ලග්ගල ආසනයේ මන්ත්‍රිවරුන්ගේ හමුවක් නාඋල අරංගල ෆොරස්ට් ලොජ් හෝටලයේ පැවැති අතර මේ සදහා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාද සහභාගි වි ඇත. මෙම අවස්ථාට විල්ගමුව,නාඋල,ලග්ගල සහ අඹන්ගග ප්‍රදේශවල මන්ත්‍රීවරුන් සහභාගී වූ බවයි වාර්තා වන්නේ.
මෙහිදි පළාත් පාලන මන්ත්‍රීවරුන් අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කර තිබෙන්නේ කදුකර දශකය ව්‍යාපෘතිය යටතේ වෙන්වූ මුදල් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍යවරයා පාසල් සංවර්ධනය සදහා වෙන් කිරීමට ගත් තීන්දුවක් හේතුවෙන්.
මේ වන විට තමන් දැඩි ආර්ථික අර්බුදයක පසුවන බවත්මෙම මුදල් මාර්ග සඳහා බොරළු යෙදිම හා වැඩිදියුණු කිරීම සඳහා යෙදුවේ නම්.තමන්ට ආර්ථිකමය වාසියක් ලබා ගැනීමට හැකියාව තිබූ බවත් තම තනි කැමැත්තට දඩබ්බර වෙමින් මම කරන්නේ ප්‍රතිපත්තිමය තීරණ.. රට හදන්න නම් ඉස්කෝල හදන්න ඕනෑ යයි පවසමින් ලක්ෂ සිය ගනන් පාසැල් සංවර්ධන ව්‍යාපෘති සදහා යෙදවූ බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.
අවසානයේ මන්ත්‍රීවරුන් නාමල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇත්තේ “පාසැල් හදන්න කලින් අපේ ආර්ථිකය හදන්න ඕන ඔබතුමා අපේ ආර්ථිකය ශක්තිමත් කරන්න අපි ඉල්ලන එච්චරයි” යනුවෙනි.
කෙසේ වෙතත් රැස්වීම අවසානයේ පැවති මදුවිත සාදයේදී මෙම රැස්වීම සඳහා සහභාගී නොවූ මන්ත්‍රීවරුන් සමඟ දුරකථනය මගින් යම් බහින් බස්වීම්ද ඇතිවූ බවටයි තොරතුරු අනාවරනය වන්නේ.