිතව තිබුණේ ශ්‍රී ලංකා වේලාවෙන් අද (120 අළුයම 5.00ටයි.
කෙසේ වෙතත් පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ දක්වා තරගයේ කාසියේ වාසිය උරගා බැලීමට හෝ අවස්ථාවක් හිමිව තිබුණේ නැහැ.
ඒ අනුව කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණු 1 බැගින් ලබාදීමට තරග තීරකවරුන් තීරණය කර තිබෙනවා.