“එන්න එපා, සාධාරණ විධියට නෙවෙයි හම්බ කරන්නේ. යා දෙන්නේ නැහැ. ඒගොල්ලොන්ට යා දෙන්නෙත් නැහැ. අපිට යා දෙන්නෙත් නැහැ. මොක ද අපි තව කෙනෙකුට ගින්දරක් දීලානේ හම්බ කරන්නේ,”යි බීබීසී සිංහල සේවය හා පැවසුවේ, කොළඹ නගර මධ්‍යයේ පිහිටා ඇති ඔන්ලයින් ණය ලබා දෙන මූල්‍ය ආයතයනයක සේවය කළ 23 හැවිරිදි සමාධි ය.
සමාධි යනු ඇගේ සත්‍ය නම නොව ඇගේ අනන්‍යතාව ආරක්ෂා කිරීම සඳහා අප භාවිත කරන අන්වර්ථ නාමයකි.
එය ඇගේ ජීවිතයේ පළමු රැකියාව විය. මිතුරියක මාර්ගයෙන් ඇය මෙම රැකියාව පිළිබඳව තොරතුරු දැනගෙන ඒ හා සම්බන්ධ වන්නේ 2022 වසරේදී ය. කෙසේ වෙතත්, මාස පහක කාලයකට වඩා ඇය එහි රැඳී සිටීමට අපොහොසත් වන්නේ ඇගේ වරදක් නිසා නොව, රැකියාවේ වූ “පීඩාකාරී ස්වභාවය” නිසා ය.
“දවසකට කෝල්ස් 300ක් විතර ගන්නවා. ගෙදර එද්දී මගේ උගුර නෑ. දවස පටන් ගන්න වෙන්නේ ම කුණුහරුප අහගෙන, එක ම කෙනෙකුට දවසකට කෝල්ස් 10ක් විතර ගනිද්දී,” ඇය මීට මාස 10කට පමණ තිත තැබූ රැකියාවේ “අප්‍රසන්න” ස්වභාවය ගැන නොනවත්වා පැවසුවා ය.
බහුතරයක් තරුණියන්
සමාධි සමග තවත් 50ත් 60ත් අතර පිරිසක් ඇගේ අංශයේ රාජකාරි කළහ. ඉන් බහුතරයක් තරුණියන් වූ බව ඇය පැවසුවා ය.
ඇය සඳහන් කළේ, රැකියාවට ඇතුළත් කර ගැනීම සඳහා මිතුරිය මාර්ගයෙන් තම ජීව දත්ත පත්‍රිකාව අදාළ ආයතනය වෙත යොමු කළ පසු දුරකතනය ඔස්සේ සම්මුඛ පරීක්ෂණයක් පැවැත් වූ බව ය. ඉන් අනතුරුව ඇයට රැකියාව හිමි වූ බව ඇය පැවසුවා ය.
“විස්තර අහනවා, නම, ගම, ඒ ලෙවල් කරලා ද, අනිත් සුදුසුකම්. ඊට පස්සේ කියනවා මේ දවසට එන්න ඉන්ටර්වීව්, ඔයාව මේකට තමයි සිලෙක්ට් කරලා තියෙන්නේ කියලා. හැබැයි මට කියපු එක නෙමෙයි, රිකවරි දුන්නේ.”
“ඇත්ත ම කිව්වොත් මොනවත් සුදුසුකම් හරියට බලන්නේ නැහැ. ඕන ම කෙනෙකුට යන්න පුළුවන්, කතා කරන්න පුළුවන් නම්. කතා කරලා පේමන්ට් එක ගන්න නේ තියෙන්නේ,” සමාධි ඇය රැකියාවට ඇතුළත් වුණු ආකාරය පිළිඳව සහ ඒ සඳහා එම ආයතනය ඇගෙන් බලාපොරොත්තු වූ සුදුසුකම් පිළිබඳව පැවසුවේ එලෙසිනි.
රැකියාවට බඳවා ගැනීමෙන් අනතුරුව මුල් දිනයේ රාජකාරි කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ද තවත් දින දෙකක් පරිගණක පද්ධතිය සම්බන්ධයෙන් ද පුහුණුවක් ලබා දුන් බව ඇය පැවසුවා ය.
එලෙස බඳවා ගන්නා තරුණ තරුණියන් වෙත රුපියල් 30,000ත් 40,000ත් අතර මූලික වැටුපක් ගෙවූ බව ඇය සඳහන් කළා ය. එම මුදල තමන් වෙත ලබා දෙන ඉලක්ක සපුරා ගැනීමෙන් ආසන්න වශයෙන් 100,000ක් දක්වා ඉහළ දමාගත හැකි බව ඇය පෙන්වා දුන්නා ය.
රැකියාවේ ස්වභාවය
තොරතුරු ලබා ගෙන ඔවුන් “බ්ලැක්මේල්” කිරීමක් සිදු වුණු අවස්ථා තිබුණේ ද යන්න අපි ඇයගෙන් විමසුවෙමු.
