Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result
Colombo Tribune
No Result
View All Result
ADVERTISEMENT
Home ගොසිප්

පියුමි හංසමාලි සුදු වීමේ රහස?

CMBNEWS by CMBNEWS
June 30, 2024
in ගොසිප්
0
පියුමි හංසමාලි සුදු වීමේ රහස?
0
SHARES
564
VIEWS
Share on FacebookShare on Twitter

නීති විරෝධී ලෙස උපයාගත් දේපළ සහ වත්කම් සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතේ “නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයක්” ස්ථාපිත කර ඇත.

මෙම කොට්ඨාසය මඟින් පසුගිය කාලසීමාව තුළ කරන ලද විමර්ශනවලදී නීති විරෝධී ලෙස විවිධ පුද්ගලයන් උපයාගත් යාන වාහන, ඉඩකඩම්, මුදල් ඇතුළු දේපළ රාශියක් අත්අඩංගුවට ගැනුණු අතර ඇතැම් දේපළ හා මුදල් තහනමටද ලක්විය. එලෙස තහනම් වූ දේපළ සහ වත්කම් බොහොමයක් මෙරට සංවිධානාත්මක අපරාධකරුවන්ට සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අයත් ඒවාය.

මෙම කොට්ඨාසයේ නිලධාරීන් ඉකුත්දා තවත් සුවිශේෂී විමර්ශනයක නිරත විය. එම විමර්ශනය සිදුවූයේ මෙරට ජනප්‍රිය නිරූපිකාවක් වූ පියුමි හංසමාලි නමැත්තියට එරෙහිවය. සැකසහිත ලෙස දේපළ සහ වත්කම් උපයාගත් බවට ඇයට එල්ල වූ චෝදනාව විය. නිරූපිකාවක් ලෙස පෙනී සිට ඉතා කෙටි කාලයක් තුළදී නවීන පන්නයේ මෝටර් රථ හා මහල් නිවාස මිලදීගෙන විවිධ දේශපාලනඥයන් ඇසුරු කරමින් ඇය

සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන බවත් මෙලෙස වත්කම් මිලදී ගැනීම සඳහා මුදල් උපයාගත් ආකාරය සහ මෙම තැනැත්තිය යම් නීති විරෝධී ක්‍රියාවක් සිදුකර මෙම මුදල් උපයා ගැනීමක් සිදුකර තිබේද යන්න සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව විමර්ශනයක් ආරම්භ කරන ලෙසට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයා වෙත යොමු කර තිබූ ලිඛිත පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය සිදුකර තිබිණි. පැමිණිල්ල එම කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයා වෙත යොමුකර තිබුණේ මැද්දෙගොඩ, ගුරුබැවිලාගම, බළන්ගොඩ ලිපිනයේ පදිංචි ‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත නමැත්තකු විසිනි.

එම පැමිණිල්ලට අනුව ජනප්‍රිය නිරූපිකාවක වූ පට්ටියගේ පියුමි හංසමාලි ගෝමස් යන අය සම්බන්ධයෙන් 2011 අංක 40 දරන පනතින් සංශෝධිත 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව එම කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කෙරිණි.

පියුමි හංසමාලි රූපලාවණ්‍ය තරගකාරියක් මෙන්ම ජනප්‍රිය නිරූපිකාවක් වූ අතර මුහුණුපොත සහ සමාජ මාධ්‍ය ජාලා හරහා ඇය විශාල ජනප්‍රියතාවක් හිමිකර ගෙන සිටීම නිසා ඇයට එරෙහිව මෙලෙස චෝදනා එල්ල වීම ඇයට ආදරය කරන රසික රසිකාවියන් ඇතුළු කලා සහ ව්‍යාපාර ක්‍ෂේත්‍රවල බොහෝ පිරිස් මවිතයට පත්වූහ.

කෙසේ වෙතත් ලැබුණු පැමිණිල්ලට අනුව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල්ගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධ විමර්ශන සිදුකිරීම පැවරුණේ සංවිධානාත්මක අපරාධ මඟින් උපයාගන්නා වත්කම් විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සම්පත් රාජකරුණා ඇතුළු කණ්ඩායමකටය.

