Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

    BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home පුවත්

ආර්ථිකය ගොඩනැඟීමට නොහැකි වූවා නම් ලංකාවම අද තවත් කෙන්යාවක්!

CMBNEWS by CMBNEWS
June 30, 2024
in පුවත්
0
ආර්ථිකය ගොඩනැඟීමට නොහැකි වූවා නම් ලංකාවම අද තවත් කෙන්යාවක්!
0
SHARES
24
VIEWS
Share on FacebookShare on Twitter

ආර්ථික ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් කෙන්යාව අද විශාල අර්බුදයකට මුහුණ දී සිටින අතර මිනිස් ඝාතන ද සිදු වන බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටක ආර්ථිකය සකස් කිරීම අත්‍යාවශ්‍ය බවත්, රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමට ශ්‍රී ලංකාව සමත් නොවුවා නම් අද ශ්‍රී ලංකාවේ තත්ත්වය ද එය බවත් පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද (28) පැවති 2024 ජනාධිපති පරිසර සම්මාන උළෙල අමතමින්.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට ආර්ථික ශක්තිය නොමැති අප්‍රිකානු කලාපයේ රටවල ණය සම්පූර්ණයෙන් අහෝසි කළ යුතු බවට ගෝලීය හඬක් නැඟීම ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ කොටසක් වන බවයි.

ශ්‍රී ලංකාව එවන් සහනයක් අපේක්ෂා නොකරන අතර ණය කළමනාකරණය කර ගනිමින් ඉදිරියට යාමට ශ්‍රී ලංකාවට ශක්තිය සහ ඥානය ඇති බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.

එසේම දේශගුණික විපර්යාසවලට මුහුණදීමේ දී කලාපීය නායකත්වය ගැනීමට ශ්‍රී ලංකාව සූදානම් බව පැවසූ ජනාධිපතිවරයා මේ වන විට ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ පුළුල් වැඩකොටසක් ඉටු කරමින් සිටින බවද සඳහන් කළා.

පරිසර සංරක්ෂණය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් සිදු කළ කර්මාන්ත, ව්‍යාපාර ආයතන හා පුද්ගලයන් අගයමින් රාජ්‍ය ගෞරව ලබාදීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් ජනාධිපති පරිසර සම්මාන උළෙල වාර්ෂිකව සංවිධානය කරනු ලබන අතර කර්මාන්ත, ව්‍යාපාර හා ව්‍යාපෘති ආයතන, ජනමාධ්‍ය ආයතන සහ සමාජ යන ප්‍රධාන අංශ යටතේ 124 දෙනෙකු වෙනුවෙන් රන්, රිදී සහ ලෝකට පදක්කම් හා සම්මාන ප්‍රදානය කිරීම මෙවර සිදු කෙරුණා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…

මධ්‍යම පරිසර අධිකාරිය වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජනාධිපති පරිසර සම්මාන උළෙල මෙම වසරේදී ද උත්කර්ෂවත් ලෙස සංවිධානය කිරීම මම ඉතා අගය කරනවා. පසුගිය වසරේදී පරිසරය වෙනුවෙන් විශාල සේවාවක් කළ අය අද මෙහිදී සම්මානයට පාත්‍ර වුණා.

මධ්‍යම පරිසර අධිකාරිය ආරම්භ කරනු ලැබුවේ 1981 වසරේදී. එය සකස් කළේ රණසිංහ ප්‍රේමදාස අගමැතිවරයාගේ ලේකම් ලෙස කටයුතු කළ විජේදාස මැතිතුමා. ඒ කාලයේ සිදුවූයේ පරිසරය පිළිබඳ අවධානය ඇතිවීම පමණයි. ඊට පෙර දශකයේ පරිසරය පිළිබඳ අවධානයක් යොමුව තිබුණේ නැහැ. නමුත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමා මෙම සංකල්පය ඉදිරියට ගෙන ආ අවස්ථාවේ මෙම අධිකාරිය ඇති කිරීමට කැබිනට් මණ්ඩලය එකඟ වුණා. එදා අවධානය යොමු වුණේ පරිසරයට හානි වන කරුණු පිළිබඳව පමණයි. ඒ අනුව එම වැඩකටයුතු ඒ වෙනුවෙන් සීමා වුණා.

