කොටි 63ක ණය මුදලක් ගෙවා
ගැනීමට නොහැකිව මේ වනවිට
හැටන් නැෂනල් බැංකුවට සින්න වී
ඇති නවලෝක රෝහල් දේපලේ
වටිනාකමට වඩා ඉතා අඩු
මුදලකට මිලදී ගැනිම සඳහා
ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙක්වන
හැරී ජයවර්ධන කටයුතු කරමින්
සිටින බව ව්‍යාපාර ලෝකයේ
ආරංචි මාර්ග පවසයි.
තමන්ට වැඩි බලයක් සහිත හැටන්
නැෂනල් බැංකුව යොදාගෙන පවතින
නීතිමය තත්ත්වය යටතේ මෙම අත්පත්
කරගැනීම සඳහා හැරී ජයවර්ධන විසින්
ආරම්භ කර ඇති මෙහෙයුම සම්බන්ධව
අදහස් දක්වන ව්‍යාපාරික ආරංචි මාර්ග
පෙන්වා දෙන්නේ නවලෝක රොහලේ
වත්කම් ප්‍රමාණය බිලියන ගණනක්
බවය.
නවලෝක රෝහල විසින් ඉදිකිරීම්
සඳහා ලබා ගත් රුපියල් කෝටි 35කට
ආසන්න මුදල කොවිඩ් සමයේ දී ගෙවා
ගත නොහැකි වීමත් සමග ඇති වූ
තත්ත්වය මත එය එම ණය මුදල කෝටි
64 තෙක් ඉහළ යෑම හේතුවෙන් රෝහල
බැංකුවට සින්න වූ බව වාර්තා වේ.