ලැබුණු පැමිණිල්ල පිළිබඳ අවධානය යොමු කළ විමර්ශන නිලධාරීහු එහි සඳහන් වූ ප්‍රධානතම කාරණා දෙකක් සම්බන්ධයෙන් විමර්ශන ඇරැඹූහ. ඉන් එක් විමර්ශනයක් වූයේ ඇය මිලදී ගත් RANGE ROVER වර්ගයේ ජීප් රියක් සම්බන්ධයෙනි.

අනෙක ඇය කොළඹ 07 ප්‍රදේශයෙන් මිලදී ගත් සුපිරි නිවෙස සම්බන්ධයෙන්ය. ජීප් රිය සහ සුපිරි නිවෙස මිලදී ගැනීම සඳහා ඇය වැය කළ මුදල් ප්‍රමාණය කොතෙක්ද යන්න සම්බන්ධයෙන්ද නිලධාරීන්ගේ අවධානය යොමු වූයේ එම පැමිණිල්ලේ එම කරුණු සඳහන් වීම නිසාය.

ඒ අනුව පියුමි හංසමාලි විසින් මිලදී ගෙන ඇති බවට අනාවරණය වූ CBM 1949 දරන RANGE ROVER වර්ගයේ ජීප් රියට අදාළව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් වාර්තාවක්ද කැඳවීමට විමර්ශන නිලධාරීහු පියවර ගත්හ. ඊට අමතරව ජීප් රථය පියුමි හංසමාලි විසින් සත්‍ය වශයෙන් මිලදී ගත් මුදල හා මුදල් ගෙවීම ඇය විසින් සිදු කරන ලද ආකාරය සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ගැනීම සඳහා RANGE ROVER ජීප් රථයේ පෙර හිමිකරුගෙන් ප්‍රකාශයක් ලබාගැනීම උචිත බව විමර්ශන නිලධාරීන්ට වැටහිණි. ඒ අනුව පෞද්ගලික සමාගමේ අධ්‍යක්‍ෂවරයකුගෙන් විමර්ශන නිලධාරීහු ප්‍රශ්නකොට ප්‍රකාශයක් ලබාගැනීමට කටයුතු කළේය.

ඒ අනුව ඔහු ලබාදී තිබූ ප්‍රකාශයේ මෙසේද සඳහන් වී ඇත.

2018 වසරේ සිට මේ දක්වා කොළඹ පෞද්ගලික සමාගම නමින් වාහන ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවත් තමා එහි අධ්‍යක්‍ෂවරයකු ලෙස කටයුතු කරන බවත් කී ජයදිනුම් මහතා තම ඥාතියකු විසින් දැනට වසර 35ක් 40ක් අතර කාලයක සිට ශ්‍රී ලංකා යුද හමුදාව වෙත ආහාර සැපයීමේ කොන්ත්‍රාත්තුවක්ද සිදු කරන බවත් එකී කොන්ත්‍රාත්තුවේදී රටේ විවිධ දේශපාලනඥයන් හා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් හඳුනාගත් බවත් විමර්ශන නිලධාරීන් ඉදිරියේ පවසා ඇත.

සමාගම් අධ්‍යක්‍ෂවරයා මෙලෙස ප්‍රකාශ ලබා දුන්නද විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමුව තිබුණේ ඒව්ට්ඡ් අර්ණීඍඡ්අ රථය පියුමි හංසමාලි නමැති නිරූපිකාව විසින් මිලදී ගත් ආකාරය ඔහුගෙන් දැන ගැනීමටය. ඒ අනුව නිලධාරීන් ඔහුගෙන් එම රථය ගැන විමසීමේදී ඔහු පවසා ඇත්තේ අංක CBM 1949 දරන RANGE ROVER රථය මෙරටට ආනයනය කර ඇත්තේ එංගලන්තයෙන් බවත්ය.

ඒ 2019 වසරේදීය. කෙසේ වෙතත් සමාගම් අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ එලෙස රථය ආනයනය කළත් එය විකුණා ගැනීමට නොහැකි වූ බවකි. ඒ නිසා එම රථය වාහන අංගණයේ නතර කර තිබූ බවද ඒ මහතාගේ ප්‍රකාශයේ සඳහන්ව ඇත.

