උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම කටයුතු සිදු කරන ගුරුවරුන්ට ලබා දෙන රුපියල් දෙදහසක දීමනාව සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කරන ගුරුවරුන්ටද ලබා දෙන ලෙස ලංකා ගුරු සංගමය ඉල්ලා සිටියි.
එසේ නොගෙවන්නේ නම් අද දිනයේ සිට සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු වර්ජනය කරන බවද එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුරයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.