නිදහස් අධ්‍යාපනය බේරා ගන්න වැඩ වර්ජන කරන ලංකාවේ ගුරාලා ටික තමන්ගේ පාසලේ ශිෂ්‍යයන්ටම මුදලට අධ්‍යාපනය විකුණන්න එපා කියලා බස්නාහිර පළාත් සභාවෙන් දුන් නියෝගය පැය 24 ක් යන්න කලින් මාලිමා ආණ්ඩුවෙන් අහෝසි කළා.
පළාත් සභාවලට උපරිම බලය දෙන්න ඕනා කියපු අනුර කුමාරගේ කණට ගැහුවා වගේ වැඩක් ඒක. පොලිස් සහ ඉඩම් බලතල දෙන්න කලින් දැනට දීලා තියන අධ්‍යාපන බලතලවත් ක්‍රියාත්මක කරන්න නොදී ඔය විදිහට තුට්ටු දෙකට දැමීම වෙනුවෙන් මහින්ද ජයසිංහට අපගේ ස්තුතිය.
මේකේ මම කැමති දේ තමයි පළාත් සභාවකින් ගත් එම තීරණය ඉරලා විසි කළේ අඩුම ගානේ කැබිනට් ඇමතියෙකුවත් නොවීම. ඊටත් වඩා අධ්‍යාපන විෂය භාර නියෝජ්‍ය ඇමතිත් නොවෙයි. හරිනි මෙනවිය උඩ බලා ගෙන ඉන්න කොට මහින්ද වැඩේ කරලා ඉවරයි. එහෙම තමයි ඔය පළාත් සභාවලට සලකන්න ඕනා. දිස් ඉස් පොලිටික්ස්.
සටහන : එරන්ද ගිනිගේ | www.theleader.lk