වාණිජ කටයුතුවල නිරත රාජ්‍ය සංස්ථා සියල්ල සමාගම් බවට පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය 03 වෙනිදා පැවති සම්මන්ත්‍රණයකදී හෙළි කර තිබේ.
එහිදී වැඩිදුරටත් හෙළි කර ඇත්තේ එම සංස්ථා සියල්ලම එක සමාගම් බවට යළි ව්‍යුහගත කරන බවයි. ඉන් පසුව එම සමාගම් සියල්ල එක් කර ප්‍රධාන එක් සමාගමකට භාර දීමට සූදානම් බවද හෙළි කර ඇත.
රට දියුණු කිරීමට ලෝකය පිළිගන්නා නව නීති හඳුන්වා දෙමින් මෙම ක්‍රියාමාර්ගය අනුගමනය කරන බව වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිකුත් කළ නිවේදනයකින් හෙළි වේ.
මේ පුවතත් සමග ස්ට්‍රයික් වර්ජන සංවිධානය කරමින් අදාල රජයේ ආයතන වනසන වෘත්තිය සමිති කපුටන්ගේ ග්‍රහනයද එම ආයතනවලින් ගිලිහී යාමට ඉඩ ඇති අතර මේ වනවිටත් ඉන් සලිත වී සිටින සමහර දේශපලන පක්ශ මෙම තීන්දුවට එරෙහිව මාධ්‍ය ප්‍රචාර දියත්කොට ඇත.