අද වන විට පරිසරය කියන විෂය ඊට වඩා ඉදිරියට පැමිණ තිබෙනවා. පරිසරයෙන් ආරම්භ වී දේශගුණික විපර්යාස දක්වා එය පුළුල් වී තිබෙනවා. ඒ වගේම දේශගුණික විපර්යාස අද ගෝලීය ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. ඒ වගේම එය ආර්ථික ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. ඒ නිසා අද සෑම ක්ෂේත්‍රයකටම පරිසරයත්, දේශගුණික විපර්යාසත් බලපෑම් එල්ල කරනවා.

1981 සකස් කළ නීතිය පිළිබඳ අපට අලුතින් සිතීමට සිදුව තිබෙනවා. ඒ පිළිබඳ සංශෝධන ඉදිරිපත් කරන ලෙස මම ලේකම්තුමාට දැනුම් දුන්නා. ලෝකයේ සෑම පරිසර අධිකාරියක්ම තමන්ගේ නීති සංශෝධන සිදු කර තිබෙනවා. ඒ නිසා ලංකාව ද එය සිදු කළ යුතුයි. එහිදී තවත් ඉදිරියට යමින් දේශගුණික විපර්යාස පිළිබඳ නීතියක් ඇති කිරීමට ද අප කටයුතු කරනවා. ඒ වගේම දේශගුණික විපර්යාස මධ්‍යස්ථානය ඇති කර ඒ සඳහා උපදේශකවරයෙකු පත් කිරීමට අප කටයුතු කළා.

ඒ වගේම දේශගුණික විපර්යාසවලට මුහුණදීමේ දී අප ජාත්‍යන්තරයේ ද යම් වැඩකොටසක් භාරගෙන තිබෙනවා. ඒ අනුව දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙන අතර ඊට අදාළ නීති සකස් කර තිබෙනවා. අප මෙම කටයුතුවලට පමණක් සීමා වන්නේ නැහැ. අප තවත් ඉදිරියට පැමිණ තිබෙනවා. ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචනය කරා ළගා වීම රටේ ජාතික ආර්ථික ප්‍රතිපත්තියට ඇතුළත් කර තිබෙනවා.

ඒ වගේම ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් වෙනුවෙන් අප කැපවී සිටිනවා. ඒ සමඟ කෘෂි නවීකරණ වැඩසටහන ද අප ක්‍රියාත්මක කර තිබෙනවා. එම වැඩපිළිවෙළ දැන් සිටම ආරම්භ කර 2048 වන විට ඉලක්කය සපුරාගත යුතුයි. සාමාන්‍ය ලෝකය පිළිගෙන තිබෙන්නේ 2050 වන විට මෙම ඉලක්ක සපුරාගත යුතු බවයි. නමුත් 2050 වසරට පෙර අපට මෙම ඉලක්කයට ගමන් කළ හැකි බව දැනුම් දී තිබෙනවා.

ඒ වගේම මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමේදී හරිත මූල්‍යකරණය සහ හරිත බැදුම්කර අවශ්‍යයි. එසේනම් මෙය ආර්ථිය වැඩපිළිවෙළට ඇතුළත් වෙනවා. අප මෙම ඉලක්ක සපුරාගත යුතුයි. අද අප මුළු ලෝකය දෙසම අවධානය යොමු කරමින් මෙම වැඩකටයුතු සිදු කරගෙන යනවා.

දේශගුණික විපර්යාසවලට මුහුණදීම රටකට තනිව සිදු කළ නොහැකියි. එහිදී සියලු රටවල් එක්ව කටයුතු කළයුතුයි. නමුත් අප මෙම වැඩපිළිවෙළ ආරම්භ කළත් මේ වන විට බටහිර ලෝකයේ ඇතැම් රටවල් එයින් ඈත් වෙලා. එදා එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන් මහතා ග්ලාස්ගෝ ප්‍රකාශය ඇති කර ගත්තා. නමුත් අද බිතාන්‍ය ආණ්ඩුව ඉන් ඉවත්වීමට උත්සාහ කිරීම ඊට හොඳම නිදසුන ලෙස පෙන්වා දිය හැකියි. කෙසේ නමුත් ඇමරිකාව මේ සම්බන්ධව ගනු ලබන තීරණය අපට දැන ගන්න ලැබෙන්නේ නොවැම්බර් මාසයේ පැවැත්වෙන මැතිවරණයෙන් පසුවයි.

නමුත් අප මෙම ඉලක්කය කරා ගමන් කළයුත්තේ කෙසේද කියා අවධානය යොමු කළයුතුයි. මේ සඳහා විශාල මුදලක් අවශ්‍යයි.

