
ශලනිට රිදෙන්න නොදී බලාගන්න ශලනිට අතිශය ප්‍රිය කරන උනුන් බොහෝ දෙනෙක් මේ විදිහේ සටහන් සහ කමෙන්ටු මුහුණු පොතේ පළ කර තිබුණා.
‘ඇත්තටම මෙතනදි මම දකින කෝණයෙන් ශලනි නිවැරදී. මොකෝ ඒ වෙනකොටත් ක්ෂේත්රයේ බොහෝ දෙනෙක් දසුන් විවාහක බව දන්නෙ නෑ.දසුන්ගෙ අම්මම එක ඉන්ටව්වි එකකදි පිළිගත්තා එයා ඒක රහසක් විදිහට තියා ගත්තා සහ. ශලනී ඒ ගැන දැනන් හිටියෙ නෑ කියලා. ශලනී ඒ ගැන දැන ගත්තම සම්බන්ධය නැවැත්තුවා මොකෝ දෙන්නෙක් අතර තුන්වැන්නෙක් වෙන්න ඕනි නැති නිසා..ශලනි ඔය ගැන හරි ලස්සන සින්දුවක් හදලා තිබ්බා..ඒක එලියට දාන්න ඔන්න මෙන්න තමා මේ මනුස්සයා විහින් මැරුනේ.ඉතිං සිංදුව out කරනකොට එයා නෑ.ශලනි හරියටම හරි.හැබැයි අදටත් වැඩි දෙනා ඇත්ත කතාව දැනගෙනත් ඇගිල්ල දික් කරන්නේ ශලනිටමයි.ශලනිට සල්ලි තියෙන මිනිහෙක්ගෙ ඇගේ එතෙන්න ඇත්තටම ඕනි නෑ ලංකාවෙ දැනට වැඩිම අයකිරීම් කරන නිලියන් අතර කෙනෙක් ශලනී.මන් කැමතී එයා මේ රටින් පිට වෙලා එයාගෙ මහත්තයා එක්ක ලස්සන පවුල් ජිවිතයක් ගත කරන් නිදහසෙ ඉන්නව නම්.මිනිස්සුන්ගෙ කතාව නොදැන සහ දැනගෙනත් හිත් බිදින මේ වගේ රටක එයා ඉන්න ඕනී නෑ…කවදා හරි දරුවෝ ලැබිච්ච ෆොටො එකක් දැම්මත් මුන් එතනත් දාවී දසුන් උඹ මෝඩ වුනා කියලා නැත්නම්…’

‘ආදරේ කරන්න කාටවත් තහනමක් නැහැ. ඒක නිසා ඒ ආදරේට මුකුත් කියන්න අපි කාටවත් බැහැ. Dona Thrima ඔයා හරි. පරන මතක තියන් ඉන්නෙ ඒයාටවත් ඒයාගේ අනාගතයටවත් ඒවා පශ්න නොවන නිසා වෙන්න පුළුවන්. මාත් ශලනිට කැමති නිසා කියනවා නෙමෙයි. අපිට එයාගේ ජීවීතේ වෙන දේවල් අදාල නැහැ. ලස්සන, දක්ශ නිලියක්. ඒ චරිතෙට විතරක් ආදරේ කරන්න. එයාලගේ ජීවීතත් ටෙලි නාට්‍යයක් කරගන්න එපා. ගැහැනියක් විදියට පවු එයා. ඒත් හරිම ආදරනීය චරිතයක්!’

ඉතින් මේ ශලනිට අයිති ජීවිතේ.
ඈ කොහේ ගියා වුණත් මේ තරම්ම වුණු හිනාවකින් මූණම පුරෝගෙන ඉදිවී.