ලංකාවේ ශර්ලොක් හෝම්ස් ලෙස විරුදාවලිය ලත් ශානි අබේසේකර මෑතක වාස් ගුණවර්ධන සිද්ධියට ව්‍යාජ සාක්ශි නිර්මානය කිරීමේ නඩුවෙන් නිදහස ලබනවා…..
සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදි කියනවා පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු නැවත ශානි අබේසේකරට බාර දෙන්න ඕනි කියලා
හැමෝටම දැන් අමතක ඇති රන්ජන් රාමනායක ලවා අධිකරණ විනිසුරුවරුන්ට අධිකරණ කටයුතුවලට බාධා කිරීම සහ බලපෑම් කිරීමට ශානි අබේසේකර මුල් වූ හැටි.ඒ ගැන ඕනි තරං හඬ පට තරම් හඬ පට අන්තර්ජාලයෙන් හොයා ගන්නත් පුළුවන්.
සහරාන් කියන්නේ අහසෙන් කඩා කඩා පාත් වෙච්චි මිනිහෙක් නෙවෙයි සහරාන්ගේ අන්තවාදී ක්‍රියා 2017 ට කලින් ඉදන්ම CID එක දැනගෙන හිටියා.
වනාතවිල්ලුවේ සිද්ධියත් එක්ක CID එක එම ලොරි රථය පසුපස හඹා යනවා.සීඅයිඩී එක දැනගන්නවා එම ලොරි රථයේ හිමිකරු සහරාන්ගේ බිරිදගේ සහෝදරයා කියලා. ඒ ඔස්සේ කුලියාපිටියේ හාදියගෙ නිවසට පොලිසියෙන් යනවා.එතන සාරා ජස්මිනුත් ඉඳලා තියෙනවා. සාරා එවෙලෙම සහරාන්ට කෝල් කරනවා. සහරාන්ගේ ෆොටෝ එකක් පෙන්නලා මේ මනුස්සයා දන්නවද කියලා ඇහුවට පස්සේ ඉන්න තැනක් නම් දන්නෑ ඒත් මේ ඉන්නේ සහරාන් කියලා ෆොටෝ එක පිටිපස්සේ හාදියාගෙන් අත්සකුත් ලබාගන්නවා. එතන සිටි නිලධාරීන් ඉදිරි විමර්ෂන කටයුතු සඳහා ශානි අබේසේකර ගෙන් වැඩිදුර උපදෙස් පැතුවට පස්සේ ශානි අබේසේකර කියනවා වහාම ඔතනින් පිටවෙන්න ඔය විමර්ශනය නවත්තන්න කියලා. අවාසනාවකට මේ සිද්ධිය ගැන පාස්කු කොමිසමේ වාර්තාවේ ලියවිලා තිබුණාත් හරිහමං විමර්ශනයක් සිදු වෙලා නැහැ. අපිට තියෙන ප්‍රශ්නෙ තමයි ඇයි ෂර්ලොක් හෝම්ස් මේ විමර්ෂණය නවත්තන්න කිව්වේ කියලා.මොකද ඒක හරියට සිදු කළා නම් මේ වෙනකොට සාරා ඇතුළු පාස්කු ප්‍රහාරයේ සියලුම සැකකරුවන් අත්අඩංගුවේ. ප්‍රහාරයක් ගැන අපට කතා කරන්නවත් සිද්ධ වෙන්නේ නෑ…
මීළඟ සිදුවීම තමයි නුවරඑළියේ පුහුණු කදවුර ගැන සිදු කරපු විමර්ශනය. අසල්වැසියකුගේ වැදගත් තොරතුරක් මත එතනට ආ පොලිස් නිලධාරීන් කඳවුරේ හිටපු මුස්ලිම් අන්තවාදීන්ව පරීක්ශා කලත් කිසිම සැකකටයුතු යමක් හොයාගන්න බැරිවෙනවා. පසුකාලීන විමර්ශනවලදී අනාවරණය වෙනවා ඒ වෙලාවේ සහරාන්ගේ පිස්තෝලය තිබ්බේ සහරාන්ගෙන් රත්තරන් තිබුණු ලැප්ටොප් බෑග් එකේ කියලා. ඒ වගේම ටී 56 ගිනි අවිය හංගලා තිබ්බෙත් අසල තිබූ ළිඳක. ලංකාවේ ෂර්ලොක් හෝම්ස්ට මේ ගැන හොයා ගන්න බැරි බැරිවෙච්ච එක නම් ඇත්තටම ලොකු ගැටලුවක්.
