පසුගිය මහ මැතිවරණයේ ප්‍රතිඵලයට අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නායකත්වය දෙන ලද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හෙවත් සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙක හිටපු බල ශක්ති අමාත්‍ය කාන්චන විජේසේකර හා හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වෙත ලබාදීම සඳහා අද (18) උදෙසන පැවැති සාකච්ඡාවකදී යෝජනා වු අතර එම යෝජානවට බහුතර කැමැත්ත පලකර ඇති බව මල් පාර කාරියාලයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ
පසුගිය දිනවල එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙක සඳහා ටිරාන් අලස්, දිනේෂ් ගුණවර්ධන, රවී කරුණානායක, සාගල රත්නායක, රුවන් විජේවර්ධන, තලතා අතුකොරල හා ශෙර්මිලා පෙරේරාගේ නම් යෝජානා වු පසුබිමක එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වී රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කල පිරිසක් එම යෝජනාවට සිය ව්රෝධතාවය ප්‍රකාශ කොට තිබුනා.
මෙම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකම තරුණ දේශපාලකයන්ට ලබා දෙන ලෙස යෝජනා වී ඇති අතර ඉදිරි දේශපාලන ගමන ආරක්ෂා කරගැනීම වෙනුවට වෙනත් පෞද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරවා ගැනීමට උත්සහ දැරීම තුළ තවදුරටත් එජාපය මෙන්ම සිලින්ඩරයද දේශපාලන සුසානයට යාමක් මිස යළි ගොඩ ඒමක් නම් නොමැති බවටයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අභ්‍යන්තර සංවාදයට ලක්වෙමින් ඇත්තේ.
එමෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් හිමිව තිබෙන ජාතික ලයිස්තු මන්ත්‍රී දුරයන්ට නම් කිරීම දින කිහිපයකට කල් යනු ඇති බව වාර්තා වෙයි.