ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර අද (09) මහනුවර පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති පළමු එක්දින තරගයේ දී වාර්තා පොත් අතරට එක් වීමට පැතුම් නිස්සංක සමත් විය.
ඒ, ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයක දී ක්‍රීඩකයකු වාර්තා කළ වැඩිම ලකුණු වාර්තාව අලුත් කරමිනි.
ඒ අනුව 2000 වසරේ සාජා පිටියේ දී ඉන්දියාවට එරෙහි ව සනත් ජයසූරිය වාර්තා කළ ලකුණු 189 වාර්තාව අලුත් කිරීමට පැතුම් නිස්සංක සමත් විය.
මේ අතර, ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයෙකු වාර්තා කළ පළමු ද්විත්ව ශතකය වාර්තා කිරීමට ද පැතුම් නිස්සංක අද සමත්විය.