Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home පුවත්

සැකයේ වාසිය කාටද?

CMBNEWS by CMBNEWS
January 24, 2024
in පුවත්
0
සැකයේ වාසිය කාටද?
0
SHARES
216
VIEWS
Share on FacebookShare on Twitter

‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපතිවරණ අපේක්ෂක ධුරය සම්බන්ධයෙන් ධම්මික පෙරේරා මහතා සමඟ එකඟතාවකට පැමිණ නෑ. එහෙම සාකච්ඡාවක් සිදුවූ බවක් මම දන්නෙත් නැහැ. අත්දැකීම් නැති ජනාධිපතිවරයකු පත් කරගෙන රට නැවත අනතුරේ හෙළන්න බෑ. මගේ පෞද්ගලික විශ්වාසය නම් ආර්ථික අර්බුදය විසඳා රට ස්ථාවර කර ගැනීමට රනිල් වික්‍රමසිංහ මහාතට නැවත අවස්ථාවක් දිය යුතු බවයි.”

ධම්මිකගෙන් පටන් අරන් රනිල්ගෙන් අවසන් කරපු මේ කතාව කිව්වේ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයායි. ප්‍රසන්න ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයායි. ඔහු මේ උත්තරේ දුන්නේ මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් පසුව මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙනි. ඒ වෙලාවේ විදුලිබල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර, කමිටු සභාපති මාතර දිස්ත්‍රික් මන්ත්‍රී නිපුණ රණවක සහ දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේත් එතැන සිටි පිරිස අතර වූහ. මේ අතරින් කාංචන අමාත්‍යවරයාද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ කඳවුරේ අයකු වශයෙන් සැලකෙන අතර නිපුණ සහ විලී ගමගේ ඍජුවම මහින්ද කඳවුර නියෝජනය කරති. ඒ වගේ වෙලාවක මෙහෙම උත්තරයක් ලබාදී මාධ්‍යයේ අවධානය දිනා ගැනීම ගැන පුදුම විය යුතුද නැත.

මේ වගේ තවත් රැස්වීමකදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කර තිබූ ප්‍රකාශයක්ද පොහොට්ටුවේ දේශපාලන අනාගතය ගැන යම් ඉඟියක් ලබා දී තිබුණේය. කොළඹ මලලසේකර මාවතේ නාමල්ගේ නිල නිවෙසේ පැවැත්වූ පොහොට්ටුවේ මන්ත්‍රීන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසකගේ සහභාගීත්වයෙන් මේ රැස්වීම පවත්වා තිබුණි. මේ සාකච්ඡාවට පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකුද සහභාගි වී සිටි බවත් සඳහන් විය. දැනට පොහොට්ටුව අතහැර ගොස් ස්වාධීන වී සිටින මන්ත්‍රීන් පිරිස ගැන මේ පිරිස අතර ඉක්මණින්ම සාකච්ඡාවට බඳුන් විය. එහිදී ප්‍රකාශ වූයේ එම මන්ත්‍රීන් අතුරින් පිරිසක් විපක්ෂයට සම්බන්ධ වීමට කැමැත්ත පළකරන නමුත් වැඩි දෙනකුගේ කැමැත්ත තිබෙන්නේ ආපසු පොහොට්ටුවට පැමිණීමට බවයි. එහිදී නාමල් කියා තිබුණේ මහාචාර්ය ජී.එල්. පීරිස් සහ ඩලස් අලහප්පෙරුම පොහොට්ටුවේ සිටිය යුතු යැයි තමන් මීට පෙර ප්‍රසිද්ධියේම කියා ඇති බවය. ඒ සමඟ ඔහු කිව්වේ තමන් පක්ෂය හැරගොස් ස්වාධීන වූ මන්ත්‍රීන් සියලුදෙනාටම පෞද්ගලිකව කතාකරන බවත් පක්ෂයේ නායකයා ළඟදීම දිනයක ඔවුන්ට ආපසු පක්ෂයට පැමිණෙන්නැයි ඇරියුම් කරනු ඇති බවත්ය. ඒ වගේම පසුගිය දිනක නාමල් දැනට විදෙස්ගතව සිටින ධම්මික පෙරේරා සමඟ දීර්ඝ දුරකථන සාකච්ඡාවක යෙදී තිබිණි. එහි තොරතුරු කිසිවක් හෙළි වී නැත.

