මෙරට සංස්කෘතිය සහ ආගම දහම ආරක්ෂා කිරීමේ වගකීමක් තරුණ දේශපාලනඥයෙකු ලෙස තමන්ට ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ඒ මහතා මේ බව සඳහන් කළේ, මහනුවර දළදා මාළිගාව වැඳපුදා ගැනීමට පැමිණි අවස්ථාවේදීයි.
එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අනුගමනය කළ ආගම දහමට සංස්කෘතියට මුල් තැන දීමේ ක්‍රියාපිළිවෙල තවදුරටත් අනුගමනය කරන බව ද එහි දී ඔහු කියා සිටියා.
කෙසේ වෙතත් එය දේශපාලනීකරණයක් ලෙස ඇතැම් පිරිස් හඳුන්වන බවයි නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළේ.
ඉන් අනතුරුව ඒ මහතා මල්වතු මහා නායක ස්වාමීන්වහන්සේ, දිවුල් කුඹුරේ නායක ස්වාමීන්වහන්සේ, නියංගොඩ අනුනායක ස්වාමීන්වහන්සේ සහ අස්ගිරි මහනායක හිමියෝ මෙන්ම අනුනාහිමිවරු බැහැදැකි ආශීර්වාද ලබාගත් බව සඳහන්.
ඉන්පසුව ශාන්ත අන්තෝනි දේවස්ථානයට පැමිණ ආශීර්වාද ලබාගත් නාමල් රාජපක්ෂ මහතා කටුකැලේ හින්දු කොවිලට පැමිණීම ආශීර්වාද ලබාගත්තා.
රාජපක්ෂ මහතා ඇතුළු පිරිස කටුකැලේ ජුම්මා මුස්ලිම් පල්ලියට පැමිණ එහිදී ද ආශීර්වාද ලබා ගැනීමටයි කටයුතු කළේ.