ශ්‍රී ලංකාවේ බහුතර ජනතාවකට පළමුව අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තු මැතිවරණය නොව ජනාධිපතිවරණය පැවැත්වීම බව තම ආයතනය විසින් සිදු කරන ලද ජන මත විමසුමකදී හෙළි වී ඇතැයි ලංකා රිසර්ච් පවසයි.
තම ජන මත විමසුමට අනුව ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් අවශ්‍ය යැයි පවසා ඇත්තේ 20%ක් පමණක් යැයිද ලංකා රිසර්ච් සඳහන් කරයි.
එමෙන්ම රටේ ජනගහනයෙන් 81.9%ක් පමණ විශ්වාස කරන්නේ නිෂ්පාදනය සහ අපනයනය පදනම් කරගත් ආර්ථිකයක් බවට රටේ ආර්ථිකය පත් කිරීම සහ වැඩිදියුණු කිරීම හරහා ආර්ථිකය ස්ථාවර කළ යුතු බව යැයිද තම ජන මත විමසුමෙන් අනාවරණය වූ බව ලංකා රිසර්ච් පෞද්ගලික ආයතනය වැඩිදුරටත් පවසයි.