එහිදී ඇය සඳහන් කළේ, “දැන් කස්ටමර් අපිට වෙන කෙනෙකුගේ නම්බර් එකක් දෙනව නේ. එයාට අපි දිගට ම කතා කරද්දී එයා අපිට වෙන කෙනෙක්ගේ නම්බර් එකක් දෙනවා ‘මිස් මේ නම්බර් එකට කතා කරන්න,’ කියලා. එහෙම අපිට හම්බ වෙන නම්බර්ස්වලට අපි ඊට පස්සේ කෝල් කරනවා.”
කෙසේ වෙතත්, එවැනි “බ්ලැක්මේල්” කිරීමක් සිදු වුණු බවට තමන්ට ප්‍රකාශ කළ නොහැකි බව ඇය පැවසුවා ය.
ණය ඉල්ලන “ඕනෑ ම කෙනෙකුට” ආයතනය ණය ලබා දෙන බව ඇය සඳහන් කළේ “අපිට ඕනේ කස්ටමර්ස්ලා නේ,” යනුවෙන් ද පවසමිනි.
“සමහර කෝල්ස් ගත්තා ම කියනවා, ‘මිස් මගේ පුතා ලෝන් එක අරන් තියෙන්නේ, ඌ කුඩු ගහන්නේ, ඌට මොකට ද ඔයාලා ලෝන් දෙන්නේ, ඕගොල්ලෝ දන්නේ නැද්ද?’ කියලා,” ඇතැම් ගනුදෙනුකරුවන් ලබාදුන් දුරකතන අංක ඇමතීමේදී ප්‍රතිචාර ලැබෙන බව ඇය පැවසුවා ය.
“ගොඩක් වෙලාවට රිකවරි එක වෙන්නේ නැහැ. ඩේලි ගනුදෙනු කරන අය තමයි පේමන්ට් එක කරන්නේ.”
එලෙස සිදුවන අලාභය පියවා ගැනීමට නැවත ප්‍රවර්ධන කටයුතු සිදුකර කෙසේ හෝ මුදල් අයකර ගැනීමට කටයුතු කරන බව ඇය පැවසීය.
දිනකට සමස්ත කණ්ඩායම රුපියල් ලක්ෂ 10-15ත් අතර මුදලක් නැවත පියවා ගන්නා බව ඇය පෙන්වා දුන්නා ය.
සඳහන් කළේ ය.
“නමුත් මේ වගේ ව්‍යාපාර කරන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයවල, සමාගම් රෙස්ජිට්‍රාර් කාර්යාලවල ලියාපදිංචි වෙන්න ඕනේ. මහ බැංකුවේ ලියාපදිංචි වීමක් අවශ්‍ය නැහැ.”
එසේ වුව ද ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත නමින් පනතක් කෙටුම්පත් කර ඇති බව ත්, එය මේ වන විට පළමු වර කියවූ බව ත් එම නිලධාරීයා පැවසීය.
“සෙකන්ඩ්, තර්ඩ් රීඩින්ග්වලට ටේබල්වෙලා තියෙන්නේ. ගොඩක් වෙලාවට ලබන වසරේ මුල් භාගයේ දී පනත බලාත්මක වේවි. එහෙම වුණොත්, සියලු ම ණය දෙන ආයතන ඒ අධිකාරියේ ලියාපදිංචි වෙන්න ඕනේ. ඒක ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ නෙවෙයි එන්නේ, මුදල් අමාත්‍යංශය යටතේ හදන තවත් අධිකාරියක් විධියට.”
සමාධි හා බීබීසී සිංහල සමග කළ සම්මුඛ සාකච්ඡාවේ දී අනාවරණය වූයේ, ඇය රැකියාවේ නිරත වූ ආයතනය වෙත විදෙස් රටක් හරහා මුදල් පැමිණෙන බව ය. එම මුදල් භාවිත කර, ණය ලබා දෙන බවට එහිදී කරුණු හෙළි විය.
මෙවැනි ආයතන ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිචි වීම අනවශ්‍ය වුව ද එය ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි ආයතනයක් බවට එහි ප්‍රධානීන් සමාධිව දැනුවත් කර තිබේ.
එමෙන් ම, බීබීසී සිංහල වෙත තවදුරටත් අනාවරණය වූයේ, ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සිදු කරන විමසීමක් අනුව, ණය ලබා දෙන ව්‍යාපාර වෙත එම ආයතනයවල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරනු ලබන පැහැදිලි කිරීමේ ලිපිය, එම ආයතනය එය බලයලත් ආයතනය බවට පෙන්වීමට යොදා ගන්නා බව ය.
මේ අතර, ශ්‍රී ලංකා මහ බැංකු අනුමැතියකින් තොරව විවිධ නම්වලින් පවතින ඔන්ලයින් ණය යෝජනා ක්‍රමවල අපරාධ ඉහළ යමින් බැංකු වැනි ආයතන ද අනතුරට ලක්වන බව පවසා දූෂණ විරෝධී හඬ සංවිධානය සියලු බැංකුවලට ලිපියක් නිකුත් කර තිබේ.
දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ ප්‍රකාශ කර ඇත්තේ, මෙම නීති විරෝධී ඔන්ලයින් ණය ක්‍රම හරහා දැඩි ලෙස ජනතාව පීඩාවට පත්ව ඇති බව ය.
උපුටා ගැනීම : www.bbc/sinhala
https://www.bbc.com/sinhala/articles/cd1pvjdqrqgo