මෙරට තිබෙන පාසල් දහදහස් එකසිය විසි හය සඳහාම භාරකාර අරමුදලක් තම ආණ්ඩුවක් යටතේ ස්ථාපිත කරන බව සමගි ජන බලවේග නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
මෙම අරමුදල බිහි කරන්නේ පාසල් සංවර්ධන සමිතියේ ගිණුමට අමතරව පාසල නඩත්තු කිරීම සඳහා බවද ඔහු පැවසීය.
එම භාරකාර අරමුදල සඳහා පාසල අවට සිටින ධනවත් පුද්ගලයන්ගෙන් මුදල් ලබාගැනීම ලබා ගැනීමට උනන්දු කරවන බවද හෙතෙම කියා සිටියේය.
එසේ ගොඩනඟන භාරකාර අරමුදල ස්ථාවර තැන්පතුවක් ලෙස පවත්වා එහි පොලියෙන් පාසල නඩත්තු කිරීමට තමන් කටයුතු කරන බවද ඒ මහතා තවදුරටත් පැවසීය.
ඔහු මේවා කියා සිටියේ සක්වල සියවන වැඩසටහන බොරලැස්ගමුවේදී අමතමිනි.