සමගි ජන බලවේගය වෙනත් ඇතැම් දේශපාලන පක්ෂ මෙන්ම දූපත්වල හෝ ලාබදායී වෙනත් ව්‍යාපාර වල මුදල් ආයෝජන කර නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂයක් ලෙස කටයුතු කරමින් සිටින්නේ තනතුරු තාන්න මාන්න අපේක්ෂාවෙන් නොවන බවද පැවසූ සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්වන බවට බොරු ප්‍රවෘත්ති මැවුවද ජනතාවට ද්‍රෝහි වී බලය ලබා ගැනීමට තමන් කිසි දින සූදානම් නැති බව ද කියා සිටියේය.
ඔහු මේ බව සඳහන් කළේ මිනුවන්ගොඩ රෙජී රණතුංග විද්‍යාලයේ පැවති උත්සව අවස්ථාවක් අමතමිනි.