අප්‍රිකාවේ සහ ආසියාවේ රටවල් ගණනාවක් ණය වී සිටිනවා. ඔවුන් ණය සහන ඉල්ලා තිබෙනවා. අසියාවේ ණය සහන ඉල්ලීමට මම සහාය ලබා දුන්නේ නැහැ. ලංකාවේ ණය ප්‍රශ්නය අපට විසදාගත හැකි බව මම පෙන්වා දුන්නා. නමුත් අප්‍රිකාවේ අඩු ආදායම්ලාභී රටවල ණය සහන සම්පුර්ණයෙන් අහෝසි කරන ලෙස ඉල්ලා සිටියා.

ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව ලංකාව මේ වන විට පළමු පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අප බංකොලොත්භාවයෙන් ඉවත් වී තිබෙනවා. දැන් ආර්ථික පරිවර්තන නීතිය සම්මත කර ගනිමින් අප එම ගමන යා යුතුයි. නමුත් අප්‍රිකාව වැනි රටවලට එම වැඩකටයුතු කිරීම අසීරුයි. ඒ නිසා ඒ අයට සහන ලබා දිය යුතුයි. විශේෂයෙන්ම අප්‍රිකානු රටවලට තිබෙන එම ණය සම්පුර්යෙන් අහෝසි කරන ලෙස ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාස සමුළුවේදී යෝජනා කළා.

දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා ප්‍රතිපාදන අවශ්‍යයි. එම අවශ්‍ය මුදල් මේ වන තෙක් ලැබී නැහැ. නමුත් යුක්‍රේන යුද්ධයට සහ ගාසා තීරයේ යුද්ධයට බටහිර රටවල් මේ වන විට ඩොලර් බිලියන 100ක් පමණ වියදම් කර තිබෙනවා. රුසියාව ඒ සඳහා වියදම් කළ මුදල අප දන්නේ නැහැ. මෙම මුදල් අප්‍රිකානු රටවලට සහ අනෙකුත් රටවලට ලබා දුන්නා නම් විශේෂ පරිවර්තනයක් සිදු කළ හැකියි.

යුද්ධ කර වැඩක් නැහැ. අප ඉල්ලා සිටින්නේ යුක්‍රේන යුද්ධය නවත්වන්න ලෙසයි. ගාසා තීරයේ යුද ගැටුම් නවතා දමන්න. එම යුද්ධය නවතා වසර 05කින් පලස්තීන රාජ්‍ය ඇති කරන්න. ඒ වගේම ඊශ්‍රාලයේ ආරක්ෂාව පිළිබදවත් පියවර ගන්න.

නමුත් ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය වන්නේ මේ පිළිබඳ ගෝලීය දකුණ තුළ හඬ නැගීමයි. මෙම යුද්ධය නවත්වා අප්‍රිකානු රටවලට උදව් කරන ලෙස අප ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ දිනවල කෙන්යාවේ තිබෙන කෝලහාල අප දුටුවා. දැනට 20 දෙනෙකු පමණ වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. රටක ආර්ථිකය සකස් කළේ නැත්නම් මතුවන තත්ත්වය මෙයයි. ලංකාවේ මෙම ආර්ථික ස්ථාවරත්වය ඇති කළේ නැත්නම් අපටත් ඒ තත්ත්වයට මුහුණ දීමට සිදු වෙනවා.

ඒ නිසා මේ මුදල් එම රටවලට ලබා දිය යුතුයි. ශ්‍රී ලංකාව ඊට සම්පුර්ණ සහාය ලබා දෙනවා. ලංකාව එවන් උපකාරයක් බලාපොරොත්තු වන්නේ නැහැ. ලංකාව ණය කළමනාකරණය කර ගනිමින් ඉදිරියට යනවා. ඒ සඳහා අවශ්‍ය ශක්තිය සහ ඥානය අප සතුව තිබෙනවා. අප එම මාර්ගයේ ඉදිරියට යා යුතුයි. එහිදී අප තරගකාරි, ඩිජිටල් සහ හරිත ආර්ථිකයකට පරිවර්තනය විය යුතුයි. අපේ ශක්තියෙන් අපි එම ගමන යමු.

Previous Post

ලංවිම සේවකයන් ගෙදරයවා අලුත් විදියට පඩි ගෙවන හැටි මෙන්න!

Next Post

ඉන්ධන මිල අඩු කරයි!

CMBNEWS

CMBNEWS

Next Post
ඉන්ධන මිල අඩු කරයි!

ඉන්ධන මිල අඩු කරයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

September 13, 2025
“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

July 7, 2025
විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (754)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (15)

Recent News

BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

September 13, 2025
“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

July 7, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.