දැන් මේ කතා දෙකෙන්ම කියවෙන්නේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පොහොට්ටුව ඇතුළේ තවමත් සැකයක් සහ අවිනිශ්චිත බවක් තිබෙන බවය. ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් අපේක්ෂකයකු පත් කරනවාද යන්න ගැන තවමත් තීන්දුවක් නැතැයි මහින්දත් පසුගියදා කියා තිබුණි. සමහර විට පොහොට්ටුවෙන් අපේක්ෂකයකු පත් නොකිරීමටත් ඉඩක් තිබෙන බවටත් ඔහු ඉඟිකර තිබිණි. ඒ කතාව සැකය තවත් වැඩි කිරීමක් පමණි.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා කවුදැයි ගැන සැකයක් රට තුළ තිබීම සමහරවිට ඇතැම් පක්ෂයකට වාසිදායකය. එහෙම වාසියක් ලැබෙන්නේ ඉදිරිපත් වන්නා අලුත්ම අපේක්ෂකයෙක් නම් පමණි. එහෙම අවස්ථා කිහිපයක් අපේ දේශපාලන ඉතිහාසයේ තිබේ. මෛත්‍රීපාල 2015දී විපක්ෂයේ පොදු අපේක්ෂකයා හැටියට ආවෙත් එහෙම විශාල සැකයක් තිබූ පසුබිමකය. ගෝඨාභය 2019දී ආවෙත් එහෙම සැකසහිත පසුබිමක් සමඟිනි. හරියට බැලුවොත් චන්ද්‍රිකා ^94දී ආවේත් උඩින් පහත්වෙලා වගේය. ජනාධිපති ඡන්දයට වසර එකහමාරකට කලින් චන්ද්‍රිකා දේශපාලන කරළියේ චරිතයක් නොවීය. චන්ද්‍රිකා මහඇමැති වී, අගමැති වී ජනාධිපති වූයේ කෙටිකාලයක් තුළදීය.

හැබැයි හදිසියේ සැකය පසුබිම් කරගෙන මතුවෙන ජනාධිපති අපේක්ෂකයා හැමවිටම සාර්ථක වූයේ නැත. මෛත්‍රීපාල සිරිසේනගේ ආණ්ඩුව වැඩිකාලයක් යන්නට පෙර ”මණ්ඩලේ කචල්” හේතුවෙන් දෙදරා ගියේය. බලයට පත්වී තැබූ පළමු පුංචි ඡන්දයෙන්ම අන්ත පරාජයක් හිමිවිය. අන්තිමට අගමැති රනිල්ව ධුරයෙන් ඉවත්කර රටම බරපතළ දේශපාලන අර්බුදයකට ඇද දැම්මේය. ප්‍රශ්නය විසඳුවේ උසාවියයි. එහෙත් ඊළඟට තැබූ ජනාධිපතිවරණයේදීත් මහ මැතිවරණයේදීත් මේ කෙරුවාවේ බරපතළ ප්‍රතිවිපාක පැහැදිලිව පෙනුණි.

ඊළඟට බලයට ආ ගෝඨාභයටත් ආණ්ඩුව කරගෙන යන්න ඉඩ ලැබුණේ යන්තම් වසර දෙකක් පමණි. ඊටපස්සේ රටම කැළඹුණි. අන්තිමට ජනාධිපති ධුරයත් අතහැර රටිනුත් පළායාමට ගෝඨාභයට සිදුවිය. ජනාධිපතිවරයකුට මෙරට ඉතිහාසයේ ඡන්දයක් නොමැතිව ධුරය අත්හැරීමට සිදුවූ ප්‍රථම අවස්ථාව වශයෙන් එය ඉතිහාස ගතවිය.

චන්ද්‍රිකා නම් ඒ අතින් වාසනාවන්තය. මෙරට බලවත්ම දේශපාලන පවුලක සාමාජිකයකු වුණත් ඇය මෙරට දේශපාලනයට සක්‍රීයව සම්බන්ධ වුණේ අහම්බෙනි. මුල් කාලයේ විජයත් එක්ක සිදුකළ දේශපාලනයෙන් සෑහෙන්න හෙම්බත් වූ චන්ද්‍රිකා ආපසු තමන්ට පුරුදු යුරෝපීය රටවල් වන ප්‍රංශයේත් එංගලන්තයේත් ජීවත් වූවාය. ඇය මෙරටට කැඳවාගෙන ඒමට සෑහෙන කාර්යභාරයක් ඉටුකළේ මංගල සමරවීර බවද සඳහන් කළ යුතුය.

චන්ද්‍රිකා කොහොම හරි තම ධුර කාල දෙකම අවසන් කළාය. ඊට පස්සේ මහින්දත් තමන්ගේ ධුර කාල දෙකම සම්පූර්ණ කළේය. වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා චන්ද්‍රිකාගේ ජනපති ධුරයකාලයේත් මෛත්‍රීපාලගේ ජනාධිපති ධුර කාලයේත් අග්‍රාමාත්‍ය ධුරය දැරුවේය. ඒ අවස්ථා දෙකේම ඔහු පාර්ලිමේන්තු මැතිවරණයේදී ඉහළම ඡන්ද සංඛ්‍යාවක් ලබා පාර්ලිමේන්තුවට තේරී පත්වීමද සැලකිය යුතු කරුණකි.

