සනත් නිශාන්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ මරණය සැලසුම් සහගත මිනීමැරුමක්ද? සාමාන්‍ය අනතුරකින් වූ මරණයක් ද යන්න ඉතා ඉක්මනින් සොයා බලා වැරදිකරුවන් සිටී නම් ඉක්මනින් දඩුවම් පමුණුවන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (22) පාර්ලිමේන්තුවේදී පැවසීය.
සනත් නිශාන්තගේ මරණය පිළිබඳ සැකයක් තිබෙන බව කී ජෝන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා, හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නේ ඒ සැකය තිබෙන නිසා බව සඳහන් කළේය.
මන්ත්‍රීවරයා පැවසුවේ මේ පිළිබඳව සමාජ මාධ්‍යයේ ද කතිකාවක් ඇති වී තිබෙන බවයි.
හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ අභාවය පිළිබඳ ශෝක යෝජනාවේ අදහස් දක්වමින් ජෝන්ස්ටන් ප්‍රනාන්දු මේ බව පැවසීය.