ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන්තවයෙන් යාපනයේ පැවැති රාජ්‍ය උත්සවයකට සහභාගී වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.
ඒ, සිය එක්ස් ගිණුමෙහි සටහනක් තබමින්.
මෙම උත්සවයට සහභාගී වීම ජනාධිපතිවරයාට සහාය පළ කිරීමක් හෝ සහාය පළ නොකිරීමක් ලෙස නොවන බවයි ඔහු අවධාරණය කරන්නේ.
තම මැතිවරණ දිස්ත්‍රික්කයේ අදාළ උත්සවය පැවැත්වීම හේතුවෙන් ඊට සහභාගී වූ බව අදාළ සටහනේ වැඩිදුරටත් සඳහන්.
යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15ම ආවරණය වන පරිදි සින්නක්කර ඔප්පු 1286ක් ජනතාවට ලබාදීම ඊයේ (24) සිදු කෙරුණා.
ඒ, ජනාධිපතිරයාගේ ප්‍රධානත්වයෙන් යාපනය තන්තයි චෙල්වා ශ්‍රවණාගාරයේ පැවති “උරුමය ” වැඩසටහනේ දීයි.
ජනතාවට නොමිලේ ඉඩම් අයිතිය ලබා දෙන දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බවයි එහි දී රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ.
මෙම අවස්ථාවට අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ධර්මලිංගම් සිද්ධාර්ථන් ,නීතිඥ එම්.ඒ.සුමන්තිරන්, උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාර්ල්ස්, හිටපු රාජ්‍ය ඇමතිණි විජයකලා මහේෂ්වරන් යන මහත් මහත්මීන් එක්ව සිටියා.
මේ අතර කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 4 ආවරණය වන පරිදි සින්නක්කර ඔප්පු 1700ක් ලබාදීම අද (25) සිදු කෙරුණ බවයි, ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.