මේ අතර ගිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා භාවිත කළ වාහනයේ කාර්මික දෝෂයක් ඇති වී ඇති බව ඔහු කියයි. එම දෝෂය හේතුවෙන් මෙම CBM 1949 දරන RANGE ROVER රථය රාජපක්‍ෂ මහතාගේ පරිහරණයට ලබාදී ඇති බවද ඔහු පවසා ඇත. අධ්‍යක්‍ෂවරයා විමර්ශන කොට්ඨාසයට තවදුරටත් පවසා ඇත්තේ 2020 වසරේදී රාජපක්‍ෂ මහතා වෙත එම රථය ලබාදුන් බවකි. කෙසේ වෙතත් රථය 2021 වසරේ නැවත භාර දුන් බවත් ඉන් පසුව රථය විකිණීම සඳහා සිය වාහන අංගණයේ තබා තිබූ බවත් අධ්‍යක්‍ෂවරයා විමර්ශන නිලධාරීන් ඉදිරියේ පවසා තිබේ.

එම වෙබ් අඩවි මඟින් විකුණා ගැනීම සඳහා දැන්වීම් පළ කර ඇත්තේ ඉන් පසුවය. එම දැන්වීම් පළ කිරීමෙන් පසු පියුමි හංසමාලි තවත් අයකු සමඟ පැමිණ CBM 1949 රථය පරීක්‍ෂා කර ඇත. ඒ 2023.03.07 වැනිදාය. වාහනය පරීක්‍ෂා කිරීමෙන් පසු රුපියල් ලක්‍ෂ 5ක මුදල් අත්තිකාරමකුත් රුපියල් ලක්‍ෂ 50 බැගින් ලක්‍ෂ 100ක මුදලක් සම්පත් බැංකුවේ ගිණුමකටද බැරකර තිබිණි. ඉතිරි මුදල්ද වරින්වර තැන්පත් කර ඇති අතර රුපියල් ලක්‍ෂ 400ක මුදලක් ෆිනෑන්ස් ආයතනයෙන් කල්බදු පහසුකමක්ද ලබාගෙන රුපියල් ලක්‍ෂ 780කට මෙම RANGE ROVER ජීප් රිය මිලදී ගත් බවට සඳහන් කරමින් පෞද්ගලික සමාගමේ අධ්‍යක්‍ෂවරයා වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත ප්‍රකාශයක් ලබාදී ඇත.

ඉන් අනතුරුව විමර්ශන නිලධාරීන්ගේ අවධානය RANGE ROVER රථයට රුපියල් ලක්‍ෂ 400ක මුදලක් ගෙවූ ෆිනෑන්ස් සමාගම වෙත යොමුවිය. ඒ අනුව ෆිනෑන්ස් පහසුකම ලබාගැනීම හා මුදල් ආපසු ගෙවීම සම්බන්ධයෙන් එම ෆිනෑන්ස් සමාගමේ විධායක නිලධාරියකුගෙන් විමර්ශන නිලධාරීහු ප්‍රශ්නකොට ප්‍රකාශයක් ලබා ගත්තේය.

ප්‍රකාශයේදී එකී විධායක නිලධාරියා පවසා ඇත්තේ CBM 1949 දරන රථය සඳහා අවස්ථා 3කදී පියුමි හංසමාලි නමැත්තිය ෆිනෑන්ස් පහසුකම් ලබාගෙන ඇති බවය. එම ෆිනෑන්ස් පහසුකම් ලබා ගැනීමේදී ඇපකරුවන් ලෙස පෙනී සිටි දෙදෙනාගේ නම්, ගම් ජාතික හැඳුනුම්පත් අංකද ඔහු විමර්ශන නිලධාරීන්ට ලබා දුන්නේය.

මෙහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ෆිනෑන්ස් පහසුකම ලබාදුන් පළමු අවස්ථාවේ පියුමි හංසමාලි සහ ඇපකරුවන් තම ආයතනයේ ප්‍රධාන ශාඛාව වෙත පැමිණ අදාළ ලියකියවිලි අස්සන් කළ බවත්ඵ දෙවැනි අවස්ථාවේ පියුමි හංසමාලි සහ ඇපකරුවන් සිටින ස්ථානයට ගොස් තමා ඔවුන්ගේ අස්සන් ලබා ගැනීමෙන් පසු මෙම ෆිනෑන්ස් පහසුකම් ලබා දුන් බවය. ඒ අනුව රුපියල් මිලියන 400ක ෆිනෑන්ස් පහසුකම් සහිත චෙක්පත ලබාදීම ගැනත් ඔහු කරුණු පැහැදිලි කර තිබූ අතර එම අවස්ථාවේදී ඇය LOLLIA SKIN CARE (Pvt) Ltd යන ව්‍යාපාරය පවත්වාගෙන යනු ලබන බැව් සඳහන් කර තිබෙන බවත් ඔහු පවසා ඇත.

එමෙන්ම එම ව්‍යාපාරය නමින් අරඹා තිබූ බැංකු ගිණුම්, පියුමි හංසමාලි නමින් අරඹා තිබූ ගිණුම් සහ ඇපකරුවන්ගේ නමින් අරඹා තිබූ ගිණුම් සහිත වාර්තාවක් සිය ෆිනෑන්ස් ආයතනය වෙත ඉදිරිපත් කර තිබූ බවත් ඒවා අධ්‍යයනය කර මෙම ෆිනෑන්ස් පහසුකම් ලබාදී ඇති බවත් විධායක නිලධාරියා විමර්ශන නිලධාරීන්ට පවසා තිබිණි. එමෙන්ම වාරික ගෙවීම සම්බන්ධයෙන් ඔහු දීර්ඝ විස්තරයක් නිලධාරීන්ට හෙළිකර තිබිණි.

ඉන් අනතුරුව නිලධාරීන්ගේ අවධානය යොමු වූයේ පියුමි හංසමාලි විසින් කොළඹ 07, වෝඩ් පෙදෙස ලිපිනයේ පිහිටි නිවාස සංකීර්ණයක නිවෙසක් රුපියල් මිලියන 148ක මුදලකට මිලදී ගැනීම සම්බන්ධයෙනි. ඒ අනුව නිලධාරීන් එම පෞද්ගලික සමාගමේ ප්‍රධාන ගණකාධිකාරියගෙන්ද නිවෙස මිලදී ගැනීමට අදාළව හා මුදල් ගෙවීමේ කටයුතු සිදුකළ ආකාරය සම්බන්ධයෙන්ද ප්‍රකාශ සටහන් කරගන්නට කටයුතු කළේය.නිවාස පිහිටි ස්ථානය, තට්ටුව, නිවාසවල ක්‍රමය අනුව එහි මිල ගණන් වෙනස් වන බව සඳහන් කර ඇති ඇය නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේදී පුවත්පත්, සමාජ මාධ්‍ය හා රූපවාහිනි නාළිකා මඟින් මේ පිළිබඳව දැනුවත් කරන බවත් විමර්ශන නිලධාරීන්ට පෙන්වාදී ඇත.

ඒ අනුව යම් පුද්ගලයකුට පැමිණ තමාට අවශ්‍ය නිවෙස පරීක්‍ෂා කර බලා එය මිලදී ගැනීමට හැකියාව ඇතිවාක් මෙන්ම නියෝජිතයකු මාර්ගයෙන් හෝ නිවෙසක් මිලදී ගැනීමට හැකියාවක් තිබේ. එමෙන්ම ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එසේ මිලදී ගැනීමේදී තෝරාගනු ලබන නිවෙසට අදාළව එහි මිල ගණන් ගෙවිය යුතු ආකාරය හා ඊට අදාළ සේවාවන් පිළිබඳව ආයතනය විසින් දැනුවත් කිරීමක්ද කරනු ලබන බවයි.