ශානි අබේසේකර ප්‍රසිද්ධියට පත් වෙච්ච තවත් එක සිදුවීමක් තමයි උසාවියේ මේ වෙනකොට විභාග වන නඩු කටයුත්තකට විනිසුරුවරියකට බලපෑම් කිරීමට හඬපට හරහා රංජන් රාමනායකගෙන් උපකාර පැතීම. එතෙන්දි ඇඬූ කඳුලින් ශානි කියන්නේ අනේ බුදු සර් මං සර්ගෙ ගෙදර වළං හරි හෝදන් එන්නම් කියල… ඔය වගේම සිදුවීමක් නාලක සිල්වාත් කලා…. හිටපු ජනාධිපති ඝාතනය කරන්න නාමල් කුමාර සමග කුමන්තරනය කිරීම…. එවකට ත්‍රස්ත විමර්ශන ඒකකය භාරව සිටි නාලක සිල්වාත් සහරාන්ලාගෙ අන්තවාදී දේශන, පුහුණු කඳවුරු, අත්හදාබැලීම් ගැන දැනගෙන හිටියෙම නැද්ද එතකොට……
කාදිනල් උන්නාන්සේත් “මේ වළං හෝදන සෙට් එක අයින් කරලා අලුතින් ටීම් එකක් එක්ක පාස්කු විමර්ශනය ඉදිරියට කරන්න” කියලා ගෝඨාභය ගෙන් ඒ කාලෙ ඉල්ලීමක් කලා අපිට මතකයි… දැං උන්නාන්සෙ ඊට පරස්පර දේවල් කියන්නෙ දෙයියංගෙ හාල් කැවිලද කියන්න නම් අපි දන් නෑ…
මේ සිද්ධි ඔක්කොම ගලපනකොට අපිට පේනවා දැන් පාස්කු ප්‍රහාරය ගැන සලේටයි රාජපක්ෂලාටයි විතරක් ඇඟිල්ල දික්කරලා ශානි අබේසේකරලා නාලක සිල්වලා ශුද්දවන්තයෝ උනාට ඒ අය හරියට ජොබ් එක කරානං පාස්කු ප්‍රහාරය කියලා එකක් ඇත්තටම සිද්ධ වෙන්නෙම නෑ කියලා.
පැහැදිලිවම පාස්කු වින්දිතයන්ගේ ලේ ශානිගේ නාලක සිල්වගේ අත් වලත් ගෑවිලා තියෙනවා..බුද්දි අංශ, CID පරීක්ශන නොමග යැව්වා කියලා ශානිලාට අත පිහදාගන්න බෑ… වගකීම පැහැර හැරීම ගැන නිලන්ත ජයවර්ධනලට වගේම ශානි සහ නාලක සිල්වටත් ජාත්‍යන්තර ස්වාධීන පරීක්ශනයක් සිදු කරන්නම ඕනි… හුදු කුමන්ත්‍රණ වාදයන්ගෙන් මේ ඇත්ත යට යන්න දෙන්න බැහැ…
එහෙම බලද්දි පැහැදිලි වෙන්නෙ ඇත්තටම ශානි වැඩ්ඩෙක් තමයි හැබයි ඒ එක එකාගේ වළං හෝදන්න කියන එක……