ජනාධිපතිවරණය ඔක්තෝබර් මස 12 වැනිදාට පෙර දිනයක දී පැවැත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.
ගාල්ලේ දී එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් හමු වූ අවස්ථාවේ දී ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් නිශ්චිත ප්‍රකාශයක් සිදු කර නැහැ.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් නියමිත දිනයක දී දැනුම් දෙනු ඇති බවටයි, මන්ත්‍රීවරයා එහි දී ප්‍රකාශ කර ඇත්තේ.
ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව අනුව ඔක්තොම්බර් 17 ජනාධිපතිවරණය පැවැත්වීමේ අවසාන දිනය බව වජිර අබේවර්ධන මහතා පෙන්වා දෙනවා.
ඒ අනුව මැතිවරණ කොමසමට දින 7ක කාලයක් ලබා දෙන්නේ නම් ඔක්තොබර් 12 වන දිනට ප්‍රථමයෙන් මැතිවරණය පැවැත්විය යුතුයි.
ඒ අතර අවශ්‍ය නම් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට අවුරුදු 12ක් වුවත් ජනාධිපති ධුරයේ රැදී සිටීමට ජනමතය විමසිය හැකි බවයි ඔහු කියා ඇත්තේ.
ජනාධිපතිවරයා කරන එම විමසීමේ දී දෙකෝටි විසිලක්ෂයක් වන ජනතාව ජනාධිපතිවරයාට රට පාලනය කිරීමට යළි අවස්ථාව ලබා දුනහොත් එය ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක් බව ඔහු සඳහන් කළා.