පියුමි හංසමාලි නමැත්තිය කොළඹ වෝඩ් පෙදෙසේ නිවාස ව්‍යාපෘතියේ 20 වැනි තට්ටුවේ නිවෙසක් මිලදී ගන්නා බව සඳහන් කළද පසුව 23 වැනි තට්ටුවේ නිවෙසකට මාරුවී ඇති බවද ඇය විමර්ශන නිලධාරීන්ට පවසා තිබේ. මෙම නිවෙස වර්ග අඩි 1,440කින් සමන්විත වේ. සියලු ගෘහභාණ්ඩ සහිතව විකිණෙන මෙම නිවෙස කාමර 3කින් නාන කාමර 3කින්, බැල්කනි 4කින්, මුළුතැන්ගෙය හා කෑම කාමරයකින් සමන්විත වේ. ඒ අනුව එම නිවෙසේ වටිනාකම රුපියල් මිලියන 148කි.

මෙම ප්‍රකාශයේදී ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ ආයතනයට ලබාදී ඇති පෝරමය අනුව 2023.04.21 දින පියුමි හංසමාලි මෙම නිවෙස වෙන් කරවා ගැනීම සිදුකර ඇති බවත් යොදවන ලද මුදල් විකිණීමෙන් හා වෙළෙ¼දාමෙන් ලැබෙන ආදායමද යොදවා ඇති බවත් ඇය ලබාදුන් පෝරමයේ සඳහන් කර ඇති බවය.

2023.04.25 දින රුපියල් ලක්‍ෂ 50ක මුදලක් ගෙවීමෙන් පසු වාර 15කින් රුපියල් මිලියන 148ක්, 2023.12.27 දින ගෙවා අවසන් කර ඇති බවත් පවසන ගණකාධිකාරිවරිය මිලදී ගත් නිවෙසට අදාළ ඔප්පුව මේ වනතෙක් පියුමි හංසමාලි නමින් ලියාපදිංචි කර නැති බවත් ඇය විමර්ශන නිලධාරීන්ට පවසා තිබේ. මෙලෙස මුදල් ගෙවීම් සම්බන්ධයෙන් දිගින් දිගටම විමර්ශන සිදුකළ නිලධාරීන්, පියුමි හංසමාලි මෙම වත්කම් මිලදී ගැනීම සඳහා ඇයගේ ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස සඳහන් කර ඇත්තේ

ඇය විසින් පවත්වාගෙන යනු ලබන LOLLIA SKIN CARE (Pvt) Ltd නම් ආයතනයයි. ඒ සම්බන්ධයෙන්ද විමර්ශනයක් සිදුකර තිබේ. මේ අතර විමර්ශන නිලධාරීහු එම ව්‍යාපාරයේ ලියාපදිංචිය සම්බන්ධයෙන්ද මේ වන විට වාර්තා ලබාගෙන ඇතැයි කියති. එමෙන්ම එමඟින් සිදු කරන ව්‍යාපාර කටයුතු, ආදායම් බදු ගෙවීම්, ව්‍යාපාරයේ ගිණුම් වාර්තා, ව්‍යාපාරය මඟින් සිදුකර ඇති ආනයන අපනයන සම්බන්ධයෙන්ද ඉදිරි විමර්ශන සිදුකරමින් සිටින බවද වාර්තා වේ.

ඒ අනුව මෙම නිරූපිකාව සහ ඇගේ සමීපතමයන් විසින් ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන යනු ලබන මූල්‍ය පහසුකම් සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ගැනීමට කටයුතු කර ඇති විමර්ශන නිලධාරීන් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය මඟින් වාර්තාද ලබාගෙන තිබේ.

එම වාර්තාවන්ට අනුව මෙම නිරූපිකාව සහ ඇගේ සමීපතමයන්ට අදාළව මෙරට ප්‍රධාන පෙළේ බැංකු 8ක ගිණුම් 19ක් ආරම්භ කර ඇති බවට කරුණු අනාවරණය කරගෙන තිබේ.

පියුමි හංසමාලි නමැත්තිය සම්බන්ධයෙන් ආරම්භ කර ඇති එම විමර්ශනයට අදාළව මෙම ගිණුම් සම්බන්ධව ප්‍රකාශන හා ගිණුම් වාර්තා ලබාගැනීම සඳහා වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් ඉකුත්දා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබිණි.