දැන් ගතවෙන්නේ වත්මන් පාර්ලිමේන්තු සැසිවාරයේ අවසන් දින කිහිපයයි. ජනවාරි 26 වැනිදා ජනාධිපතිවරයා සැසිවාරය අවසන් කරන බවත් නව සැසිවාරය විවෘත කෙරෙන පෙබරවාරි 07 වැනිදා ජනාධිපතිවරයා ජාතිය අමතා ප්‍රකාශයක් සිදුකරන බවත් ප්‍රකාශයට පත්වී තිබේ. ඒ හේතුවෙන් පෙබරවාරි 04 වැනිදා ජාතික දිනයට සමගාමීව සිදුකෙරෙන ජාතිය ඇමතීම සිදු නොකෙරෙන බවද සඳහන්ය. ජනාධිපතිවරයා පසුගියදා මන්ත්‍රීන් පිරිසක් හමුවේ ප්‍රකාශ කර තිබුණේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාද ජාතික දිනයට පෙර පාර්ලිමේන්තුවේ වාර අවසානය සිදුකරන බවය. ඒ අවස්ථාවේදී එම මන්ත්‍රින් පිරිස ජනාධිපතිවරයාගෙන් පෙරළා අසා තිබුණේ ඔබතුමා පෙබරවාරි 05 වැනිදා ජනාධිපතිවරණ කැම්පේන් එක පටන් ගන්නවාද කියලාය. ඔහුගේ පිළිතුර වී තිබුණේ ”මගේ කැම්පේන් එක දැනටමත් පටන් අරන්” කියලාය.

එහෙත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ යූ.එන්.පී.යෙන්ද පොහොට්ටුවෙන්ද යන ප්‍රශ්නයට තවමත් ජනාධිපතිවරයාගෙන් ඍජු පිළිතුරක් නැත. නමුත් හතර වටෙන්ම පේන්න තිබෙන්නේ ජනාධිපතිවරයාත් යූ.එන්.පී.යත් ජනාධිපතිවරණයට පෙර සූදානමකින් පසුවෙන බවය. එහෙම ඉදිරිපත් වෙනවා නම් ජනාධිපතිවරයාට යූ.එන්.පී.යේ සහාය ලැබීම ප්‍රමාණවත් වන්නේ නැත. අනිවාර්යයෙන්ම ඔහුට පොහොට්ටුවේ සහාය ලැබිය යුතුය. පොහොට්ටුවේ සභානායකවරයාද වන ප්‍රසන්න රණතුංග නම් කියන්නේ ජනාධිපතිවරයාට තව අවස්ථාවක් දිය යුතු බවය. මාතර එම රැස්වීමට සහභාගි වී සිටි කාංචන අමාත්‍යවරයාත් දරන්නේ ඒ අදහසම බවට සැකයක් නැත. ඒ වුණත් පොහොට්ටුවේ නාමල් ඇතුළු අනෙක් පිරිස් නම් තවමත් රනිල් වික්‍රමසිංහ මහතාට මනාපය පළකර නැත. රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයාද පසුගියදා කියා තිබුණේ රනිල් වික්‍රමසිංහ මහතාට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ධුරය ලබාදෙන බවට තීන්දුවක් නැති බවය. ඒ සැකය තබා ගැනීමෙන් ජනාධිපතිවරණයේදී වැඩි වාසියක් ලබාගැනීමේ බලාපොරොත්තුවෙන්ද?

එහෙම හිතන්න නම් අමාරුය. පැහැදිලිවම පොහොට්ටුව ඇතුළේත් ඒ ගැන මතභේද පවතින විට අහසට පොළොව මෙන් ප්‍රතිපත්තිමය වශයෙන් වෙනස් රනිල් වික්‍රමසිංහ මහතාට පොහොට්ටුව නිකම්ම සහාය ලබාදෙනු ඇතැයි සිතන්නත් බැරිය. එහෙම සහායක් ලබාදී රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරවීමට තරම් උනන්දුවක් පොහොට්ටුව ඇතුළේ තිබෙන බවක් පෙනෙන්නට නැත.

වජිර අබේවර්ධනලා සහ රවි කරුණානායකලා කොතරම් කිව්වත් ලංකාවේ දේශපාලනය ඇතුළේ එක ජාතික අපේක්ෂකයකු පමණක් ඉදිරිපත් වන ජනාධිපතිවරණයක් පැවැත්වීමට අවස්ථාවක් නැත. හොඳටම ඉඩකඩ තිබෙන්නේ අවසානයේ රනිල් වික්‍රමසිංහ මහතා පොහොට්ටුවේ සහාය ඇතිව ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම හෝ සැකයේ වාසිය පොහොට්ටුවට ගන්න ඉඩදී ජනාධිපතිවරණයෙන් ඉවත්වීමය.

– ශශීන්ද්‍ර

Previous Post

රාජ්‍ය නිලධාරීන් අලුත් ඇඳුමකට මාරු වෙයි!

Next Post

ජනාධිපතිවරණයට රුපියල් කෝටි දහසක්!

CMBNEWS

CMBNEWS

Next Post
ජනාධිපතිවරණයට රුපියල් කෝටි දහසක්!

ජනාධිපතිවරණයට රුපියල් කෝටි දහසක්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

March 2, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (752)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.