ජනාධිපතිවරණ ප්‍රතිඵලයක් සමඟ පත් වන නව ජනාධිපතිවරයාට බලය පැවරීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කටයුතු කරමින් සිටී.
එසේ බලය ලබාදීමට අවශ්‍ය සියලු උපදෙස් ඔහු මේ වන විටත් ජනාධිපති ලේකම්වරයාට ලබා දී තිබේ. රනිල් වික්රමසිංහ මහතා මේ වන විටත් කොළඹ 07 පිහිටි තම පුද්ගලික නිවසට ගොස් සිටී.
කෙසේ වෙතත් රනිල් වික්රමසිංහ මහතා අරාජික වූ රට ගොඩ ගැනීමේ අභියෝගය බාරගෙන පීලි පැන යන එන මගක් නොමැතිව තිබු රට යලි නිවැරදි මාවතට ස්ථානගත කොට තෙල් ගෑස් කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය අවශ්‍යතා පවා නොමැතිව දුක් විදි ජනතාවට යම් බලාපොරොත්තුවක් එක් කිරීමට සමත් විය.
කෙසේ නමුත් ඒ ආර්ථික ගොඩ ගැනීම ප්‍රමාණවත් නොවූ සහ තෙල් ගෑස් කිරිපිටි වලින් එහා ලෝකයක් වෙත රට ගෙනයන්නට අවශ්‍ය වූ බහුතර ජනතාවක් ප්‍රජාතන්ත්‍රවාදීව නව නායකයෙක් පත්කොටගෙන ඇත.
එදා ඊනියා අරගලකරුවන්ගෙන් රට මුදාගෙන බංග්ලාදේශය මෙන් අරාජික රටක් නොවන්නට රට යලි ස්තාවර කොට ආර්තික අර්බුධයෙන් රට ගොඩ ගන්නට අඩිතාලම දැමූ රනිල් වික්‍රමසිංහ ජනපතිතුමනි ඔබට ස්තූතියි. ඔබ සැකසූ පිටියේ ක්‍රීඩකයින් රැසක් ක්‍රීඩා කරනු ඇත ජයග්‍රාහකයින් මෙන්ම තරගාවලි වීරයින්ද බිහි වනු ඇත. එසේ කුසලාන දිනද්දී පිටිය සැකසූ පුද්ගලයා ගැන කතා නොකරනු ඇත.
පුලුවන් ශ්‍රී ලංකා – අපේ රටට ජය වේවා!!!