මෙහිදී එම කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සම්පත් රාජකරුණා මහතා සමඟ පෙනී සිටි උප පොලිස් පරීක්‍ෂක තරංග ලක්මාල් මහතා අධිකරණයට කරුණු දක්වා ඇත්තේ රුපියල් කෝටි 8ක් වටිනා RANGE ROVER රථයක් මිලදී ගැනීම, කොළඹ වෝඩ් පෙදෙසේ නිවාස සංකීර්ණයෙන් රුපියල් කෝටි 15කට ආසන්න වටිනාකමකින් යුත් නිවෙසක් මිලදී ගැනීම, ප්‍රධාන බැංකු 8ක පවත්වාගෙන යන බැංකු ගිණුම් 19ක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ අරඹා ඇති විමර්ශනයේ ඉදිරි කටයුතු සඳහා මෙම බැංකු ගිණුම්වල තොරතුරු විමර්ශන සඳහා අවශ්‍ය බවකි.

එමෙන්ම එම බැංකු ගිණුම් පරීක්‍ෂා කිරීම හා එම ගිණුම් පිළිබඳ වාර්තා කැඳවීමටද හෙතෙම අධිකරණයෙන් අවසර ඉල්ලා තිබේ.

ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකළ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විමර්ශන නිලධාරීන් කළ ඉල්ලීම පිළිගනිමින් පියුමි හංසමාලිගේ බැංකු ගිණුම් 19 පිළිබඳ තොරතුරු රහස් පොලිසියට දීම සඳහා වාර්තා කැඳවීමට රාජ්‍ය බැංකු ඇතුළු බැංකු 8කට නියෝග කළේය. එමෙන්ම විමර්ශන කඩිනමින් අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසටද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරමින් නඩුව එතෙක් බහා තැබීමටද අධිකරණය ක්‍රියා කළේය

නඩුව එසේ බහා තැබීමට කටයුතු කර ඇත්තේ 2011 අංක 40 දරන පනතින් සංශෝධිත 2006 අංක 5 මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව ඉදිරි විමර්ශන කටයුතු සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන තෙක් නඩුව බහා තබන ලෙසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කරන ලද ඉල්ලීම නිසාය.

ඒ අනුව මේ වන විට, බැංකු ගිණුම් පරීක්‍ෂා කිරීම් සහ ඒවාට අදාළ වාර්තා ලබාගැනීම සිදුවන බව වත්කම් විමර්ශන කොට්ඨාස ආරංචිමාර්ග කියයි.

මේ අතර මෙම විමර්ශනයට අදාළව පියුමි හංසමාලිගේ ව්‍යාපාරයට සහාය දැක්වූ ප්‍රධාන ආයතනයක ඉහළ පෙළේ නිලධාරියකුගෙන්ද ප්‍රශ්න කිරීමට නියමිත බව වාර්තා වේ.

ඇය විසින් පවත්වාගෙන යන සම පැහැපත් කරන ක්‍රීම් වර්ගය අලෙවි කිරීමේ පෞද්ගලික ආයතනයකට සහාය වූ ආකාරය අනාවරණය කර ගැනීම සඳහා ප්‍රකාශයක් ලබා ගැනීමට පැමිණෙන ලෙස ඔහුට වත්කම් විමර්ශන කොට්ඨාසය දන්වා ඇතැයිද කියයි.

මෙම බැංකු වාර්තා සහ ඒවා නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව එම කරුණු අධිකරණයට වාර්තා කිරීමෙන් පසු පියුමි හංසමාලි නමැත්තියගෙන්ද ප්‍රකාශයක් සටහන් කර ගැනීමට එම කොට්ඨාසය බලාපොරොත්තු වේ.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය මත නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතාගේ උපදෙස් මත සංවිධානාත්මක අපරාධ මඟින් උපයා ගන්නා වත්කම් විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සම්පත් රාජකරුණා ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදු කරති.

කීර්ති මෙන්ඩිස්

Previous Post

කෝලි සහ රෝහිත් සමු ගනියි!

Next Post

ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

CMBNEWS

CMBNEWS

Next Post
ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

March 2, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (752)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.