ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෞෂල්‍යා ආරියරත්න විසින්, තමන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වන පුවත් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඇයගේ පැමිණිල්ලේ කෞෂල්‍යා ආරියරත්න පවසා ඇත්තේ, මෙම අසත්‍ය ප්‍රවෘත්තිවල ඇගේ කීර්තිනාමයට හානි කිරීමේ අරමුණින් පදනම් විරහිත ප්‍රකාශ ඇතුළත් බවයි.
“මාව පුද්ගලිකව ඉලක්ක කරන අය ඇතුළු සමාජ මාධ්‍යවල සංසරණය වන ද්වේශසහගත සහ අසත්‍ය ප්‍රවෘත්ති සම්බන්ධයෙන් මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා” ඇය පවසයි.
කෞෂල්‍යා ආරියරත්න මෙම ප්‍රහාර විස්තර කරන්නේ, කාන්තාවන් දේශපාලනයට සම්බන්ධ වීම අධෛර්යමත් කිරීමේ උත්සාහයක් ලෙසයි.
“මෙවැනි ලාබ උපක්‍රම මගින් කාන්තාවන් දේශපාලනයට සම්බන්ධ වීමෙන් වලක්වනු ඇතැයි කවුරුන් හෝ විශ්වාස කරනවා නම්, ඔවුන් වැරදියි. මෙම උපක්‍රමවලින් රජයට හානියක් වෙන්නේ නෑ. තවත් උත්සාහ කරන්න” ඇය පවසයි.
ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ ලිපිය පහත දැක්වේ.
මෙම මාධ්‍ය ප්‍රචාරය සම්බන්ධයෙන් අදහස් දක්වන ප්‍රවීන සමාජ මාධ්‍ය ක්‍රියාකාරික චින්තන ධරමදාස සිය ෆේස්බුක් පිටුවේ මතු සටහන පළකර තිබිණ.
”මේක මාලිමාවට විශේෂ තත්වයක් නෙමෙයි . මේ තමයි සාමාන්‍ය මිනිස්සුන්ගෙ හැටි. හැබැයි මාලිමාවෙ නියෝජිතයො හැසිරුනෙ ඒ අය සාමාන්‍ය මිනිස්සු නෙමෙයි වගේ. ඒකයි මේක විශේෂ වෙලා තියෙන්නෙ.
මේ කවුද කිංද මංද හොයන්න ගිහින් වසන්ත සමරසිංහ වගේ bai ගති ප්‍රදර්ශනය කරන්න උවමනා නෑ. මන්‍ත්‍රීවරුන්ට උන්ගෙ නිසි වරප්‍රසාද දෙන්න. අනිත් මිනිස්සු වගේ ආසාවල් ඇතුව ජීවත් වෙන්න දෙන්න.”