මෛත්‍රිපාල සිරිසේන මෙරට ප්‍රගතිශීලී පක්ෂ කිහිපයක් සම්බන්ධ කරගෙන පුළුල් සන්ධානයක් ගොඩනඟන්නට ක්‍රියා කරමින් සිටියදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එකතුවී සිටින මන්ත්‍රි කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන කණ්ඩායම් ලෙස කටයුතු කරන සංවිධාන කිහිපයක් සමඟ නව සන්ධානයක් ගොඩනැඟීමට කටයුතු කරමින් සිටී. ඉකුත් සති අන්තයේ ශ්‍රී ල.නි.ප.යේ මහින්ද අමරවීර ප්‍රධාන කණ්ඩායම කොළඹ නිවෙසක රැස්වී
නව සන්ධානය ගොඩනැඟීමට මූලික සාකච්ඡාවක් පවත්වා තිබේ. ශ්‍රී ල.නි.ප.යේ මන්ත්‍රිවරුන් බහුතරයක් නියෝජනය කරන කණ්ඩායම නව සන්ධානයට මූලිකත්වයදී ඇති අතර ඔවුහු නිලතල වෙනුවට සන්ධානයේ සාමාජිකත්වය ලබන සියලු කණ්ඩායම්වලින් නායකත්ව මණ්ඩලයක් පත්කර ගැනීමට සාකච්ඡා කොට තිබේ.
පසුගිය 6 වැනිදා පැලවත්ත ප්‍රදේශයේ පදිංචි දේශපාලනඥයකුගේ නිවෙසේ මාධ්‍යවේදීන් සමඟ පැවැති සුහද හමුවකට සහභාගි වූ මෛත්‍රිපාල සිරිසේනද ඔහු පිහිටුවන්නට යන සන්ධානය ගැන සඳහන් කරමින් කීවේ සතියක් ඇතුළත එහි කටයුතු නිල වශයෙන් ආරම්භ කරන බවද, සන්ධානයට එක්වන සියලු පක්ෂවලට එහි නිලතල පැවැරෙන බවත්ය.
මේ වනවිට ශ්‍රී ල.නි.ප.යෙන් ආණ්ඩුවට එක්ව සිටින කණ්ඩායම වෙනම සන්ධානයක් පිහිටුවා ගන්නට සාකච්ඡා කරමින් සිටි බව මාධ්‍යවේදියකු තොරතුරක් දෙමින් එවැනි තත්ත්වයක් යටතේ ශ්‍රී ල.නි.ප.යේ දෙකඩ වීමක් සිදු නොවන්නේ දැයි ඇසීය. එසේම එම පිරිස ශ්‍රී ල.නි.ප. නායකයාට විරුද්ධව සන්ධානයක් පිහිටුවන්නේ නම් කරන්නේ කුමක්දැයි එම මාධ්‍යවේදියා තවදුරටත් ප්‍රශ්න කළ විට කීවේ “ඕනෑ කෙනෙක් සංවිධාන පිහිටුවා ගත්තට අපට කමක් නෑ. යනවා නම් ඕනෑ තැනකට ගියා වෙයි” තරමක කේන්ති ස්වභාවයකින් කීවේය. ශ්‍රී ල.නි.ප. බහුතර කණ්ඩායමේ නියෝජිතයකුගෙන් නව සන්ධානය ගැන විමසූ විට ඔහු කීවේ අපට විශ්වාස නැති අය සමඟ තවදුරටත් දේශපාලන ගමනක් නැති බවය.