Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home පුවත්

සජිත්ගේ සිඟිති දියණියට දෙන්න හදපු එන්නත මොකක්ද?

CMBNEWS by CMBNEWS
March 8, 2024
in පුවත්
0
සජිත්ගේ සිඟිති දියණියට දෙන්න හදපු එන්නත මොකක්ද?
0
SHARES
223
VIEWS
Share on FacebookShare on Twitter

විපක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා සිය ජීවිතය ගැන අපූරු පුවතක් එළි කළේය. ඒ තමන් දැන් දියණියකගේ පියකු වන බවය. මහනුවර පැවැති කාන්තා රැස්වීමකදී සිය පිය පදවිය පිළිබඳ ප්‍රසිද්ධියේ කතා කළ විපක්ෂ නායකවරයා දියණිය රැගෙන මහනුවර ශ්‍රී දළදා මාලිගයටද ගියේය. දියණිය ගැන කරන කතාවේදී ඔහු දරු උපතක සතුට සමඟ දුප්පත් මාපියන්ගේ හද ගැස්ම වේගවත් කරන පුවතක් ගැනද විවෘතව

කතා කළේය. ඔහු කියා සිටියේ සිඟිති දියණියට ලබාදිය යුතු අත්‍යවශ්‍ය එන්නතක් ලෙස ළමා රෝග පිළිබඳ වෛද්‍ය විශේෂඥයා සින්ෆ්ලොරික්ස් (synflorix) එන්නත නිර්දේශ කළ බවත් එය පෞද්ගලිකව පමණක් ලබා ගත හැකි එන්නතක් වූ බවය. මිල අධික synflorix නම් එන්නත මෙරට ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනට ඇතුළත් නොවීම ගැන ඔහු ගැටලු මතු කළේය. බොහෝ අයට මේ කතාව ප්‍රශ්නයක් වුණි. අපිට නොගහන විපක්ෂ නායකගේ දරුවාට ගහන්න හදන එන්නත කුමක්ද යන්නය.

ඇත්තටම මෙය අත්‍යවශ්‍ය එන්නතක්ද? අපි මේ ගැන ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනකුගෙන්ම විමසුවෙමු. මෙම කතාව දේශපාලන පසුබිමකින් මතු වූ නිසාවෙන් ඔවුහු නම් ගම් හෙළි කරන්නට අදිමදි කළහ. මන්දයත් වෛද්‍ය විශේෂඥයන් දශක ගණනාවක් පුරා බලයට පත් වන දේශපාලනඥයන්ගෙන් අදාළ බලධාරීන්ගෙන් සෑම දරුවකුටම මේ එන්නත ලබාදීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටි බැවිනි. වෙනකක් තබා විපක්ෂ නායකවරයාගේ පියා, ආර්. ප්‍රේමදාස ජනපතිවරයාගේ පාලන කාලයේදී පවා ඒ ඉල්ලීම කළ බව සුප්‍රකට ළමා රෝග විශේෂඥයකු පවසා තිබිණි. ජනාධිපති ප්‍රේමදාස මියයන්නේ 1993 වසරේදීය. එනම් මේ එන්නතේ කතාව දැන් අවුරුදු 30ක ඉඳන් පැවතෙන්නකි.

ඉන්පසු පක්ෂ කීපයක් බලයට පැමිණියත් වෛද්‍යවරුන්ගේ ඉල්ලීමේ මෙන්ම බලධාරීන්ගේ ප්‍රතිචාරයේද වෙනසක් සිදු නොවිණි.

එහෙත් අද සින්ෆ්ලොරික්ස් (ඉරදටතධපඪය) එන්නත කාලීන අවශ්‍යතාවක්ව පවතින බව වෛද්‍යවරු පවසති. මේ එන්නත නියුමොකොකල් එන්නත ලෙසින්ද වෛද්‍ය විද්‍යාත්මකව හ¾දුන්වයි. එය මොළයේ ඉදිමීම එනම් මෙනින්ජයිටිස්, නියුමෝනියාව, රුධිර ආසාදන සහ කන් ආසාදන වළකාලන එන්නතකි.

කෙටියෙන්ම පැවසුවොත් නියුමෝනියාව ඇතුළු රෝග රැසකට හේතුවන ස්ට්‍රෙප්ටොකොකස් නියුමෝනියේ / Streptococcus pneumoniae බැක්ටීරියා කාණ්ඩයෙන් ඇතිවන සෑම රෝගයකටම එන්නත වැට බඳියි. බොහෝ යුරෝපීය රටවල් සහ ඇමරිකාව නියුමෝනියාවට ලබා දෙන Pneumococcal conjugate එන්නත් ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනට, එන්නත් ක්‍රියාවලියට ඇතුළත් කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයද එය ප්‍රතිශක්තිකරණ වැඩසටහනට ඇතුළත් කළ යුතු එන්නතක් ලෙස නම් කර ඇත.

මෙම නියුමොකොකල් එන්නත ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනට ඇතුළත් කිරීම ඉතා වැදගත්ය. ඒ, නියුමෝනියාවෙන් දරුවන් සහ වයෝවෘද්ධ පුද්ගලයන් ආරක්ෂා කිරීමට පමණක් නොව ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාව නම් ගෝලීය දැවැන්ත සුව අර්බුදයටද මෙවැනි එන්නත් ලබා දීම විස¾දුමක් වන බැවිනි. ආසාදනය වන රෝග එන්නත් මඟින් වළක්වා ගතහැකි වීම ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාව අවම කිරීමට ගත හැකි වැදගත් පියවරකි.

