එළබෙන ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාව නියෝජනය කරමින් නියෝජිතයෙකු ඉදිරිපත් නොකරන්නේ නම්, තමන්ගේ පෞද්ගලික කැමැත්ත වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බව දෙමළ ජාතික සංධාන පා.ම. සී.වී. විග්නේෂ්වරන් මහතා පවසනවා.
ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ කළ විමසීමකදී ඔහු මේ බව පවසා සිටියා,
“අපි දැන් සාකච්ඡා කරමින් ඉන්නේ උතුරු නැගෙනහිර දෙමළ මිනිස්සු වෙනුවෙන් කෙනෙක්ව ජනාධිති මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කරන්න. මේක ගැන කථාකරගෙන ඉන්නේ. තාම ඒකේ තීරණයක් අරන් නැහැ.
නමුත් අපේක්ෂකයෙක් සොයාගන්න බැරි වුණොත්, ඉදිරිපත් වෙන අයගෙන් කවුද සුදුසුකෙනා කියලා තෝරගන්න ඕන.
රනිල් ගැන වැරදි දේවල් කියන්න පුළුවන්. මම නම් කියන්නේ එයා අනික් අයට වැඩිය හොදයි. ඒක මගේ පෞද්ගලික අදහස.
එයා ඉන්නකොට මම හිතන්නේ නැහැ සුදු වෑන් එක ඇවිල්ලා මිනිස්සු අරන් යයි, ඒක ඒක දේවල් එයා කරන්නේ නැහැ.
දැනටමත් ඉන්න මිනිස්සුන්ගෙන් එයා ශ්‍රේෂ්ඨයි.
පාසල් මිතුරා, අසල්වාසියා, ගේ එහා පැත්තේ ඉන්න නිසාද මේවා කියන්නේ….?
(ඊට සිනහවකින් පිළිතුරු දෙමින්)…එහෙමත් වෙන්න පුළුවන්.
මෙහෙ ඡන්දය ගන්න ඕන නම් සිංහල බෞද්ධයෙක් කියලා පෙන්වන්න ඕන.
හැබැයි එයා ඇවිල්ලා සිංහල බෞද්ධයෙක් නෙමෙයි. එයා ජාත්‍යන්තර මිනිහෙක්. එයාගේ කල්පනාව ඔක්කොම වෙන විදියකට යන්නේ.
එයා නායකයෙක් හැටියට ඉන්නකොට දෙමළ මිනිස්සුන්ට මොකුත් හම්බෙන්නේ නැහැ. නමුත් රට දියුණු වෙනවා.
අර කෝලහල දේවල් වෙන්නේ නැහැ කියලා මම හිතනනවා.
මේ දෙමළ සන්ධානයේ මතයද….?
නැහැ. සමහර අය මේක නිෂ්ප්‍රභා කරන්න ඕන කියනවා. කාටවත් ඡන්දය දාන්න එපා කියන එක තමයි ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් කියන්නේ.
සමහර අය සජිත්ට කැමතියි.
මම හිතනේ නැහැ දෙමළ මිනිස්තු අතර ජේවීපී එකට සපෝට් එකක් තියෙනවා කියලා.
දකුණේ එයාලට හොද සපෝට් එකක් තියෙනවා.
මේ පාර උතුරේ ජනතාව අනුර කුමාරව ටෙස්ට් කළොත්….?
එයාලත් එක්ක සාකච්ඡා කරලා වැඩක් නැහැ. මොකද උතුරු නැගෙනහිර පළාත් දෙකම එකතු කරලා 1987දී තිබුණ ගිවිසුම ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් නැති කළේ ජේවීපී අය.
ජේවීපී දැන් කියාගෙන එන්නේ ඔක්කෝටම මිනිස්සු එක වගේ අරකයි මේකයි.
අපට එහෙම එපා.
ඔක්කොම එක තරාදියේ දැම්මොතින් සිංහල මිනිස්සු වැඩියෙන් ඉන්න නිසා අපට සහයෝගය මොකුත් ලැබෙන්නේ නැහැ.
අපේ උතුරු නැගෙනහිර තියෙන දේවල් අපිට කරගෙන යන්න බලය දෙන්න ඕන කියලා තමයි අපි අහන්නේ.
ඒ නිසා අපි සහ ජේවීපී එක අතර වෙනස්කමක් තියෙනවා.
අපොයි, දකුණෙන් ඔයාලට එයාව ටෙස්ට් කරන්න පුළුවන්. අපි ගිහින් එයාව ටෙස්ට් කරන්නේ නැහැ.
ඒකෙන් වැඩක් නැහැ” යනුවෙන් පැවසුවා