එදා අග්‍රමාත්‍යවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ 2020 වසරේ ණය බරින් රට නිදහස් කිරීමට කටයුතු කරන බවට සඳහන් කළ ප්‍රකාශය මේ වන විට 2047 දක්වා ගොස් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාප්පක්ෂ පවසනවා.
මහින්ද රාප්පක්ෂ ජනාධිපතිවරයාගෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරය භාරගන්නා අවස්ථාවේ දකුණු ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන ආර්ථිකය ලංකාව වූ බවයි ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
පොලී අනුපාත හා විරැකියා ප්‍රතිශතය තනි ඉලක්කමකට තිබූ බවත් ඉන් අනතුරුව යහපාලන ආණ්ඩුවෙන් පසු ගෝඨාභය රාප්පක්ෂ ජනාධිපතිවරයට භාර ගැනීමට සිදුවූයේ 2% කට වඩා අඩු ආර්ථික වර්ධන වේගයක් සහිත රටක් බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
සංවර්ධනය නොකර ජාතික සම්පත් විකුණමින්, එහෙත් ISP ණය ලබාගත් ආර්ථිකයක්ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයට භාර ගැනීමට සිදුවූ
බවත්, මහින්ද රාප්පක්ෂ ලබාගත් හැම ණයකටම සාධාරණීකරණයක් සිදුකළ බවත්, ඒ හැම ඩොලරයකට මහ පොළවට වටිනාමක් ලබාදුන් නමුත් යහපාලන ආණ්ඩුව ලබාගත් ණයවලට මහ පොළවට කිසිඳු වටිනාමක් ලබා නොදුන් බවද ඔහු සඳහන් කළා.
සංචාරක ව්‍යාපාරය කඩා වැටීමට පටන් ගත්තේ
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයත් සමඟ වන අතර එයට යහපාලන ආණ්ඩුව වගකිව යුතු බවත්, ඔවුන් රට වැට්ටවීම නිසා කොවිඩ් වසංගතය හා පැමිනි ආර්තික අවපාතයට මුහුණදීමටද නොහැකි තත්ත්වයට ආර්ථිකය පැමිණි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කලේ.