චන්ද උණුසුම කෙමෙන් කෙමෙන් මෙරට දේශපාලනය ගිනියම් කරද්දී පක්ෂ විපක්ශ දේශපාලකයින් තම දේශපාලනයේ අනාගතය ස්තානගත කිරීමට සැලසුම් සකස් කරමින් සිටී.
විශ්වාස දායක ආරංචි මාර්ග පවසන අකාරයට මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රකට එතනෝල් ව්‍යාපාරිකයකු සමගි ජන බලවේගයේ දඹුල්ල ආසන සංවිධායක පට්ටම ලබා ගැනීම උදෙසා සල්ලි පොම්ප කරමින් මෙහෙයුම් අරඹා තිබේ.
සජබ දඹුල්ල සංවිධායක රත්නේ මුදලාලි නොහොත් යූ.ආර්. දයානන්ද මහතා ඊයේ දිනයේ අභාවප්‍රාප්ත වීමත් සමග පුරප්පාඩු වූ සංවිධායක තනතුර ලබා ගන්නට ඔහුගේ දේහය නිවසට ගෙන ඒමටත් පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ශය නියෝජනය කල මෙම ප්‍රකට එතනෝල් ව්‍යාපාරිකයා කෝටි ගනන් මුදල් විසි කරමින් සිටී ලජ්ජා සහගතය.
මෙසේ මුදලට පක්ශ සංවිධායක පට්ටම් විකිනීමට සජබ ලොක්කන් ගෙන ඇති තීන්දුව ජනතාවගේද දැඩි විවේචනයට ලක්ව ඇති අතර පක්ශයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කල සැබෑ ක්‍රියාකාරිකයින් තුට්ටුවකට මායිම් නොකර සල්ලි බලයට පක්ෂ සංවිධායක තනතුරු විකිනීම මාතලේ එජාප මෙන්ම සජබ දේශපාලනයේ ප්‍රභලයින් වන අලුවිහාරේලාද දැඩි පිලිකුලින් යුතුව හෙලා දකින තතත්වයට පත්ව ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.