එන්නත්කරණයෙන් පහසුවෙන් වළක්වා ගත හැකි රෝගයකින් දරුවන් විශාල සංඛ්‍යාවක් මියයනවා නම් ඒ නියුමෝනියා රෝගයෙන් බව ලෝක සෞඛ්‍ය සංවිධානයද කියයි. එම සංවිධානයේ ඇස්තමේන්තු ගතකිරීම්වලට අනුව වාර්ෂිකව දරුවන් මිලියනයකට වැඩි ගණනක් නියුමෝනියාව වැලඳී මියයති. ඉන් සියයට 90ක්ම දරුවන් අයත් වන්නේ ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවලටය. තවමත් සංවර්ධනය වන රටවල ජනකායෙන් හතරෙන් එකකට එන්නත ලබා ගැනීමට වරම් නැත.

දැනට ලංකාවේ අතමිට සරු මවුපියෝ මුදල් වැය කර synflorix එන්නත දරුවන්ට ලබා දෙති. එහෙත් ආර්ථික උද්ධමනයෙන් බැට කන එදා වේල සරිකර ගැනීමට තරම් වත්කමක් නැති මවුපියන්ට එන්නතේ මිල ඇසූ විට ක්ලාන්ත නොවුණොත් පුදුමයකි.

සජිත් ප්‍රේමදාස කීවේ වර්තමානයේ මෙම එන්නතේ එකක මිල රුපියල් 7,800ක් බවය. දරුවකුට මෙම එන්නත මාත්‍රා තුනක් ලබා දිය යුතු බව වෛද්‍යවරු කියති. ඒ මාස දෙකේදී, හතරේදී සහ හයේදී වශයෙනි. ඒ අනුව එන්නත් මාත්‍රා තුනට එක් දරුවකුට රුපියල් 23,400ක් වැය කිරීමට සිදුවෙයි. ජීවිත කාලයටම දරුවාට මේ එන්නත් මාත්‍රා තුන ලබාදීම ප්‍රමාණවත්ය.

පසුගිය කාලයේ ඇද වැටුණු ආර්ථිකයත් එක්ක මේ රටේ පහළ මධ්‍යම පන්තියේ සිටි ජනතාවගෙන්ද වැඩිපුර කොටසක් දිලි¾දු බවේ රේඛාව පැන ඇත. එනම් තවදුරටත් දුප්පතුන් වී ඇත. පහළ මධ්‍යම පාන්තිකයන් සහ දිළින්දන් වැඩි ශ්‍රී  ලංකාව වැනි රටක පවුලකට දරුවා ස්ට්‍රෙප්ටොකොකස් නියුමෝනියේ බැක්ටීරියාව විසින් බිලි ගත්තද සිදුවන්නේ කඳුළු වගුරමින් මුදල් පසුම්බිය දෙස බලමින් සුසුම් හෙළීමට පමණි.

එහෙත් ඒ දිළින්දාගේ මනාපයෙන් මැති සබයට යන දේශපාලනඥයන්ට දරුවන් සියයක් සිටියද එන්නතක් ලබාදීමට තරම් වත්කමක් ඇත. ඒ වත්කම ලැබෙන්නේ ජනතා කතිරේ බලයෙනි. එය යථාර්ථය වුවද තම දියණියට එන්නත ලබාදීමට ගිය එක් දේශපාලන නායකයකුට හෝ රටේ පොදු ජනතාවගේ දියණිවරුන්ද සිහිවීම පැසසුම් කළ යුතු කරුණකි. එයින් සෙසු දේශපාලනඥයන්ගේද දෑස් විවර වන්නේ නම්, සෞඛ්‍ය බලධාරීන්ගේ

අවධානය යොමු වන්නේ නම් සංඛ්‍යා ලේඛනවලට ඇතුළත් වී හෝ ඇතුළත් නොවී නියුමෝනියාවෙන් මියෙන දරුවන් විශාල සංඛ්‍යාවකට ජීවිතය දීමට හැකිවනු ඇත. වසරකට ලංකාවේ තුන් ලක්ෂයකට ආසන්න දරු උපත් ප්‍රමාණයක් අපේ රටින් වාර්තා වන අතර වසරකට මීට පෙර විපක්ෂ නායකවරයා සනීපාරක්ෂක තුවා ගැන දේශපාලන වේදිකාවේ කළ කතාව ආන්‍ෙදා්ලනයට ලක් වූවා සේම අවධානයට ලක්විය යුත්තකි.

චම්පා දීපානි රණසිංහ | www.mawbima.lk

Previous Post

වර්ජන ස්ට්‍රයික් එක්කම යුනියන් කබ්බෝ හාන්සියි : රාජ්‍ය සංස්ථා සියල්ලට රනිල්ගෙන් සුපිරි වැඩක්!!

Next Post

බැසිල්ගේ පැමිණීම අපට ප්‍රශ්නයක් නොවෙයි!

CMBNEWS

CMBNEWS

Next Post
බැසිල්ගේ පැමිණීම අපට ප්‍රශ්නයක් නොවෙයි!

බැසිල්ගේ පැමිණීම අපට ප්‍රශ්නයක් නොවෙයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

March 2, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (752)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.