සජබ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද රාත්‍රියේ දෙරණ 360 වැඩසටහනට සහභාගී වන බවට පුරවා ප්‍රචාරක පට විකාශනය වුවත් නොවැලක්විය හැකි හේතුවක් මත ඔහු එම වැඩසටහනට පොල්ල තබමින් වැඩසටහනට සහභාගී නොවන බවට තොරතුරු වාර්තා වනවා.
ඊයේ දිනයේ හිරු නාලිකාව සමඟ පැවති සලකුණ වැඩසටහනට සජීවීව සහභාගී වනවා වෙනුවට පටිගත කල වැඩසටහනක් විකාශය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙමින් පවතින පසුබිමක සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුව විවේචනය කලේ අපි නොදන්නා LIVE වැඩසටහන් වලට පමණක් සජිත් සහභාගී වන බවයි.
මෙවන් තත්වයක් තුල මෙසේ සජීවී වැඩසටහන් වලට සහභාගී නොවීම සජිත් ප්‍රේමදාස මහතාට වලදී ඇති ෆොබියා රෝගයක් බවටත් විවිධ පාර්ශව අදහස් පළකර සිටිනවා. රට බාරගන්නට සහ ඕනෑම අභියෝගයකට පුව දෙන්න සුදානම් බවට වේදිකාවේ පම්පෝරි ගහන සජිත්ට සජීවී රුපවාහිනී වැඩසටහනක සහභාගී වීමටවත් පෞර්ෂයක් නොමැතිවීම කණගාටුවට කරුණක් වන අතර මීට පෙරත් සජීවී විවාදයකට පොල්ල තබමින් පැන ගිය හැටි සියල්ලෝ දන්නා කරුණක්.